නෝර්වේ විදේශ අමාත්‍ය බොර්ගේ බ්‍රෙන්දේ බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිතය.
නෝර්වේ විදේශ අමාත්‍යවරයකු ශ්‍රී ලංකාවට එනුයේ වසර 10කට පසුවය.
දෙරට අතර යළි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තහවුරු කර ගැනීමේ අභිප්‍රායෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රෙන්දෙ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර හා විපක්ෂ නායක ආර්.සම්බන්දන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
2000 වසරේ මූලාරම්භයේදී නෝර්වේ රාජ්‍ය, ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර දේශපාලන විසඳුමක් සඳහා එකඟතාවක් වෙනුවෙන් සාම දූතයෙකු ලෙස මැදිහත්වීමෙන් පසු තාවකාලික සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වුවද එය 2002 වන විට බිඳ වැටුණි.
මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී ජනාධිපති ලෙස පත්වීමෙන් පසු නෝර්වේ සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දුර්වල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ලැජ්ජාවක් ඇතුව කොහොමද දන්නේ නැහැ ආයෙත් එන්නේ. (නි)
කොටින්ට හරිම අනුකම්පාවක් දක්වපු කෙනෙක් නේද මෙයා? (බ)
ආවට කමක් නැහැ.හැබැයි..අයෙත් වතාවක් අපේ ප්‍රශ්න ගැන කතාකිරීම තහනම්.අපේ ප්‍රශ්න අපි අපිම විසඳා ගන්නම්. (අ)
ආවාට කමක් නැහැ.නමුත් අපේ ප්‍රශ්න වලට අත දමන්න තහනම්.අපි අපේ ප්‍රශ්න විසදාගන්නම්. (බ)
නෝර්වේ කියන්නේ ලෝකයම ගරුකරන රටක්. ලංකාවේ මිනිසුන්ගේ නෝර්වේ විරෝධය දැක්කහම හිනා යනවා (නි)
ප්‍රවේශමෙන්! (නි)