ඡන්දදායකයන්ගේ ප්‍රශ්නවලට රහසින් සොයා බැලීම සඳහා සවස්වරුවේ කුලී රථ රියදුරකු සේ වැඩ කිරිමට නෝර්වේ අගමැති යෙන්ස් ස්ටොට්මන් තීරණය කරයි.
මිනිසුන්ගේ ජන ජීවිතය ගැන සැබෑ තොරතුරු දැනගැනීමට කුලී රිය හොඳ තැනක් බව අගමැති කියයි.
කුලී රියදුරු ඇඳුමකින් සැරැසී ලොකු අව් කණ්නාඩි පැළැද ගැනීමෙන් තමා කවුදැයි හඳුනාගත නොහැකි වන සේ එහි ගමන් කරන්නන් සමඟ කතා බහ කිරීම අගමැතිගේ උත්සාහයයි.
රියේ ගමන් කරන අය හා අගමැති අතර අදහස් හුවමාරුව වීඩීයෝ ගත කරන අතර තමා කවුදැයි අගමැති මඟීනට පවසනුයේ ගමනාන්තයේදීය.
ලබන සැප්තැම්බරයේ මහ මැතිවරණයටද ඔහුගේ මේ උපක්‍රමය උපකාරී වෙතියි කියති.
නෝර්වේ ඇගමැති වසර අටකින් වාහනයක් පදවා නැත.ඡන්දයෙන්ද ඔහු පසුපසින් සිටී.
ගජබා රජතුමාද රටවැසියන්ගේ දුක් ගැනවිලි සොයා බැලීමට වෙස් වළාගෙන ගිය බව ඉතිහාසයේ සඳහන් වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පාලකයන්ට ගොඩක් වැඩ තියනවනේ ජනතාව ගැන හොයන්ට කාලය නෑ, එනිසා ඔඋන්ට සමාව දෙමු (දී)
කරන්න කලින් කිව්වේ මොකටද දැන් ඉතින් සන් ග්ලාස් දාපු ටැක්සි ඩ්‍රයිවර කෙනෙක් දැකපු ගමන් කන්න නැ රස්සාවල් නැ කියල අදෝනා තියන්න ගනී (දී)
ලංකාවේ ගියා නම් ඇමතිලට ගෞරවය දිනා ගන්න තිබ්බා
ඔන්න ආදර්ශෙට ගන්න. (දී)
ජනතා සේවයට කැප උන අපේ නායකයන් වැඩි හරියක් යන්නේ උඩින් නේ (දී)
මෙන්න නියම වැඩ..... (දී)
මෙන්න නායකයෝ. අපිට ඉන්නේ රට ගසාගෙන කන අයනේ .
අපේ පාලකයෝ ඕව කරන්න ගියොත් , මිනිස්සුන්ගෙන් ගුටිකන්න වෙන්නේ , ජීවිතෙත් අනතුරේ ලබනපාර චන්දෙට ඉදිරිපත් වෙන්න වෙනේ , භාර්යාවට හෝ පුතාට (දී)
නෝර්වේ කට්ටිය ලෝකය පුරාම කරේ දෙබිඩි චරිත රගපාන එකම තමා. (ස)
මෙහෙ කළා නම්, පළවෙනි රවුම ටැක්සියේ, දෙවනි එක සුදු වෑන් එකේ. (අ)
බොහෝ යුරෝපා රටවල මැති ඇමති වරු වැඩි වශයෙන් ගමන් බිමන් යන්නේ සාමාන්‍ය ජනතාව සමග බසයේ හෝ දුම්රියේ.අපේ රට වල වගේ දැඩි ආරක්ෂාව උවමනා නැහැ.මොකද මේ අය ජනතා දේ පොළ සුරා කන්නේ ,කොමිස් ගහන්නේ ,වෙනත් නීති විරෝධී කටයුතු කරන්නේ නැති නිසා ඔවුන්ට බියක් නැහැ.අනතුරක් නැහැ.අපේ නායකයන්ගේ වගේ උද්ධච්ච කම් නැහැ.මොකද මේ අය උගත් නිසා. (දී)

ඕව චන්ද ගුණ්ඩු ,.ජනප්‍රිය වෙලා චන්ද දාගන්නයි (දී)
මේක දැකලා අපේ අයත් පිටුපස පැත්තේ "අපි ඔක්කොම රජවරු" කියලා එහෙම ගහගෙන ත්‍රීවීල් එකක්වත් එළවාගෙන යද්දී, රාළහාමි කෙනෙක් අතදාලා නැවැත්තුවොත් හරිම ජංජාලයක් වේවි (නි)
අපේ අගමැතිගේ කට පැටලෙනවා, කෙලින්ම අහු වේවි. (ස)
ලංකාවෙ නම් මිනිස්සුන්ට අසු නොවී බර කරත්තයකින්වත් යන්න වෙන්නේ නැහැ . පෙරගමන් රථ, අශ්වාරෝහක හමුදාව, වන්දිභට්ටයෝ, වීශේෂ ආරක්ෂක බලකාය ආදී සියලුම දෙනාත් වටේට යනවනේ. (නි)
හොද ක්‍රමයක් තමයි මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න (දී)