IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නෝර්වේ විදේශ ඇමැති බ්‍රහස්පතින්දා ලංකාවට

නෝර්වේ විදේශ අමාත්‍ය බොර්ගේ බ්‍රෙන්දේ බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිතය.

නෝර්වේ විදේශ අමාත්‍යවරයකු ශ්‍රී ලංකාවට එනුයේ වසර 10කට පසුවය.

දෙරට අතර යළි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තහවුරු කර ගැනීමේ අභිප්‍රායෙන්  ශ්‍රී ලංකාවේ සංචාරය කරන  බ්‍රෙන්දෙ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර හා විපක්ෂ නායක ආර්.සම්බන්දන්   හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

2000 වසරේ මූලාරම්භයේදී නෝර්වේ රාජ්‍ය, ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර දේශපාලන විසඳුමක් සඳහා එකඟතාවක් වෙනුවෙන් සාම දූතයෙකු ලෙස මැදිහත්වීමෙන් පසු තාවකාලික සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වුවද එය 2002 වන විට බිඳ වැටුණි.

මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී ජනාධිපති ලෙස පත්වීමෙන් පසු නෝර්වේ සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දුර්වල විය.



අදහස් (0)

නෝර්වේ විදේශ ඇමැති බ්‍රහස්පතින්දා ලංකාවට

මහින්ද සෞදි Wednesday, 06 January 2016 06:29 PM

මෙයාලා ලැජ්ජාවක් ඇතුව කොහොමද දන්නේ නැහැ ආයෙත් එන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 January 2016 12:40 PM

කොටින්ට හරිම අනුකම්පාවක් දක්වපු කෙනෙක් නේද මෙයා? (බ)

:       0       0

විජිත් Wednesday, 06 January 2016 12:42 PM

ආවට කමක් නැහැ.හැබැයි..අයෙත් වතාවක් අපේ ප්‍රශ්න ගැන කතාකිරීම තහනම්.අපේ ප්‍රශ්න අපි අපිම විසඳා ගන්නම්. (අ)

:       0       0

විජිත් Wednesday, 06 January 2016 01:29 PM

ආවාට කමක් නැහැ.නමුත් අපේ ප්‍රශ්න වලට අත දමන්න තහනම්.අපි අපේ ප්‍රශ්න විසදාගන්නම්. (බ)

:       0       0

නාමල් Thursday, 07 January 2016 03:36 AM

නෝර්වේ කියන්නේ ලෝකයම ගරුකරන රටක්. ලංකාවේ මිනිසුන්ගේ නෝර්වේ විරෝධය දැක්කහම හිනා යනවා (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 06 January 2016 05:51 PM

ප්‍රවේශමෙන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site