මතුගම සපුගස්වත්තේ රිය අනතුරකින් පසු බරපතල ලෙස තුවාල ලැබූවන් රෝහලට ගෙන යෑමට සෑහෙන වෙලාවක් යන තුරු පාරේ ගිය කිසිම වාහනයක් උදව්වට පැමිණ නැත.
තුවාලකරුවන් පාරේ දිගා වී සිටියදී එදෙස බල බලා ගිය වාහන බොහෝය.
මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා එතැන සිය වාහනය නවත්වන වින එක් අයකු මිය ගොස් සිටි බව දුටුවේය. තම වාහනයේ ආසන වහා ගලවා තුවාලකරුවන් සියලු දෙනාම රෝහලට රැගෙන යාමට උපදෙස් දී ඔහු එතැන නතර විය.
මේ අතර ඇමැතිවරයකු රැගත් වාහන පෙළක් පොලිස් සයිරන් නලා හඩවමින් එතැන පසු කර ගියත් වාහනය නතර නොකළ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්මල මහතා වැනි දේශපාලකයින් 10ක් ලංකාවට හිටියොත් කොතරම් අගනේද? (නි)
නමත් නිර්මලයි, චරිතෙත් නිර්මලයි (නි)
නිර්මල මනුස්සත්වයේ හස්තය දිගු කරන විට තවත් අනිර්මල අමනුස්සයෙක් ඒ දෙස බලමින් පලා යයි (නි)
ඔබ අපටද ආඩම්බරයකි, ඔබට බොහෝ පින් !(නදී)
ලොකු තනතුරු දැරුවට, සල්ලි තිබුනට මනුස්සකම හැමෝටම නැහැ කියලා මේ ඇමතිතුමා පෙන්නලා දුන්නා. ඔබතුමා කළ පින ඔබතුමාට ලැබෙනවා නිසැකයි. ඔබට ජය හා සතුට ! (නි)
ආ...ඔය නලා ගහගෙන ඔතනින් ගියේ මොන ඇමතිතුමාද කියලා අපි දන්නවා (නි)
හරිම කැතයි වැඩේ. මේවගේ සිදුවීම් පිටරටවල උනත් ලංකාවේ උනේ නැහැ මීට කලින්. නිර්මල කොතලාවල ඇමතිතුමාට මගේ ප්‍රණාමය!(නදී)
වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද...,දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත!!!! කොතලාවල මැති තුමාට ගොඩක් පින් අයිති වේවා .(නදී)
නිර්මල කොතලාවල කියන්නේ නියම මහත්මයෙකි. කවුද එතනින් ගිය අනිත් මහත්තයා ඔහු නොදුටුවා නොවේද ?(නදී)
මනුස්සකම ඔබතුමාව තවත් ඉදිරියට රැගෙන යනු ඇත. ආගම දහමට තැනක් නැති රටක ඔබතුමා වැනි අය දුර්ලබය ඔබතුමාට තෙරුවන්සරනයි.(නදී)
නිර්මල ඇමතිතුමා තාම ජනතාව සමග ගැවසීම ගැන සතුටු වෙනවා. දිගටම මෙහෙම එතමා ක්‍රියා කළහොත් කළුතර පළමු මනාපය ලැබේවි.(නදී)
මෙය වෙන කිසිවක් නොව තම තමන්ගේ බුද්ධි මට්ටම් වල ස්වරූපයයි. (නදී)
නුඹ රටට හොද ආදර්ශයක් ඇමතිතුමනි.(නදී)
ඔබට මගේ ප්‍රණාමය! (නි)
ඇමති තුමාට මගේ ප්‍රණාමය..!!(නදී)
ඔබ තුමා මතු බුදු වේවා!(නදී)
අඩුම ගන්නේ මෙහෙමවත් දෙයක් කරපු ඔබට පින් ලැබේවා.(නදී)
දේශපාලකයින් හරියට රන් මාල දාපු කටුස්සෝ වාගේය (නි)
මෙවැනි මහත්මාගති තියෙන අයයි දේශපාලනය කල යුත්තේ.(නදී)
නිර්මල ඇමතිතුමා නමේ හැටියට වැඩ කරන කෙනෙක්. අර සයිරන් ගහගෙන ගිය කෙනාගෙත් නම දාන්නකෝ.(නදී)
වාහන නවත්වන්නේ නැතුව යන්නේ මනුස්සකම නැති නිසාම නොවෙයි. නීතිමය ගැටළු නිසයි. (නි)
ඇමති කොතලාවල තුමනි, ඔබ කල සේවය අගයමි. එහෙත් අන් අයගේ ක්‍රියාවන් ඔබතුමාගේ ඇසින්ම දුටුව එක ගොඩක් වටිනවා. ඉන්දියාවේ මිනිස්සු වගේ අපේ අයත් හුරුවෙගන එනව වගේ අන් අයට උදව් කිරීමේ පෙරමුණ උන්නේ ශ්‍රී ලාංකිකයෝ. මිනිසුනේ හොද දේවල් ජීවිත මගේ බිම හලලා යන්න එපා. හොද දේවල් ජීවිත මගෙන් අහුලන් පලයල්ලා තමන්ගේ ඉදිරි පරපුර වෙනුවෙන්.(නදී)
ඔබේ නිහතමානී ජනතා සේවය සැමදා ජනතාවාදී පිරිසිදු දේශපාලනය රටේ උසස් තැනකට පැමිණීම ෂුවර්. ඔබට අපි කවදත් කැමති එකයි. මැතිතුමනි..(ස)
කව්රුවත් උදව්වට එන්නේ නැත්තේ උදව් කරපු අයව උසාවීයේ සාක්කිකාරයන් කරගන්න නිසානේ [මමත් නඩුවාර 3කට ගිහිල්ලා තියනවා අනතුරකට ලක්වුණ ලෙඩෙක්ව රෝහලට මගේ වාහනයෙන් ගෙනිහිල්ලා] (නි)
කොහොමත් නිර්මල කොතලාවල මහත්තය හිත හොද මනුස්සය එතුමාට ජේසු පිහිටයි.(නදී)
මේවා හොඳ නිදසුන් අපිට. අමනුෂ්යන් අතර හොඳ මිනිසුන් සිටිනවා. ඇමති නිර්මල කොතලාවල හොඳ හදවතක් තිබෙන මනුස්ස කම දන්නා කෙනෙක් බව ඔප්පු උනා. ඇමති තුමනි ඔබට අපගේ හද බැඳී ගෞරවය පිරි නමමි.(නදී)
දෙමවු පියන් ඔහුට දායාද කල ගුනවත් කමක් ඉස්මතු වු අවස්තාවක්. (නදී)
තමන් යන්නෙත් ජනතාව බඩට නොකා ඉනට නොඇද අරන් දුන්න වාහනවල කියලා මතක එක ඔලු ගෙඩියද ලංකාවටම තියෙන්නේ? ඕකට තමයි කියන්නේ අවවාදයට වැඩිය ආදර්ශය උතුම් කියලා. ඇමතිතුමා, ඔය පාඩම ඉතුරු 224 ටත් උගන්නන්න (නි)
කලාතුරකින් දේශපාලනඥයෙක් ගැන හොදක් අහන්න ලැබුනේ. අපි අගය කරනවා ඔබ තුමාගේ එම ක්‍රියාව. සයිරන් ගහගෙන පිම්මේ යන්නේ ඔය පෙරකළ පිනෙන්..ඒක ඉවර වුනදාට යන්න වෙන්නේ සුනඛ සෙය්යාවෙන් බව අතීතයේ වුන දේවල් බැලුවා නම් ඕනෑ කෙනෙකුට තේරේවි... (නි)
නිර්මල කොතලාවල මහතාණෙනි ඔබට ස්තුතියි. අපේ බැංකු කොතලාවල මහත්තයත් කී දාහකට මේ වගේ උදව් කළාද? (නි)
නමක , පරම්පරා උරුමයක , ඉපදුනු තැනෙහි වැදගත්කම නොවේද මොහු පෙන්නන්නේ? කොතලාවල නාමයට මිනිසුන් කවදත් ගරුකරනවා. අපිට ඕන මේ වගේ නායකයින්. (නි)