නවක නිරූපිකාවක වන හිරෝෂිණි ගුණසේකර, නිරූපණය පිළිබඳ හදාරමින් නිරූපණ ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට සැරසෙන්නිය. ඒ පිළිබඳව ඇගේ අත්දැකීම් අප හා බෙදාහදාගැනීමට ‘සාරවිට’ සමගින් මෙලෙසින් සම්බන්ධ විය.
ඔබේ නම කිව්වොත්?
නම හිරෝෂනි රසාංගි සමරසිංහ ගුණසේකර. ඒ නම දිග වැඩිනිසා හිරෝෂිනි ගුණසේකර කියලා භාවිත කරනවා.
රැකියාවක් කරනවාද?
කළා. ඒත් දැන් නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා.
දැන් රැකියාව නිරූපණයද?
නිරූපණය රැකියාව කරගන්නවා කියලා අදහසක් නැහැ. මගේ කැමැත්ත එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න.
නිරූපණය කරන්න පටන් ගත්තේ කොයි කාලේද?
හරියටම පටන් ගත්තේ මේ ජනවාරි මාසයේ.
මොකද හිතෙන්නේ නිරූපණය ගැන?
හිතෙන හැමදේම කියන්න ගියොත් ඉවර වෙන එකක් නැහැ. මගේ අදහස නම් අපේ රටේ නිරූපණයට නිසි වටිනාකමක් තාමත් ලැබිලා නැහැ.
ඇයි එහෙම කියන්නේ හේතුව මොකක්ද?
එහෙම කියන්න හේතු විදිහට ගත්තොත් විශේෂයෙන් මෝස්තර නිරූපණය සඳහා පුළුල් මාවතක් විවර වෙලා නැහැ කියල මට හිතෙනව. ඒ වගේම නිරූපණය හදාරන්න කැමති අයට මගපෙන්වීමට ඉන්න නිසිපරිදි දැනුමක් ඇති ගුරුවරුන් අතළොස්සක් තමයි ඉන්නේ. ඔවුන්ට වුණත් අපේ රටේ ලොකු දෙයක් කරන්න හැකියාවක් නැහැ. මොකද අපේ රටේ දෙයක් කරන කෙනෙක්ට උදව් කරන අයට වඩා ඔවුන්ව අවහිර කරන අය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් කොහොමද තනි පුද්ගලයෙක් දෙයක් කරන්නේ. ඕනෑම දේකට අන්‍යයන්ගේ සහයෝගයක් අවශ්‍යයි. හැමෝම එකතුවෙන් ස්ථාවර තත්ත්වයක් ගොඩ නගනවනම් නිරූපණයෙන් ඉදිරියක් දකින අයට අමතර රැකියාවක් අවශ්‍ය වෙන එකක් නැහැ කියල හිතෙනව.
එයාර් හෝසටර් කෙනෙක් වීමට සූදානම් වෙනවාද?
විශේෂ සූදානමක් නැහැ. වරක් උත්සාහ කළා. කාලයක් පුරා හිතේ තිබුණ අසාවක් නිසා අවස්ථාවක් ලැබුණොත් දෙපාරක් හිතන්නේ නැහැ.
ඉදිරි බලාපොරොත්තු?
තවමත් මම නවක නිරූපිකාවක්. මෙරට නැත්නම් විදේශ ගතවෙලා හරි තවත් නිරූපණය හදාරන්න කැමැත්තක් තිබෙනවා. ඒ වගේම සිනමාව පැත්තෙන් කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. හැමදෙයකම ඉගෙනගන්න වෙනස් අත්දැකීම් ලබන්න කැමති කෙනෙක් මං. මට හැකියාව තියෙන හැමදෙයක්ම ටික ටික හරි කරන්න කැමතියි මැරෙන්න කලින්.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද ඔයාට අත හිත දුන් අය?
ඔව්. මගේ පවුලේ අය. යහළුවන්. ගුරුවරුන්. විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මූලික මගපෙන්වීම ලබාදුන් Brian kerkoven මගේ ගුරුතුමාට. fb එකේ මගේ යහළුවන්ට හා වචනෙකින් හරි මාව දිරිමත් කළ සියලු දෙනාට.
ඩිලාන් ක්‍රිෂාන්ත
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිරූපණය හදාරන්නට මගපෙන්විමට නිසි ගුරුවරු ඇත්තේ අතලොස්සයි