දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාළ සිදු කළැයි සැක පිට තවත් සැකකරුවකු ලබන 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි අවිස්සාවේල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඩී එම් ඒ සෙනවිරත්න මහතා නියෝග කළේය.
සැකකරු එදින හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිතය.
බුලත්කොහුපිටිය පොලීසිය සැකකරු අද කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් ටික ඇතුලට දාගෙන ඡන්දය කරන්නේ කොහොමද ? (නි)
මේ වාගේ අමනයින්ට දැඩි දඩුවම් දිය යුතුයි (නි)
දුමින්ද, දැරණියගල "සබරගමු දෙවියන්ගේ" අඩවිය. ඔබ සඳහන් කරන කට්ටිය ඔය කියන සබරගමු දෙවියන් විසින් මනාකොට සුරක්ෂිත කරන ලද්දාහුම යැයි සිතමි. (නි)
මෙම පුද්ගලයන්ට දේශපාලන බලය ලබා දුන් පළාත් දේශපාලකයන් ගැන කවුරුවත් කතා නොකරන්නේ මොකද ? මේ දේශපාලකයා දැන් මොකුත් නොදන්නා විදියට ඉඳගෙන යටින් උදවු කරනවා ඇති නේද ? (නි)
මෙයාලට අනුබල දුන් දේශපාලුවෝ ඡන්දත් ඉල්ලනවද? (නි)
අනේ ඉක්මනට මේ සියලු දෙනාම සගවපු අවි ආයුධ පෙන්නන්න රැගෙන යන්න. (නි)
නූරි වත්ත ඇමරිකන් ආයෝජනයක් සහිත ව්‍යාපාරයක්. ඇමරිකාවට තිබෙන බයට තමයි ඔය තරමටවත් නීතිය ක්‍රියාත්මක වන්නේ. (නි)
මේ ගොල්ලන්ට කිරි පෙවූ අය අද යහතින් වැජඹුනත් දෙවියන්වත් බලාගනීවි අර වැදගත් මිනිසාට කළ අපරාධය. (නි)
පිටිගල, විනොජ, කොයි දෙවියොද? (දී)
අත කොටා කෝ ?.(අ)
1979 නූරි කියලා හින්දි චිත්‍රපටියක් තිබුනා. ඒකේ කතාවත් හුගක් දුරට මේ සිදුවීම් වලට සමානයි. නූරි ජීවත් වුණ වතු යාය අයිතිවෙලා තිබුනේ මහීපාල් කියන ප්‍රභූවරයට . ඔහු නූරිව දුෂණය කරනවා. එනිසා නූරි සිය දිවි නසා ගන්නවා. නූරි වතු යායේත් තියෙන්නේ ඒ වගේම තමා බලයෙන් අයුක්තිය රජ කිරීමයි. (නි)
දෙවියන් බලාගනීවි. (ස)
මෙයාලට අනුබලදුන් දේශපාලුවෝ ,පොලීසියේ හතුරෝ (සබරගමු)තාම යහතින්නේ? (නි)
අත කොටා අර හංගපු දේ පෙන්නන්න අරන් යන්නේ කවදද? (නි)