දේශීය නර්තන ක්‍ෂේත‍්‍රයට පොපින් ඩබ්ස්ටෙප් (Popping Dubstep) නව නර්තන ශෛලියක් හඳුන්වා දෙමින් ඒ හරහා ඔහුගේම නර්තන වින්‍යාසයකින් කරළියට පැමිණි ඔහු මේවනවිට ‘පොපින් නිකුම්’ නම් අන්වර්ථ නාමයෙන් ප‍්‍රසිද්ධියට පත්වී ඇත. නමින් නිකුම් නිර්මාල් විමුක්ති පෙරේරා වන ඔහු තම නව නර්තන ශෛලිය හා ඔහුගේ කලා කටයුතු පිළිබඳ ‘රසවින්දන’ට අදහස් දක්වා සිටියේ මේ අයුරිනි.
‘‘පොපින් ඩබ්ස්ටෙප් (Popping Dubstep) නර්තන ශෛලිය 1960-1970 වර්ෂවලදී කැලිෆෝනියාවෙන් ආරම්භ වූ අතර මේවනවිට ලෝකයේ දියුණු රටවල ඉතාමත් ජනපි‍්‍රය නර්තන ශෛලියක් ලෙස පත්වී තියෙනවා. අපිට ඕන වුනේ ජාත්‍යන්තරයේ තිබෙන තරගකාරී නර්තන වින්‍යාසයක් ලංකාවට හදුන්වා දීමයි. ඒ අනුව 2006 වර්ෂයේ සිට අන්තර්ජාලය හරහා අපි මෙම නර්තනය ශෛලිය පිළිබදව ජාත්‍යන්තර නර්ථන ශිල්පීන්ව අනුගමනය කරමින් අධ්‍යයනය කටයුතුවලට නිරතවුණා. ඒ අතරතුර තමයි 2009-2010 වර්ෂවලදී ඉන්ටනැෂනල් නර්තන ශිල්පියකු වන සතිශ් හෙට්ටිතන්ත‍්‍ර ලංකාවට පැමිණ වැඩමුළු කළේ. එහිදී අපේ අඩුපාඩු හදාගැනීමට මනා පිටුවහලක් වුණා.

ඒ අනුව පොපින්, ඩබ්ස්ටෙප් හා ටටින් යන යන විවිධ ශෛලිය එකතු කරමින් මටම ආවේණික වෙනම ශෛලියක් ගොඩනගා ගැනීමට මට හැකිවුණා. මේ වනවිට ලංකාව තුළත් පොපින් ව්‍යාප්තවෙමින් යනවා. එහි ඉගැන්වීම් කටයුතු මා ඇතුලූ තවත් 5 දෙනෙක් තමයි මෙහි මූලිකව කටයුතු කරනවා. මේවනවිට අප අනුගමනය නර්තන ශෛලිය අනුගමනය කරමින් පුරුදු පුහුණුවන කණ්ඩායම්ද බිහිවෙලා තියෙනවා. මම මේවනවිට රාවතාවත්ත මධුර ඩාන්සින් ස්ටුඩියෝ නර්තන ආයතනයේ ඉගැන්වීම් කටයුතුවලද නිරත වී සිටිනවා.
මුලින්ම අපි පුරුදු පුහුණු වීම් කටයුතුවල නිරත වෙනකොට සමහර අය හිතුවේ අපිට පිස්සු, රස්තියාදු කාරයෝ කියලා. අද ඒ සැමටම අපිට පිළිතුරක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. අද ඔවුන් අපිව ආදරයෙන් වැළද ගන්නවා. මෙහිදී විවිධ විලාසිතා අනුගමනය කරමින් විවිධ චරිත අප තුළින් ඉස්මතු වුණත් නර්තන ශිල්පියාගේ ඇතුළාන්තයෙන් සිටින්නේ වෙනත්ම පුද්ගලයෙක්. සෑම රටකම සතියකට සැරයක්වත් ඩාන්සින් තරගාවලි දක්නට ලැබෙනවා. එය ලංකාවේ දක්නට නොලැබුණත් වර්තමානය වනවිට විවිධ ආයතන මගින් නර්තන තරගාවලි පැවැත්වෙනවා. එය සතුටට කරුණක්. ලංකාවේ පැවැත්වුණු IDS-2014 තරගාවලියෙන්ද Chalenge -2 තරගාවලියෙන්ද ජයග‍්‍රහණ ලබාගෙන තිබෙන අතර 2015 පැවැත්වූ Chalenge-3 තරගාවලියෙන් ශූරතාවද ලබා ගැනීමට හැකිවුණා.
2016 ජනවාරි මාසයේ සිට සිරස ඩාන්සින් ස්ටාර් අවසන් අටදෙනාට තේරුණු පිලිප් ජොයෙල් පීටර් සමග එකතු වී ''Life Is Dance Academy'' නමින් නර්තන ආයතනයක් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා. Aviator Colombo ආයතනය විසින් දෙසැම්බර් මස පවත්වනු ලබන ‘‘Battle Meania’’ තරගාවලියේ විනිශ්චයකරුවකු ලෙසද කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
මම පුද්ගලික ආයතනයක පරිගණක ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් කරනවා. ඉතින් නර්තනයයි රැකියාවයි සමබරව ගෙන යාමට සේවය කරන ස්ථානයේ සෑම සාමාජිකයෙන්ගෙන්ම ලැබෙන්නෛ් උපරිම සහයක්. මගේ එකම අරමුණ ලෝක නර්තන තරගාවලියකට සහභාගි විමයි.
https://www.facebook.com/PoppingNikum

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාග නැටුම් ලස්සනයි ලංකාවට අලුත් දෙයක් උනාට වෙන රටවල් වලට මේවා පොඩි දේවල් සුබ පැතුම් පොපින්ග් නිකුම්. (ර)
හිරාන් ට අලුත් දෙයක් වුනාට අනිත් මිනිසුන්ට නම් මේවා අලුත් දේවල් නොවේ සුබපැතුම් ඔයාට (බ)
ලංකාවේ නර්තනයට ගිය කලක් (ම)
නටලා කාලේ නාස්ති කර ගන්නේ නැතුව ප්‍රයෝජනවත් දේකට කාලය යොමු කළොත් නරකද කොලුවෝ (ම)
ඔබට සුබ අනාගතයක්.(හේ)
ඔයාට හොද ගමනක් තියනවා ලංකාවේ ලොකු වනසක් කරන්න පුළුවන් කෙනක් අපි ඔයාගේ වීඩියෝ බලනවා ඔබගේ අනගතයට සුබ පතනවා (බ)
ඔය දක්ෂයි කියලා දන්නවා ඔයාගේ හිතේ තියන පැතුම ඉටු වන්න කියලා ප්‍රර්ථනා කරනවා. සුබ පැතුම් පොප්පින්ග් නිකුම්. (ර)
මෙයාග වීඩියෝ බැලුවම පේනවා ලංකාව කරන්න යන වෙනස ගැන ඇත්තටම සන්තොසයි ඔය වගේ කෙනෙක් ලංකාවේ ඉන්න එක ගැන. සුබ පැතුම් ඔයාට.! (ර)
සමහර අදහස් දිහා බැලුවහම තේරෙනවා ලංකාවේ කොච්චර මෝඩ අදහස් තිබෙන අය ඉන්නවද කියලා (නි)
මොනවා හරි විෂ අල ජාතියක් කාල වගේ පේන්නේ! (බ)
උඩ තිබෙන සමහර අදහස් දැක්කහම පේනවා කොච්චර මිනිස්සු ඉන්නවද කියලා ඔලුව විකෘති වුණ. ඔයා යන ගමන යන්න දිගටම. සුබ පතනවා ඔයාට! (නි)
සේනත් අර මොනවද කාලා වගේ කතා කරන්නේ... (ර)
ඔයාගේ දක්ෂතාවයට සුබ පතනවා. අපිට ඔයාට කතාකරන්න විදියක් පුලුවන් නම් හදලා දෙන්න. සුබ ගමන්! (නි)
මේ කතාවේ තියෙන වීඩියෝ එක නම් නියමයි. ඒ කොල්ලා එන්නේ ඩිකියේ නේද ...? (ර)
කාලෙන් කාලෙට තාලේත් වෙනස්නේ (බ)
ඔයාගේ දක්ෂතාවයට සුබ පතනවා. (ස)
ඔයාගේ හිතේ තියන පැතුම ඉටු වන්න කියලා ප්‍රර්ථනා කරනවා. (ස)
ලංකාවේ ලොකු වෙනසක් ඇති කරයි වගෙ නර්තනයෙන්... සුබපැතුම් ! (අ)
ඔය වගේ නර්තනයක් ගීතයකට ගෙලපෙන්නේ නෑ.කොහොම උනත් හොඳ හැකියාවක්. (රේ)
සෙල්ලන්ද කොල්ලෝ? (අ)
එයාගේ හැකියාව රටේ ඉන්න අයට නොමිලේ කියලා දුන්නා නම් හොඳයි නේ? (ස)
ඔබගේ අනගතයට සුබ පතමි.! (ම)
අම්බලන්ගොඩ රූකඩ නැටුම් මතක් වෙනවා !! අනේ මන්දා (බ)
මාගේ සුබපැතුම්. (ර)