දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් දෙකක් මිලදීගෙන ඉතිරි රුපියල් දෙක ඉල්ලූ විට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිමහතාගේ බෙල්ලෙන් අල්ලා එළියට දමා ඇතැයි ඔහු පොලිසියට පැමිණිලි කර ඇත.
තමා මුහුණ පෑ සිද්ධිය විස්තර කරමින් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දමා තිබේ.
‘අද උදේ ටෙලිපෝන් සහ ඉන්ටනෙට් කාඩ් කීපයක් ගැනීමට පන්නිපිටිය හන්දියේ වෙළදසැලකට ගියෙමි. රු. 49ක් හා 99 ක් වටිනා ඉන්ටනෙට් කාඩ් වල ඉතිරි රුපියල් දෙක නොලැබුණි. ඒ පිළිබද විමසූ විට රුපියල් දෙක කව්රුත් නොඉල්ලන බව කියමින් ඔහු මගේ ඇගට ආවේය. රුපියල් දෙක මට වැදගත් බැවින් එය අවශ්‍ය බව කී පසුව පසුව ඔහු චණ්ඩි ස්වරූපයක් ආරෝපණය කරගෙන මට රුපියල් දෙක දුන්නත් මා ඔහුට පාරිභෝභික අයිතිවාසිකම් ගැන දේශනයක් දීමට ගිය නිසා ඔහුට නැවතත් මල පැන්නේය. මට වෙළද සැළෙන් පිටවන ලෙස තර්ජනය කළේය. මම වෙළදසැළ ප්‍රසිද්ධ ස්ථානයක් බවත් මාව බලෙන් එළියට දැමීමට ඔහුට අයිතියක් නැති බවත් ඔහුට මතක් කර දුනිමි. පසුව ඔහු මගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමීය. මම මහරගම පොළිසියේ පැමිණිල්ලක් දැමුවෙමි. පොලීසියේදී ඔහු හමු වීමට බලා සිටිමි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳසැල් හිමියාට පාඩමක් ඉගැන්විය යුතුයි (නි)
හැබැයි වෙළඳසැළ කියන්නේ නම් ඔහුට අයිති ස්ථානයක් (නි)
පොලිසියේදී ඔබට සාධාරණයක් ඉටුවේවි (නි)
ඉතිරි මුදල අරගෙන ආවා නම් ඉවරනේ! (නි)
ඇත්තනේ! ඉතිරි මුදල් දුන්නට පස්සේ මොකට දේශනා තියන්න ගියාද? (නි)
ආචාර්යතුමාට කරලා තියෙන වැඩේ වැරදියි. ඒ වුණත් ඒ මිනිහා රුපියල් දෙක දුන්නට පස්සේ මොකට දේශනා තියන්න ගියාද? අනික මහාචාර්යතුමා වුණත් කඩේ මුදලාලිට ඔබතුම තවත් පාරිභෝගිකයෙක් විතරයිනේ. කඩේ ප්‍රසිද්ධ ස්ථානයක් නෙමෙයි, ඒක මුදලාලිගේ දේපළක්. ඔන්න පාරට ඇවිල්ලා ඔය දේශනය තියලා මිනිහා බෙල්ලෙන් අල්ලලා තල්ලු කළා නම් හරි. මොකද මහපාර කියන්නේ ප්‍රසිද්ධ ස්ථානයක්.ඔබතුමාට ඒ මුදලාලි වෙනුවෙන් අපේ කණගාටුව! (නි)
මෙතුමා කළ දේ හරි (නි)
ලංකාවේ සදාචාරය මේකද? විනය, සදාචාරය, එකිනෙකා අතර ගරුකිරීම් මෙකී නොකී හැම දෙයක්ම ලැබෙන්නේ ගෙදරින් සහ පාසලෙනි. කොන්ක්‍රීට් බිල්ඩින්, යකඩ කණු දියුණුවේ ප්‍රතිඵල මේවද? මුදල් පමණක් සොයායන නව සමාජය මනුස්සයා මායිම් කරන්නේ නැත. අහෝ රටකට ගිය කල! (නි)
වෙළඳසැල් හිමියන් කවදාවත් ඉතිරි රුපියල දෙක දෙන්නේ නැත. එක සැරයක් හරි පාඩමක් ඉගැන්වීම හොඳයි (නි)
නිර්මාල් රංජිත් කළ දෙය නිවැරදිය. මම හිතන්නේ එවැනි චෝදනා වලට කටයුතු කිරීමට පොලීසියට බලය තිබිය යුතුබවයි. එය සිවිල් කරුණක් නිසා පොලීසියට කළහැකි දෙයක් නැත කියා නොසිට එවැන්නන් උසාවි ගෙනයාමට මඟක් ඇත්නම් එය කිරීම සදාචාරාත්මක වනු ඇත. (නි)
ගැලපෙන වචනය පාවිච්චි කිරීම ගැන කන්නන්ගරටත්, එය පල කිරීම ගැන ලංකාදීපයටත් ස්තුතියි. (කෞ)
මදැයි ඔයින් ගියා! (නි)
මේ වෙළඳසැල් හිමියා , ලබන වර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා අවශ්‍ය සුදුසුකමක් කරා , මේවා සුළු දේවල් අද කාලයේ , ඩිෆෙන්ඩර් එකකින් නොඋස්සා එලියට දාපු එක ලොකු දෙයක්. (ස)
ඉතුරු සල්ලිත් දුන්නා නම් තවත් දේශන පවත්වන්න යන්න ඕනෑ නැහැනේ (නි)
ඉතුරු සල්ලි නොදීම නම් බොහොම වැරදියි (නි)
අද කාලේ රුපියල, රුපියල් දෙක දෙන්නෙම නැහැ (නි)
මටත් ඔයවගේ සිද්දියක් උනා. කැම්පස් යන කාලේ. සීසන් ටිකට් එකෙන් බස් එකේ යන්න නැග්ගම කොන්ද මාව එලියට ඇදල දැම්ම. මාර ලැජ්ජාවක් තමයි මට උනේ දෙනෝ දාහක් ඉදිරියේ. (ස)
නිර්මාල් ..! මා ඔබගේ මතවාද නොපිළිගත්තත්, ඔබ ගේ ඒ විශිෂ්ට පෙනී සිටීම අගය කරමි.ඔබ පෙනී සිටියේ තමාට හිමි ඉතිරි මුදල් රුපියල ,දෙක වෙළෙන්දාටම අතහැර එන සමස්ත ලංකා නිවට පාරිභෝගිකයන් වෙනුවෙන්ය. ඔබට මගේ උපහාරය ..! පාරිභෝගික අධිකාරියේ ඇස් ඇරේවා ..! (ස)
ඔය කරපු දේ හරි.... " නිර්මාල්" ..තැන්ක්ස් බලමු , මොකද වෙන්නේ කියල... පරිබෝගිකයෝ සත්තු නොවෙන බව මේ මිනිස්සු දන ගන්න ඕනේ...අපි ලංකාව ට ආපු වෙලාවට මේවා ගොඩක් අත් දැකල තියෙනවා. (ස)
මහත්තයෝ මේක ලංකාව. ඔබතුමාලා ප්‍රර්ථනා කරන සාධාරණ, නීතිගරුක සමාජය තව බොහොම දුර. ලංකාව කාලයක් මැරයන්ට යටත්වුන රටක් බව අමතක කරන්න එපා. බලන්න මෙතන තව ටිකකින් ලියන අදහස්. කොම්පියුටරයක් තියෙන අය මෙහෙමනම්, කඩකාරයෙක්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? (ස)
එතුමා ආචාර්යවරයෙකු නිසා එම සිදුවීම ප්‍රසිද්ධ උනා. ඔය වාගේ සිදුවීම් තව කොපමණ පාරිභෝගිකයන්හට සිදුවනවා ඇද්ද.? (ස)
සිදුවියයුතු දෙයක්. (ස)
මටත් දවසක් ඔහොම වැඩක් වුණා. කඩකාරය මාරු සල්ලි නැහැ කියලා ටොෆියක් දුන්නා. එදා ඉඳලා මම කඩේ ඇතුළෙදීම ගණන් හදලා අතේ තියෙන ගානට බඩු ගන්නවා. එතකොට මට ඉතුරු සල්ලි දෙන්න කඩකාරයට ඕනෑ නැහැනේ. අපේ ආචාර්යතුමාත් ඕක කළා නම් බෙල්ල බේරාගන්න තිබුනා. රුපියල් දෙක සාක්කුවේ දාගෙන, කඩේ දේශනා ශාලාව කියලා හිතන්නේ නැතුව දොට්ට බහින්නයි එතුමාට තිබුනේ. එයාගේ දේශනයෙන් කඩකාරයා පාඩමක් ඉගෙනගත්තා කියලා එතුමා හිතනවද? (නි)
බෙල්ලෙන් නෙවෙයි අල්ලලා එලියට දාන්න තිබුනේ. (ස)
මේකට තමා ඉල්ලගෙන කනවා කියන්නේ. කොහොම උනත් ආචාර්යතුමා කියන දේ හරි. (ස)
මෙය මත්තේගොඩ සිට පිටකොටුව දක්වා දුවන බසයකි. බුලත් කහට පුරවාගත් කට සමග ඔහුගේ පිළිවෙලකට රැවුල වවා නැත. නමුත් නත්තල් තොප්පියක් මේ දිනවල පළඳියි. හැබැයි ඉතුරු කාසි නොදෙමින් යයි. හැබැයි නත්තලට පැමිණෙන ශාන්ත නිකොලොස් තුමාගේ තොප්පිය පළඳිමින් එතුමාටත් නිග්‍රහ කරයි. (ස)
කඩහිමියා එකහෙළාම වැරදිය. ඔහුට නීතිය අතට ගත නොහැක. ඔහු කළයුතුව තිබුනේ මෙතුමාට විරුද්ධව පැමිණිලි කිරීමය. (නි)
සමහර දියුණු රටවල ඒ ඒ ප්‍රදේශවල "පාරිභෝගික කමිටු" තිබෙනවා. සතියකට වරක් ඒ අය එක තැනකට රැස්වෙලා පසුගිය සතියේ තම බල ප්‍රදේශයේ වෙළඳ පොළවල්,කඩ සාප්පු ආදියේ සිදුවුණ අකටයුතුකම් ගැන සමාලෝචනය කරනවා. ඉන්පසු ඒ අය ඒ වැරදි කරන වෙළෙන්ඳාට විරුද්ධව යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. පළමු වතාවට අවවාද කරනවා. අවසානයේ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා අහවල් වෙළෙන්දාගෙන් භාණ්ඩ නොගන්නා ලෙස. අවසානයේදී වෙළෙන්ඳාට සිදුවෙනවා පාරිභෝගිකයා ඉදිරියේ සමාව ඉල්ලන්න තමන් කළ වැරැද්දට. අපිටත් කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් මේ ශ්‍රී ලංකාව! (නි)
වෙළෙන්ඳාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්, එහෙම නැත්නම් ප්‍රාදේශීය සභා සභාපතිකමක් ලබාදී හිතේ හැටියට පිල්ලි ගැසීමට ලයිසන් දීම සුදුසුයි කියා සිතමි (නි)
වෙළෙඳසැල් හිමියා දේශපාලඥයෙකුගේ ආරක්ෂකයෙක් වෙන්න බැරිද? (නි)
ඉතුරු සල්ලි දුන්නා නම් තවත් දේශන පවත්වන්න යන්න ඕනෑ නැහැනේ (නි)
ශිල්ප දැනගත්තට මදි, ශිල්ප පෙන්වන්න ඕනෑ තැන ගැන අවබෝධයක් තිබෙන්න ඕනෑ (නි)
මම දවසක් සුපර් මාකට් එකට ගිහිල්ල බඩු අරගෙන රුපියල් 1500 දුන්න.. ඉතිරි රුපියල් 5 දෙන්න ඕනේ මට. එත් 5ක් තිබුනේ නැති නිසා මට ටොෆි එකක් දුන්න.. මම කිවුව මට රුපියල් 5 ඕනේ කියල එත් උන්ට තිබුනේ නැහැ.. මම හොඳ වැඩක් කෙරුව.. ඊලග දවසේ වෙනින් කඩේකට ගිහිල්ල රුපියල් 5 ටොෆි 11ක් අරගෙන මාකට් එකට ගියා.. ගිහිල්ල පාන් එකක් අරගෙන ටොෆි 11 දුන්න.. කැෂියර් ට හොල්මන් .. මැනේජර් ට මම අභියෝග කෙරුව පුළුවන් දෙයක් කරන්න කියල.. ඌත් සද්ද නැතුව හිටිය.. පස්සේ මම කිව්වා මේක ගත්තේ නැත්තම් මම රිපොර්ට් කරනවා කියල.. අන්තිමට මම දිනුව. (ස)
මම දවසක් සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු අරගෙන රුපියල් 1500ක් දුන්නා. ඉතිරි රුපියල් 5 දෙන්න ඕනෑ මට. ඒත් 5ක් තිබුනේ නැති නිසා මට ටොෆි එකක් දුන්නා. මම කිවුවා මට රුපියල් 5 ඕනෑ කියලා. ඒත් තිබුනේ නැහැ. මම හොඳ වැඩක් කෙරුවා. ඊළඟ දවසේ වෙන කඩේකට ගිහිල්ලා රුපියල් 5 ටොෆි 11ක් අරගෙන මාකට් එකට ගියා. ගිහිල්ලා පාන් එකක් අරගෙන ටොෆි 11 දුන්නා. කැෂියර්ට හොල්මන්. මැනේජර්ට මම අභියෝග කළා පුළුවන් දෙයක් කරන්න කියලා. සද්ද නැතුව හිටියා. පස්සේ මම කිව්වා මේක ගත්තේ නැත්නම් මම රිපොර්ට් කරනවා කියලා. අන්තිමට මම දිනුවා (නි)
දුප්පත් අපිට උනානම් මෙලහට අත පය එල්ලන් රෝහලේ (කෞ)
කඩ හිමිය හරි කියල ඒ පැත්තට කතා කරන මිනිස්සු ඉන්න රටක් මේක. ඉතින් කොහෙද මේ රට හැදෙන්නේ. හැබැයි එයාලගේ බෙල්ලෙන් අල්ලපු දාට තේරෙයි. (කෞ)
මේ ආචාර්යතුමා පහුගිය කාලෙ ටිකක් කතාකරපු කෙනෙක් වගේ මතකයි. ඔය රුපියල දෙක නම් මට බස් එකේදිවත් ලැබුනෙම නැහැ. කාරණය ඒක නොවෙයි,ඒ අය මාරු සල්ලි නැහැ කියලාවත් කියන්න තරම් කරුණාවන්ත වෙන්නේ නැති එකයි. මම නිකමට ගණන් බැලුවා මේ අය දවසකට ඔයවගේ කීයක් එකතු කරනවද කියලා. අනෙක, කඩකාරයෝ කරන එකක් තමයි සීනිබෝල ටොෆි දෙන එක. දවසක් ගිරිඋල්ලේ "කෝප්සිටි" එකකින් මට රුපියල් 5 ක් වෙනුවට දුන්නේ ටොෆියක්.මම කිවූව ටොෆි කන්නේ නැහැ කියලා. එතකොට තමයි කිව්වේ මාරු නැහැ කියලා. කතාව දිග නිසා ඉතුරුටික නවත්වනවා. (නි)
මම දන්නා හැටියට වෙළඳ ආයතන පුද්ගලික ස්ථාන නොවේ. පර්බෝගිකයාට ගණුදෙනුව අවසනවෙන තෙක් එම ස්ථානයේ සිටීමට අයිතිවාසිකම් තිබෙනවා.එලියට දමන්න බැහැ.කඩයේ බලපත්‍රය දින කිහිපයකට අත් සිටුවීම් වැනි දඬුවම් දිය යුතුයි .(කෞ)
මහපාරේ යද්දී හොඳටම අවබෝධවෙනවා කිසිම විනයක් නැති ජන කොටසක් ඉන්න රටක් කියලා. හැබැයි ලොකු වාහනයකින් බැස්සොත් එහෙම දෙකට නැමෙනවා. කඩකාරයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. ආත්මාර්ථකාමී ජාතියක්. කොච්චර ගත්තත් සමහරුන්ට වගතුවක් නැත්තේ ඒකම වෙන්න ඇති. (නි)
වැඩිදෙනෙක් මෙතන තිබෙන යථාර්ථය තේරුම් ගන්න නොහැකිව මෝඩ කතා කියනවා. (නි)
ආචාර්යතුමා බස් එකේ යන්නේ නැහැ වගේ (නි)
කඩකාරයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ (නි)
රුපියල් දෙක වගේද දැන් කරදර වෙන්න වෙන තරම? (නි)
මාළුවා නහින්නේ කට හින්දලු. රුපියල් දෙකට අදකාලේ ඇමට දාන්න පණුවෙක් වත් ගන්න බැහැ. මැරුණම ගෙනියන්න පුළුවන් කියලනේ සමහරු හැසිරෙන්නේ. (කෞ)
සේපාල, රොෂාන්, හරි අපේ කට්ටිය කොච්චර ගොන් ද කියල හිතෙනවා. දාල තියෙන අදහස් බැලුවාම. කඩය පුද්ගලික ස්ථානයක් වෙන්නේ වහල තියෙනකොට විතරයි . ඇරියට පස්සේ එක පොදු තැනක්. මුදලාලියාට වැරදි කරන්න පුළුවන් නම්, එ්ක වැරද්දක් කියල පෙන්නන්නත් අපිට කොන්දක් තියෙන්න ඕනේ. මෙතන ඉන්න ගොඩක් අය නිසා තමයි මුදලාලිලා කොන්දොස්තරලා අපේ කරේ යන්නේ. (ස)
අයියෝ! මේ මොකද වුණේ? (නි)
නීතිය දන්නා නිසාත්, රටේ නම් දරාසිටින මහතෙකු නිසාත් ඔය වගේ නීතියෙන් කටයුතු කිරීමට ඉඩතිබුනත්, දුප්පත් කෙනෙක් රුපියල් 2 ඉල්ලුවොත් ගුටි කා හෝ එළියට ඇදදමා යන්න වෙනවා මිස වෙන නීතිමය පියවරක් නැත. (නි)
මේක ඉතින් ලංකාවනේ රංජිත් මහත්තයෝ (නි)
එහෙම ඉතිරි මුදල් නොදී සිටීම නම් වැරදියි තමයි (නි)
නිර්මල්ට පොඩ්ඩක් වැරදිලා වගේ.ඔය යහපාලන කතා මුදලාලිගේ කඩේ ඇතුලේ නොවේ කඩයෙන් එලියට බැහැල තමා කොරන්න ඕන. (කෞ)