වෘත්තීම වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක වන ඇය නදීශා සුභාෂිනි සුබසිංහ, රංගනයට සහ නිරූපණයට ඇති කැමැත්ත නිසා ඇය මෙම ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වී තිබේ. ඇගේ කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ සඳහා මෙසේ පැවසීය.
ඔයාගේ නම කිව්වොත්?
රැකියාවක් කරනවාද? නැත්නම් නිරූපණය විතරද කරන්නේ?
මම දැනට සැලොන් එකක් කරන්නේ. ඊට අමතරව තමා නිරූපණය කරන්නේ.
ඒ කියන්නේ වෘත්තීමය වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක්?
හ්ම්.. ඔව්.
නිරූපණය කරන්නේ විනෝදාංශයක් විදිහටද?
මං ගොඩක් ආසයි නිරූපණයට. ඒකයි කරන්නේ.
කොයි කාලේද නිරූපණයට ආවේ?
දැනට අවුරුද්දක් විතර වෙනවා.
ක්ෂේත්‍රය ගැන පැහැදීමක් තියෙනවාද?
ඔව්, අනිවාර්යයෙන්ම. නැත්නම් මම තෝරගන්නේ නැහැනේ. මං හරි නේද?
නිරූපණය සඳහා දැන් ගොඩක් නවකයන් එකතු වෙනවා නේද?
අම්මෝ ඔව්, නිරූපිකාවන් වැහි වැහැලා. අපි කරන දේ හරියට හොඳ විදිහට කළොත් මං හිතන්නේ නැහැ කාගෙන්වත් වචනයක් අහගන්න වෙයි කියලා.
නිරූපිකාවට වටිනාකමක් හම්බවෙනවාද?
මං හිතන්නේ හොඳ නරක දෙපැත්තක් තියෙනවා. අපි දැනගන්න ඕනේ කරන දේ කාගෙන්වත් වචනයක අහන්නේ නැතිව ඒ වැඩේ හරියට කරන්න.
ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
මං නිරූපණයට වගේම රංගනයටත් ආසයි. ඉතිං බලාගෙන ඉන්නවා ආරාධනාවක් ලැබෙනකන්. හොඳ දෙයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ගොඩක් මහන්සි වෙලා කැපකිරීමෙන් ඒ වැඩේ කරනවා. මොකද මං හැම වෙලේම පළවෙනි තැන දෙන්න සල්ලිවලට නෙමෙයි. මං ආසාවෙන් කරන වැඩේට විතරයි.
ඒ කියන්නේ රංගන ශිල්පිනියක් වෙන්න හීන මවනවා?
අනිවාර්යයෙන්ම ඔව්.
කවුරු හරි මතක් කරන්න ඉන්නවාද? ඔයාට ක්ෂේත්‍රයට එන්න අත හිත දුන් අය?
අනිවාර්යයෙන්ම ඔව්, මගේ මුල්ම බ්‍රයිඩල් ෂූට් එක කළේ ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් සර්. කැෂුවල් ෂූට් එක කරලා මගේ කවර් ෆොටෝස් කළේ ශෙහානා පෙරේරා මිස්. එතැනින් එහාට ගොඩක් අය ඉන්නවා. දිමිත්‍රි සර් වගේම පුෂ්පෙ අයියා මට ගොඩක් උදව් කරලා තියෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිරූපණයට මෙන්ම රංගනයට කැමති නදීශා