ශ්‍රි ලංකා නාවික හමුදා ඇරෝ යාත්‍රා සෙඩ්රික් යාත්‍රා නමින් හැදින්වීමට යයි.
නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝනයේ සම නිර්මාතෘ දිවංගත කමාන්ඩර් සෙඩ්රික් මාර්ට්න්ස්ටයින්ට උපහාර ලෙස මේ තීරණය ගෙන ඇත.
පසුගිය ඔක්තෝම්බර් 05 වැනිදා ඔහු 70 වියට එළෙඹියේය.
ඔහුට උපහාරයක් ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ උපදෙස් මත ඇරෝ යාත්‍රා සෙඩ්රික් යාත්‍රා වශයෙන් නම් කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
නාවික හමුදාපතිවරයා සහ සෙඩ්රික් මාර්ට්න්ටයින් යන මහත්වරු 1993 වසරේ ඔක්තෝම්බරයේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය ස්ථාපිත කළහ.
මේ බලඝනය පිහිටවීමට මහා බ්‍රිතාන්‍ය රාජකීය විශේෂ යාත්‍රා බලඝනය හා එක්සත් ජනපදයේ සීල් විශේෂ යාත්‍රා ඒකකය පදනම් වූ බවද නාවික හමුදාව සඳහන් කරයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සදා අමරණීයයි සර්. පුලුවන්නම් මේ රණවිරුවා සහ ඔහුගේ පුතා පිළිබඳ ලිපියක් පළකරන්න. (නි)
කොතරම් අභිමානවත් ජාතියක්ද අපි ,දැනෙනවා සියුම් ආඩම්බරයක් සිතට ,හොර තක්කඩි දේශපාලුවො නිසා පුද්ගලයා සහ සමාජය විනාශ වෙමින් පවතිනවා (බ)
විශේෂ යාත්‍රා බලඝනයේ සම නිර්මාතෘ වුනාට මෙම කුඩා එරෝ බෝට්ටු මොහුගේ නිර්මාණයක් ද? මම අසා ඇති පරිදි මෙම කුඩා ඇරෝ බෝට්ටු හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ සංකල්පයක් සහ නාවික හමුදා ඉංජිනේරුවන්ගේ පරීක්ෂණ වලින් බිහිවුන පලයක්. මෙම කුඩා ඇරෝ බෝට්ටු බිහිවුනේ 4 වන වන්නි මානුෂිය මෙහෙයුමේදී බව මම අසා ඇත. මෙය වැරදිනම් මෙය ගැන දන්නා පුද්ගලයෙක් නිවැරදි කරන්න. (බ)
තමන්ට වැඩ රට ගැන හිතපු අභීත නිලධාරියෙක්. පුතා ගුවන් හමුදාවේ නියමුවෙක්. දෙදෙනාම රට වෙනුවෙන් දිවිදුන්න. මෙවැනි නිලධාරීන් නිසයි අපි යුද්දය ජය ගත්තේ. නැතුව තප්පුලන මීහරක් හින්ද නෙවේ. මේවගේ තවත් නිහඩ සේවයක් කරන නිලධාරීන් හමුදාව තුල නිහඩව ඉන්නවා.(බ)
මෙම යාත්‍රා නිසා කොටි ලොකු අමාරුවක වැටුනා. මෙවැනි යුධ උපකරණ අපේ රට තුළම නිපදවීමට කටයුතු කළයුතුය. පුලුවන් නම් කුඩා ප්‍රමාණයේ මීටර් 20-30 දක්වා කිමිදිය හැකි සබ්මැරින්, කුඩා ගුවන් යානා අපිම නිපදවීමට කටයුතු කළයුතුය (නි)