(නිමල් ජයරත්න)
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 29 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ අවසාන කණ්ඩායම අද (09) සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට පැමිණ 37 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තිබුණි.
මෙම පිරිස කොළඹ , හලාවත , කුරුණෑගල , පුත්තලම සහ මීගමුව යන ප්‍රදේශ වලට පිටත්ව ගිය බව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.
යුද හමුදා බස් රථ සහ පෞද්ගලික වෑන් රථ කිහිපයකින් මෙම පිරිස පිටත් කළ බවත් යුද හමුදාව පැවසීය.
විදෙස් ගත සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ මාසකෙට ආසන්න කාලයක් නිරෝධායනය වූ පළමු කණ්ඩායම මෙය වන බව එම හමුදා නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මෙම පිරිස දින 29 ක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනයට ලක් වුයේ වරින් වර මොවුන් සමඟ සිටි කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිරෝධායනය අවසන් කළ අවසන් කණ්ඩායම පිටව යති