දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි යැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති බත්තරමුල්ල ‘අපේගම‘ දී අද (29) පැවසීය.
ජාතික ශිල්ප සභාවේ ජාතික සම්මාන ප්‍රධානෝත්සවයේදී ඔහු මේ බව කීවේය.
‘දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. හැබැයි එසේ කිරීමෙන් ඇඹරෙන්නේ මම නෙමෙයි. ඒවා කරන අයමයි. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ. කිසිවකුටත් නිරුවතින් පාරේ යන්න ඉඩදෙන්න බෑ‘






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවුද පාරෙ නිරුවතින් ගියේ? අනේ අපිට නම් රුපියල් 35000 ඒවා නැහැ ඕවට යන්න. (නි)
දවස ගානේ කී දෙනෙක් අනතුරු වලින් පාරේ ජීවිත හැරයනවද? ඇයි ඒවා ගැන කතා නොකරන්නේ? (නි)
මම නම් කියන්නේ සීගිරි ලඳුන් ගැනත් අමුතුවෙන්ම සිතාබැලිය යුතුයි (නි)
අනේ මන්දා දැන් මේ ප්‍රශ්නයට මොනවා කරන්නද කියලා (නි)
ජනාධිපතිතුමනි, ඔබතුමා සංස්කෘතික ප්‍රශ්නයන් ගැනත් අවධානය යොමුකිරීම ගැන සතුටුයි. එහෙත් ඔබතුමා අවධානය යොමු කළයුතු තවත් ප්‍රධාන ප්‍රශ්න රැසක්ම තිබෙනවා (නි)
මෙච්චර රටේ දැවෙන ප්‍රශ්න තියාගෙන එන්රික්ට විසිකරපු යට ඇඳුම ගැනම පමණක් කතාකරලා වැඩක් නැහැ. (නි)
කවුරු මොනවා කිවුවත් මෙතුමා කියන එක හරි (නි)
ඔය වැඩේ සංවිධානය කළේත් ඉතින් රජයේ ප්‍රභලයන්ගේ ප්‍රසාදයට ලක්වුණ අයමනේ! (නි)
රටේ තිබෙන ලොකුම ප්‍රශ්යෙ ඕකද දැන්. ඔය යට ඇඳුම විසිකරපු එකද? ඕවා නෙමෙයිනේ අද රටේ තිබෙන ප්‍රශ්න. (නි)
අනේ දෙයියනේ! රටේ හැම දවසකම කාන්තාවක්, ගැහැණු දරුවෙක් දුෂණය වෙනවා. නැත්නම් මරනවා. ලංකාවට මරණ දඬුවම ගේනවා කියලා කිවුවත් දැන් ඒවා මතකත් නැහැ (නි)
වහාම මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්න (නි)
මේ අද කාලේ සමහර තරුණ ළමිස්සියන් තියා ඒගොල්ලන්ගේ අම්මලාවත් හදන්න බැරි තරමට රට පිරිහිලා. ඒ නිසා ඉදිරියට ඉපදෙන්න ඉන්න දරුවන් ගැනවත් සිතා යමක් කරන්න උත්සාහ කරනු මැනවි. (නි)
දැන් තිබෙන එකම ප්‍රශ්නය මේකද ඇත්තට? මේවා කොයි කාලේ ඉඳලාද තිබුනේ? (නි)
දුමින්ද කියන දේ ගැනත් හිතන්න වෙනවා තමයි (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මැද මාවතේ ගමන්කළ සහ ගමන්කරන පක්ෂයක් බව බොහෝ දෙනෙකුට අමතකව ඇති හැඩයි (නි)
අපේ වීරෝධාර රජ පරපුර අපිට දායාද කළ අවුරුදු 2500 ක උදාර වූ ඒ සංස්කෘතික උරුමය හැරුණුකොට අපේ සංස්කෘතිය මේකයි කියලා පෙන්වන්න අපිට මොනවාද තියෙන්නේ? (නි)
එතකොට ඔබතුමාට විල්පත්තු විනාශය නොපෙනෙන්නේ එය දේශීය වටිනාකම් සහිත කාරණාවක් නොවන නිසාද? (ම)
ඉතින් නිරුවතින් යන්න බැරි එකට නීතිය කොහොමත් තියනවනේ. තනපටි වීසිකරන එකට විරුද්ධව නීති ගෙනෙන්න පුලුවන්ද? (නි)
ඔබතුමා හරි. ඕනෑදෙයක් කරගන්න කියලා නිකන් ඉන්න නෙමෙයි රටේ නායකයා ඉන්නේ. බහුතරය ඔබේ තීරණයට එකඟයි. (නි)
මේවා මහා දේවල් නොවුණත් හැදෙන ගැහැණු ළමයින්ට හොඳ පුර්වාදර්ශ නෙමෙයි. (නි)
මුදල් ඉපයීම සඳහා බටහිර රටවලට යන සමහර අපේ අය මව් රටේ සංස්කෘතිය අමතකකර, බටහිර සස්කෘතිය වැළඳ ගැනීම කණගාටුවට කරුණක්. ඔබේ අදහසට ගරු කරමු. (බ)
පහුගිය ජනවාරි 8 දා ඔබතුමාගේ පිටිපස්සෙ හිටි අයම තමයි මේ තනපටයක් අල්ලා ගෙන ගහන්නෙ ජනාධිපති තුමා! (බ)
රටේ සංස්කෘතිය රැකගන්න ඔබතුමා ගන්නා මේ වෙහෙසට අපේ ප්‍රණාමය! (නි)
ඔබතුමාත් දැන් ෆේස්බුක් එකේමද? (බ)
මේ රටේ සංස්කෘතිය පිරිහිලා ගොඩක් කල් (නි)
ඔව් ඒක හොඳයි. එත් මීට වඩා ලොකු ප්‍රශ්න ගැනත් හිතන්න ඕනේ. (ර)
කවුද කෙනෙක් කියනවා රටේ නායකයා මෙවැනි දේට අතදාන එක හරි නැතිලු. අතීතයේ සිට වර්තමානය දක්වා මේ සමාජයේ පිරිහීම් දිහා බැලුවොත් මේවට වගකිවයුතු බලධරයෝ තමන්ගේ මුනිවත රැකගන්න අඩනින්දේ හිටියා මිස එයින් රටට වෙන අයහපත ගැන හිතුවේ නැහැ. එහෙව් එකේ රටේ නායකයාවත් මේ ගැන අවදියෙන් ඉන්න එක මුළු ජන සමාජයටම යහපත් වේවි ඉදිරි අනාගතයේදී. (නි)
බටහිර විලාසිතාවන් ඔලුවට ගහපු සුඵ පිරිසක් ලංකාවෙි ජිවත් වෙනවා මෙම පිරිස නිසි මගට ගත්තේ නැත්නමි රටෙි අනාගය භාරගන්න ඉන්න පරපුර බෙිරා ගැනිමට නොහැකි වෙනවා ඒ නිසා ජනපතිතතුමණි ඔබගේ තිරණයට ලංකාවට ආදරය කරන ජනතාව ඔබ සමග ඉන්නවා. (ර)
කතාවෙන් නොව ක්‍රියාවෙන් කර පෙන්වන්න. මොකද ඔබතුමා බොහෝවිට කතා කරනවා පමණයි අපි දකින්නේ. (ර)
අපි ඔබත් සමගයි. (ර)
රටේ ප්‍රසිද්ධ ධනපතීන් නත්තල් සාද වල අඩනිරුවතින් නලගණන් යෙදවීම නැවැත්විය යුතුය (කෞ)
නියමයි. හැම දේකම සීමාවක් තියෙනවා. මේ රට පාලනය කල යුත්තේ වල්මත් වූ අය නොවේ. එහෙම අය ඉන්නවානම් වෙන රටකට යන්න කියමු . (කෞ)
මෙන්න නියම නායකයෙක්! (කෞ)
අපේ රටේ සන්ස්කෘතිය ගැන දැන ගන්න මුලින්ම.(කෞ)
ගොඩක් දෙනා මේ අහිංසකයන් සංගීත සංදර්ශනයේ විනෝදවුණ එකට විරුද්ධව කෑ ගසනවා. ඒත් ලොක්කන්ට මැති ඇමතිවරුන්ට එක විදියක්. සාමාන්‍ය ජනතාවට තවත් විදියක් (නි)
නිරුවත කියන එක රටින් රටට සාපේක්ෂයි. පැරිසියේ ෂර්ට් එකක් නැතුව උඩුකය නිරාවරණය කරගෙන සිටීම නීතිවිරෝධියි. නමුත් අපේ රටේ ඕනෑතරම් එහෙම ඉන්නවා. ඒ වගේම රජයට විරෝධය දැක්වීම පිණිස සමහර අවස්ථාවල ප්‍රංශ ලඳුන් නිරුවතින් පෙළපාලි යනවා. ඒ සියල්ලම විශේෂ අවස්ථාවල සිදුවන දේවල් මිස සාමාන්‍ය සිවිල් සමාජයේ කිසිම රටක කිසිවෙක් නිරුවතින් මහපාරේ යන බවක් මම නම් අසා නැහැ. පිටරටවල තිබෙන සමහර සංස්කෘතික සාරධර්ම අපිටත් වැඩිය ඉහළ ඒවායි. සමහර ඒවා අපිට නොගැළපෙනවා යැයි අපිම උපකල්පනය කරගන්නා ඒවායි. කෙසේවෙතත් මේ යන විදියට අපේ රට අයාලේ ගියොත් අපි කොහෙන් නවතීවිද කියලා හිතාගන්න අමාරුයි. (නි)
රටක සියලු දෙයට රාජ්‍ය නායකයා මැදිහත් නොවිය යුතුය (බ)
දෙයක් වුණාට පස්සේ කතා කරනවාට වඩා එහෙම දෙවල් ඇති නොවන්න වැඩ කළොත් තමයි වඩාත් හොද...අපි ඔබතුමාගෙන් බලාපොරෝත්තු වෙන්නෙත් ඒ වෙනසයි (බ)
සීගිරි ලලනාවන්ට නපුරු කලක් උදා වේවිද (බ)
මේ ගායකයාට ගෙවූ විදේශ මුදලට වඩා විදේශ මුදලක් මෙම ගායකයා ගෙන්වීමෙන් අපට ලැබෙනවාද? (නි)
ඔය කියන අන්තර්ජාලයම නේද ඔබතුමා ඔතනට ගෙනෙන්න අතහිත සහ ගැම්ම දුන්නේත්. (නි)
ඒ වගේම ගෝනිබිලි ඇඳුමත් තහනම් කරන්න (බ)
ගමේ ජීවිතයක් ගතකළ අයට, නගරයේ සිදුවන බොහෝ දේ පිළිකුල් වුණත් නගරයේ ඉපිදී හැදී වැඩී, බටහිර සංස්කෘතිය භාෂාව ඉගෙනගත් නගරයේ කෙල්ලන්ට කොල්ලන්ට මේවා ලොකු දේවල් නොවේ. මෙහි හොඳ නරක තිබෙන්නේ බලන්නාගේ මානසික මට්ටම අනුවය. (නි)
ඔබතුමා අපට ආඩම්බරයක්. (බ)
මොකද මේ හැමෝම බටහිර රටවලට බනින්නේ මම ඉන්නෙත් බටහිර රටක (ජර්මන්) වල මෙහේ කවුරුවත් ඇදුම් නැතුව පාර යන්නේ (බ)
කොයි කාගේත් කතාව දෝලාවෙන් ගමන පයින්. (ර)
ඔබේ පුතා සහ බැණ පනස්දාහේ ටිකට් අරන් මේකට ගියද? නැද්ද? කෙලින් උත්තරයක් ඕනේ.(කෞ)
අනේ මන්ද මෙච්චර ලංකාවේ ප්‍රශ්න තියෙද්දී ඔබතුමා මේ බ්‍රෙෂියර් එකක් ඇදගෙන දගලනවා ... (අ)
කතාව හොදයි ක්‍රියා කිරීම ගැන තමා ගැටළු තියෙන්නේ.මේ වෙනකන් කිසිම දෙයක් වෙලා නෑ (ම)
ඔය කිසි දෙයක් ජනතාව විශ්වාස කරන්නේ නැහැ.කෝ ජනතා පොරොන්දු. (ම)
රටේ දැවෙන ප්‍රශ්න තියනවා කරුණාකරලා එවට වීසදුම් දීල ඉන්න. (ර)
මෙතන පොඩි පරස් පරයක් තියෙනවා. එත් ඇමරිකාව සහ බටහිර පැත්තේ යන විට ඔය දෙය වෙනවා. පිලිපීනයට අද මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. අපටම කියලා අපිට ගැලපෙන නීති රීති මාලාවක් අපිට නැත්නම් කියලා වැඩක් නැහැ. (ර)
ඔබතුමන්ගේ කථාව ඇත්ත. නමුත් මිනිස්සුම තමයි හැදෙන්න ඕන. කොහොම වුණත් ඒ වුණ දේ රටට කැලලක් (බ)
ඔබතුමා නායකත්වය දෙන ලංකාවේ ,ළමය් ඇඳුම් නැතුව නටුවේ අද විතරද ?....ඔබතුමාට ,ආණ්ඩුවට,බොහොම ආදරය කරන සුනිල් ලොක්කා තමා මේ සංස්කෘතිය පටන් ගත්තේ ...අනෙක සංවිධානය කළාට කව්ද කිව්වේ යන්න කියලා ,බලෙන් කාවවත් ගෙනිහිල්ලා නැහැනෙ ඔබතුමාගේ බැනාවත් ( ඩිෆෙන්ඩර් ) එවලා ද අරන් ගියේ (බ)
අත්තිවාරම සහ ගොඩනැගිල්ල අතැර තිබෙන න්‍යායාත්මක බැදීම හා සමාන හැදියාව චාරිත්‍ර මිනිසාගේ උසස් බව සහ පැවැත්ම තිරිසන් සතුන්ගෙන් වෙන්කර ඇත. මේවා නොදත් අන්දව සීමාසහිත අාසාවන්ට වහල්ව ගැතීව සමහර අයට මේවා තේරෙන්නේ නැහැ. ජාතියේ නායක තුමනි ඔබගේ නිවැරදි තීරණයක් උසස් ලෙස අගය කරමි. (බ)
ප්‍රසිද්ද තැන්වල මත් වතුර බීම තහනම් නේද? (ර)
මට නම් පෙනෙන්නේ කුඹුරේ නියරේ ඇවිද්ද වගේ නෙමෙයි (බ)
මෙතුමා කියන එක හරි. සංස්කෘතිය සදාචාරය නැත්නම් රටක පැවැත්ම මොකක්ද? (නි)
රටක සංස්කෘතියක් තිබිය යුතුයි. ජනාධිපති හෝ මැදිහත් වී සංස්කෘතියට තර්ජනයක් වන පිරිසගෙන් ළමා පරපුර රැකගැනීම පිළිබඳව සතුටු වියහැකිය (නි)
පුලුවන්නම් රූපවාහිනී නාලිකා වල යන වැඩක් නැති ටෙලිනාට්‍ය ටික නවත්වා දෙන්න. (නි)
ඔබතුමා හරි (නි)
අපි බලමු කියනවා වගේම කරනවාද කියලා (නි)