නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය අගොස්තු 20 වැනි දා සිට දින හතලිහකට වසා දැමීමට යයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නන්දන පතිරගේ මහතා ඒ බව කියයි.
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඇරැඹුවේ 2011 මාර්තු මාසයේදිය.
නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය අගොස්තු 20 වැනි දා සිට දින හතලිහකට වසා දැමීමට යයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නන්දන පතිරගේ මහතා ඒ බව කියයි.
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඇරැඹුවේ 2011 මාර්තු මාසයේදිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනගේ කොයි කොයි වැඩෙත් ඔය වගෙයි. ඉදිරියට එයාල කරපු ඔක්කොම වැඩ ගැන අපට අහන්න ලැබෙයි. මේ වගේ මහ අය ගත්තු කොමිස් විතරක් ඉතිරි වෙයි.(නදී)
මාර බලාගාරයක්.(නදී)
බන්දුල මහතා දැන් හෝදන්නේ කොයි පැත්තද? රජයද? විපක්ෂයද? (නදී)
නොරොච්චෝලේ කරච්චලය කවදා අවසන් වේවිද? (නි)
එහෙම නම් ළගදීම විදුලිය කැපිල්ල පටන් ගනීවි. දැනටමත් කඳාන නාගොඩ ආදී ප්‍රදේශ වල මසකට දින 2 ක් උදේ 8 සිට හවස 5 දක්වා විදුලිය කපනවා , මෙය නිල නොවන විදුලි කැපිල්ලක් ද කියා මිනිසුන් අහනවා. වැදගත්ම දේ , විදුලිය කපනදාට විදුලි බල මණ්ඩලේ දුරකතනයත් ඒ කාල සිමාව තුල ක්‍රියා විරහිත වන බවයි. (නි)
මේක හරි යන වැඩක් නෙමෙයි වගේ.දින 40 ට පාඩුව? (නි)
චීනය කියන්නේ තාක්ෂණික අතින් දියුණු රටක් නොවේ . චීන්නු බටහිර විරෝදීන් නිසා ඉතාම මෑත කාලයක් දක්වාම ඉංග්‍රීසි ඉගෙන ගැනීම හිරගතවීමට තරම් බරපතල වරදක් උනා දූෂණය අතින් නම් ලංකාවටත් වඩා ඉහල රටක්. එවැනි රටක නිපදවන දේවල කොලිටි ගැන කියලා වැඩක් නැහැ.(නදී)
මේ ගල් අගුරු බලාගාරය දැන් සුදු අලියෙක් වෙලා තියෙන්නේ.මේක හැමදාමත් කැඩිලා. මේක වහපු ගමන් වාසිය පුද්ගලික බලාගාර වලට.මේක හිතාමතාම කරන කුමන්ත්‍රණයක්ද මන්දා. මේ වගේ විශාල බලාගාරයක නඩත්තුව වසර කීපයක් යනකම් නිර්මාණය කළ සමගම දැරිය යුතුයි. වගකීම් කාලයක් නැද්ද මේකට?ස්ථිරව කියන්න පුළුවන් පුද්ගලික සමාගමකට මේ බලාගාරය පැවරුවොත් මේ තියෙන ඔක්කොම ලෙඩ හොද වේවි. (නි)
ඔය විදුලි බලාගාරය වැඩ කළ දවස් ගානට වඩා වැඩි කාලයක් ක්‍රියා විරහිතවයි තියෙන්නේ. ප්‍රමිතියෙන් තොරව වැඩ කළාම ඔහොම තමයි. ඔය බලාගාරය සදහා වෙන් කෙරුනු මුදලින් කීයක් ගසා කන්න ඇද්ද ? (නි)
බන්දුල මහත්තයෝ පොට වරද්දගෙන නියෙන්නෙ ඔයා. මොකද ඔයා බලන්නේ අර පචවාහිනිය කියල අපි දන්නවා.පොඩි මිනිහ ස්ට්‍රයික් කරපුදාට ඒකෙ පෙන්නනවා පඩිය අච්චරයි මෙච්චරයි කියලා. ඒවා ඉතිං පට්ටපල් බොරු ඔයාගෙ ඊමේල් එක දාන්න මං එවන්නං වැටුප් පරිමාන ඔයාට තේරෙයි එතකොට. ඔයා දන්නෑ මේ මාෆියාකාරයො අල්ලගෙන ඉන්නෙ කාවද කියල.ඔයා ඔය සුදු හුණුගාන අයියල තමයි උඩ්න්ම ඉන්නෙ. ඒ හිංද හරක් කතා නොකිය ඉන්න. (නදී)
අනේ අපොයි! (නි)
බන්දුල මහත්තයාගේ සුදු අලියා කවුද දන්නේ නැහැ බිස්නස් එකට දැම්මේ? මෙය දැන් සුදු හුණු ගානවා අපි චීනෙන් ආවා කියල හිතා ගෙන.(නදී)
පුද්ගලික බලාගාර ටික රජයට පවර ගන්න එතකොට නොරෝච්චෝලේ කරච්චලේ නිකම්ම නවතීවි.(නදී)
බන්දුල මහත්තයෝ ඔයා ඔය බිල ගෙවන මොනර කොල වලින්ම තමයි මමත් බිල ගෙවන්නේ .අපි මණ්ඩලේ කියල නිකං කරන්ට් එක දෙන්නෙ නෑ. බිල ගෙවන කොට අපි කියන්නෙ මේ ජනතාවගෙන් ඡන්දෙ අරගෙන ඒ මිනිස්සුන්ගෙ සල්ලි හොරා කන එක නවත්තන්නෙ නැතුව හොරා කන අයට එකතුවෙලා ඒ අයට උදව්කරගෙන ඉන්න අයටයි ඒ අයට කඩේ යන අයටයි හොදක් වෙන්න එපා කියල. අපි පහුගිය කාලෙ ටීවී වලට ඇවිත් හොර වැඩ කිව්වා. ඒත් ඔය එක පාලකයෙක්වත් එක හොරෙකුට දඩුවම් දුන්නද. හොරකම අඩුම කරමෙ නැවැත්තවද නෑ.(නදී)
සමීර පඩිපත් පෙන්නන්න අවශ්‍ය නැහැ. ඕකෙත් තෙල් සංස්ථාවේත් ඔ ටී සහිත සහ රහිත පඩිපත් ගැන අපි හොදට දන්නවා. ඒ වගේම සුළු සේවකයන්ගේ පඩි පතත් ඔය ඉන්න ඉංජිනේරුවන් ඇතුළු නිලදාරීන්ගේ පඩිපත් වල වෙනසත් දන්නවා. ඔයා කතා කරන්නේ එ වෙනස දිරවන්නති කමට කියලත් දන්නවා.උන් ලක්ස 4-5 අවමව මාසෙකට ගන්න කොට අපි 50/60ක් අරන් මොකටද නේද? පුද්ගලික බලාගාර වලින් එන ජරාව ඔයාලට ලැබෙන්නේ නැති නිසා තියෙන ඉරිසියාව මිසක් එකේ කොටහ ඔයාලටත් ලැබුණානම් ඔයාලගෙත් සද්ද වැහෙනවා..තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවට මුන්ගේ මේ හෙන හත ගහන ගිවිසුම් අහෝසි කරන්න ඔය තරමටම නැකත් බලන්න ඕනද..ඕක අහෝසි කරලා තරගකාරී මිලට විදුලිය ලබා ගැනීමේ ක්‍රියාවලියක් ඇරබුවනම් මණ්ඩලේ ලෙඩ තුනෙන් දෙකක් නිවාරණ වෙනවා..(නදී)
ඔන්න අපේ චීන ණය.(නදී)
"බාල වැඩවල ලාබ කාටද ?" (නි)
ස්ථිර ලෙසම වහන්න. ප්‍රශ්නය අවසාන වෙයි (නි)
අනේ බන්දුල මහත්තයෝ මමත් මේකෙ ඉන්න ඉංජිනේරුවෙක් තමයි. නමුත් අපි හැමදාම වැරැද්දට කතා කළා . අලුත් බලාගාර හදන්න හැදුව අපේ පරණ ජීම් මහත්තයාට අන්තිමට යන්න උනේ පෙන්ෂන් එකත් නැතුව. ඒකයි මේකෙ තත්වෙ.අපේ දෙමව්පියො අපිට ඕනතරම් දේපල දීල තියෙන්නෙ අපිට හොරකං කරන්න අපේ දෙමව්පියො උගන්නල නෑ. ඒවගේම ඔයාල වගෙ කඩේ යන්නත්.(අ)
මේ දිරච්ච යන්ත්‍ර හයි කරලා අපිව නය කාරයෝ කරපු හැම එකාටම සාප වේවා! කෝ මේ අයට කඩේ යන අය.(නදී)
නොරොච්චෝලේ බලාගාරයේ දැන් ඇතිවී තිබෙන්නේ වැඩ කරන වාතාවරණයක් නොව වෙනත් වැඩපිළිවෙළක්ය. (නි)
චීන්නුන්ටම දෙන්න පිඹුරුපත් සකස් කරනවා වෙන්න බැරිද? (නදී)
ඕක හැමදාටම් වහන්න, ලයිට් බිල අඩු කල හැකියි. නැත්නම් අළුත්වැඩියා කරන්න යන ගාන අල්ලන්නෙත් පරිබෝගිකයගෙන් නේද?(නදී)
මේ බන්දුල ඔයා හිතං ඉන්නෙ ඔයා හැම දෙයක්ම දන්නව කියලද. මම ලංවිම සේවකයෙක් ඔයා දන්නෑ මේකෙ තියන මාෆියාව ගැන. ඔවුන්ට පුළුවන් මේකට එන ඇමතිව පවා ඉවත්කර දමන්න. මේක ජරා දේශපාලනයේ ප්‍රතිඵල. ඔයා හිතන්නෙ ඔය සුදු ඇඳගෙන ඉන්න දේශමාමක කට්ටිය කියල නේද. ඔය ගොඩක් කට්ටිය එනකොට ෆුට් සයිකලයක්වත් නැතිව දේශපාලනයට ඇවිත්තියෙන්නෙ. ඔන්නම් උදාහරණත් දෙන්නම්. ඔයාලා වගේ නිල්,කොළ,රතු කණ්නාඩි දාගෙන ඉන්න මිනිස්සු නිසා මේ රට විනාශයට යන එක නවත්තන්න බෑ.(නදී)
9වැනි සිහිනය:- කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු නව වන සිහිනය නම් හාත්පසින්ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිවුපා සතුන් දිය බීමට පැමිණෙත්. එහි මැද පෙදෙස මඩ සහිතය. එහි නොයෙක් සතුන් දියබීමට පැමිණ ඇත. බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේදී රජවරු අධර්මිෂ්ට වී හිතුමනාපයේ රාජ්‍යය පාලනය කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඩු මිරිකන්නා සේ ජනතාවගේ ශ්‍රමය සූරා ධනය උදුරා ගන්නේය.(නදී)
නීතියක් නැති, යහ පාලනයක් නැති, දුෂණය/හොරකම හැමතැනම ඉහවහා ගිය රටක මේක සුලුදෙයක්. කෝ අර දේවී.(නදී)
දැන් ඉන්න විදුලිබල ඇමතිවරිය ඉවත්කර පාටලී චම්පික රණවක මැතිතුමා නැවත විදුලිබල ඇමති කල යුතුය.(නදී)
සියලුම යන්ත්‍රාගාර (තෙල් පිරිපහදු විදුලිබලාගාර ) වැනි අඛණ්ඩ සේවයේ යෙදෙන යන්ත්‍ර වාර්ෂික නඩත්තුවකට නැවැත්විය යුතුමයි. අමතරව හදිසි ආපදා වලටත් නවත්තන්න වෙනවා. එහෙම නැති යන්ත්‍රාගාර ලෝකේ නෑ. හරියට වාර්ෂික නඩත්තුවක් කරන්න මාසයක් වගේ යනවා. මම රැකියාව කරන්නේ වෙන රටක වගේ විදුලි බලාගාරයක. (ස)
මේ නොරොච්චෝලේ මොකටද හැදුවේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්? (නි)
පොට වරද්දාගෙන තියෙන්නේ. මම කිව්වෙත් ඕකම තමයි. ඔකේ තියෙන මාපියාව දුෂණ වංචා අසාදාරන වැටුප් තල මේ රටේ ඉන්න පොඩි එව්වොත් දන්නවා. රජයේ කාර්යාලයක සේවකයෙක් මාසයක් කබුරලා 15ක් 20ක් අතට ගනිද්දී මණ්ඩලේ අතුගාන එකත් 50ක් 60ක් පඩි ගන්නවා. හැන්ද අතට අරන් ඔක්කොම අඩු නැතුව බෙදා ගන්නවා..අපි ඔය ඔක්කොගෙම අම්මලාව මතක් කර කර මුන්ගේ පව් කරගගහ මාසේ අන්ත්මට මොනර කොළ වලින් විදුලි බිල ගෙවනවා.(නදී)