වැල්ලවත්තේ පීටර්සන් පාරේ නිවසකින් ක්‍රෝනර ලක්ෂයක් (රුපියල් විස් එක් ලක්ෂයක් පමණ) සහ රන් ආබරණ පැහැරගෙන ගියැයි කියන පිරිසක් සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කියයි.
එම නිවස හිමිකරු නෝර්වේ පුරවැසිකම ලබා සිටින ශ්‍රී ලාංකිකයෙකි.
ඔහු පැවසුවේ වසර නවයකට පසු තම පවුලේ සාමාජිකයන් 13 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණි බවයි.
අද අලුයම තුනට පමණ අවි පෙන්වා කොල්ල කෑ රන් බඩු ඇතුළු භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ පහනක් පමණ බව ඔහු කියයි.
මෙම කොල්ලය හොඳට සැලසුම් කර ඇති බව පෙනේයැයි ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පවුල ගැන යමක් දන්නා අය සම්බන්දයි වාගේ. (නදී)
තිරිසනෙකුට උනත් කරදරයක් සිදු උන විට ඒ ගැන සතුටු වන එකා මහම තිරිසෙනෙක්. (නදී)
අනේ මන්දා නිවාඩුවකට ලංකාවට එනකොට ඉන්න රටේ තොවිලයක් නටලා ආරක්ෂාවට නුල් බැඳගෙන එන්න වේවි වගේ.(නදී)
මමත් කියන්නේ මේ සම්බන්ධව නෑදෑයන් ගැන විශේෂ අවධානයක් යොමු කලොත් හොඳයි කියලා. ඒ මොකද අපි රට ඉඳලා නිවාඩුවට එනවා කිවොත් ඒගොල්ලන්ගේ නිවාස හදා ගැනීමේ ප්‍රශ්න, දරුවන්ගේ දෑවැදි ප්‍රශ්න , වාහනයක් නැති අඩුව ආදී ලක්ෂ ගණන් වැයවෙන අවශ්‍යතා රැසක් එක පාරටම මතු වෙනවා. ඒවා ඉෂ්ඨ කරන්න අපි ජීවිත කාලයම පිටරට කැඹුරුවත් මදි. (නදී)
අපේ ගමෙත් පිටරට ඉඳලා නිවාඩුවකට ආපු කෙනෙකුගේ ලැප්ටොප් එකේ සිට බැංකු කාඩ් පත් දක්වා සොරාගෙන ගොස් තිබුනා. අන්තිමට බලනකොට එයාගෙම නංගිගේ තරුණ පුත්‍රයා . මාමා පිටරට සිට එන බව දැනගෙන වැඩේ තව දෙන්නෙක් එක්ක සංවිධානය කරලා. හැබැයි ඉතින් නංගි කොහොම හරි කාරනාව ගොඩින් බේරා ගත්තා. උඩ බලාගෙන කෙල ගහන්න බැහැ යන තර්කය අයියාට කියලා. (නදී)
මම නම් එන්න බලාපොරොත්තුවක් නැහැ මේ වගේ අය ඉන්න රටකට. (නදී)
ස්ත්‍රී දුෂණ ,මංකොල්ල කෑම,සහ මිනි මැරුම් ,පිලිබඳ රජය තවමත් නිහඩ ඇයි ?(දිල්)
අසේල මෝඩ කතාවක් තමයි කිව්වොත් කියන්නේ (නදී)
කුඩු භාවිතය වැඩි වෙන විට අපරාධ වැඩි වෙනවා.(දිල්)
මේ තරම් විදේශ මුදලක් අවසර ඇතුවද රට ඇතුළට ගෙන ආවේ? රත්තරන් මේ තරම් ළඟ තියාගෙන ඉන්නකොට හා නෝර්වේහි පුරවැසිකම දී මෙහාට නිවාඩුවට එවනකොට අපිට යමක් හිතාගන්න පුළුවන් (නි)
විදේශයකට ගිහින් දහදුක් විදලා යමක් උපයාගෙන ආවම එ්කටත් විදින්න කට්ටිය බලාන ඉන්නවා. ඉතින් කොහොමද ලංකාවේ ජිවත් වෙන්නේ බයෙන් සැකෙන් තොරව. (නදී)
රට ඉදන් එන බව දන්නා, නෑදෑයන් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. (දී)
ආසියාවේ ආයිශ්චාර්ය කියන්නේ මේවට . නිවාඩුව ගතකරන්න ආවත් . නිවාඩුවක් නොවීම . (දී)
රුපියල් විසි එක් ලක්ෂය පවුලේ සාමාජිකයන් 13 දෙනාගෙන් බෙදුවහම, ගෙනාපු ගාන නීතියට පටහැනි නැහැ. එක්කෙනෙකුට ලක්ෂ දෙකකට කිට්ටු වෙන ගානක් වැටෙන්නේ. (නදී)
නොර්වේ අපේ හිතවතෙක් නොවේ. අපේ හතුරෙක්. උපන් රට පාවාදීලා ගන්න ඇති එහෙ පුර වැසි භාවය. මංකොල්ලකෑම් අනුමත නොකලත් මේක අනුමත කරමි. (දී)