යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය - චමරි වෛද්‍යරත්න
බෝ නොවන රෝග වලින් අද සමාජය ඉතා විශාල ලෙස පීඩාවට පත්වී ඇත. මෙම පීඩාවට පත්වීම අවම කර ගැනීමට ඇති එකම මාර්ගය අප සිරුරට ලබා ගන්නා ආහාරපාන නිවැරදිව ආයුෂ රැක ගැනීමට ඉවහල් වන පරිදි ගැනීමයි. තමාගේ ශරීරයට ගැළපෙන ආහාර විහරණ සේවනය ඉතාම පරීක්ෂාවෙන් කටයුතු කිරිම ඉන්ද්‍රීය විෂයෙහි නොඇලෙන්නාවූ දන්දෙන සුළු සියලූ දෙනා කෙරෙහි සමානව සිත් ඇත්තාවූ ඉවසන සුළු ආප්තෝපදේශයන් පිළිපදින පුද්ගලයා නීරෝගි වෙයි.
ඖෂධ වලින් තොරව පත්ය දේවල් ගැනීමෙන් පමණක්ම බොහෝමයක් රෝග සුවකර ගත හැකි වේ. සමහර රෝග සඳහා කොතෙක් ඖෂධ ගැනීම කළත් එක් අපත්‍ය දෙයක් ගැනීමෙන් පමණක්ම රෝගය උත්සන්න වෙයි. ආහාරයක් හෝ ඖෂධයක් ගත් විට වෙනත් රෝගයක් පැන නැඟීම කිසිවිටකත් නොවීය යුතුය. උදාහරණයක් ගතහොත් සන්ධි වේදනාවට ප්‍රතිකාර කළ විට ආමාශයේ තුවාල සෑදීම සිදු නොවිය යුතුය. නැතහොත් සන්ධි වේදනාවට පසුව ආමාශ තුවාල වලට නැවත ප්‍රතිකාර කළ යුතුවේ. ආයුර්වේද වෙදකමේ ඖෂධ හා පත්යා පත්ය පිළිවෙත නිසා රෝගය සුව වීමක් විනා තවත් අලූත් රෝගයක් පැන නැඟීම සිදු නොවීම විශේෂත්වයයි.
පෙරදිග ආයුර්වේද වෙදකමේ රෝගියා රෝගයෙන් වෙන් නොකරයි. ප්‍රතිකාර කරනු ලබන්නේ රෝගයට නොව රෝගියා උදෙසාය. ආයුර්වේද වෙදකමේ ඖෂධ හා ආහාර යනු එක කොටසකි. සෑම ආහාරයක්ම ඖෂධයකි. හුදෙක් ඉන්ද්‍රීය පිනවීම සඳහා ආහාර ගැනීමක් ආයුර්වේද වෙදකමේ හෝ ජීවන ක්රමයේ නැත. ආහාර නිසා රස දිව පිනා යෑම සිදුවණ නමුත් හුදෙක් ඉන්ද්රිය පිනවීම සඳහා සෞඛ්‍ය අමතක කර ආහාර ගැනීම නොකළ යුතුය. ආහාරයද ඔසුවක් වන්නාසේම ඉන් රෝග පැන නැඟීමක් නොවිය යුතුය. ආහාර සකසා ගැනීම හා අනුභව කිරීම වත් පිළිවෙත් අනුව කළයුතු වන්නේ අප සියලූ දෙනා ජීවත් වනුයේ ආහාර මත බැවිනි. ආහාර ද්‍රවයක පහත සඳහන් ශක්තීන් හා පෝෂණ ගුණයන් අඩංගු වේ.
1. මාංශ ජනක ධාතු 2. මේදය 3. ශර්කරා උපාදාන 4. චූර්ණකර 5. තාපාංශක 6. ප්‍රකාශද 7. යකඩ 8. විටමින් චරක සංහිතාවට අනුව අප ගන්නා ආහාර
1. ප්රකෘත ස්වභාවය (විද්‍යා ගුණය) වා පිත් , සෙම් අනුව තමාට උචිත පරිදි තෝරා ගත යුතුය.
2. කරණ යනු පිළියෙළ කිරීමයි. ආහාරයේ ගුණය ප්‍රකෘතිය රැකෙන පරිදි පිළියෙළ කර ගත යුතුය
3. සංයෝග කිරීම යනු (විස නොවන ලෙස මිශ්‍ර කිරීම කළ යුතුය)
4. රාශි යනු භාවිත කළ යුතු ප්‍රමාණය ඉක්මවා නොගත යුතුය.
5. දේශ යනු දේශගුණයට අනුව ආහාර තෝරා ගැනීම කළ යුතුය.
6. කාල යනු කාලය ඍතු අනුව හා ළමා තරුණ මහලූ ලෙස ආහාර තෝරා ගැනීම කළ යුතුය.
7. උපයෝග යනු වේලාවට ගැනීමයි. අවේලාවේ ආහාර ගැනීම නොකළ යුතුය.
8. උපයෝගිතා යනු පූර්ණ ආහාර වේලක් කාල වේලා අනුව ගැනීම.
මිනිසාට දැනෙන කුසගින්න හතර ආකාර වෙයි. එය ආයුර්වේදයේ අග්නිය නම්.
සමඅග්නිය
සමබර බඩගින්න තුන්දොස් සමනය වීමෙන් ඇතිවේ.
මන්දාග්නිය
බඩගින්න අඩුබව. මෙය සෙම වැඩිවීම නිසා ඇතිවේ.
තීක්ෂණ අග්නිය
තදබල බඩගින්න. පිත අධික වීමෙන් ඇතිවේ.
විෂමාග්නිය
බඩගින්න අඩුවැඩිවිම. වාතය අධික වීමෙන් ඇතිවේ. ආහාර ජීර්ණය කෙරේ.
මෙම අග්නි විශේෂයෙන් බලපායී. ශරීරයේ පෝෂණ කටයුතු සදහා මේවා විවිධාකාර ලෙස බලපෑම් ඇති කරයි. මන්දාග්නිය ඇති තැනැත්තාට සෙමෙන් දිරවිමද තීක්ෂණ අග්නිය ඇති තැනැත්තාට ක්ෂණීකව දිරවීමද විෂම අග්නිය ඇති තැනැත්තාට විටෙක දිරවීමද හා විටෙක නොදිරවීමද ඇතිවේ. සම අග්නිය ඇති තැනැත්තාට සියල්ල නිසි ලෙස නිසි කලට දිරවා රස කොටස් ශරීර වර්ධනයට යොමුවේ.මෙසේ ආහාර හොඳින් පරිපචනයවීමට අප පිසින ආහාර රුචිකාරක විය යුතුය. රසය ගුණය විවිධ වීමෙන් බඩගින්න වැඩිවේ. එදිනෙදා පිසින ආහාර රසයෙන් ගුණයෙන් විවිධාකාර විය යුතුය.
අපේ රටේ ක්‍රමයට
එළවළු පිස ගන්නා ක්‍රම කීපයකි.
1. හොද්ද මෙය පොල්කිරි දමා හෝ මිරිසට හෝ පිස ගත හැකිය. අමුමිරිස්, රතුලූණු, කරපිංචා,කුරුඳු පොතු,උළුහාල් , සියඹලා, ගොරකා හෝ බිලිං දෙහි ඇඹුල් වැනි ඇඹුල් මිශ්‍ර කොට සකසයි. කැකුළු බතට හා පිට්ටු ආදී ආහාර සමඟ ගැනීමට සුදුසුය.
2. මැල්ලූම
පලාවර්ග හොඳින් තෝරා හීනියට ලියා හෝ වංගෙඩියට දමා පොල් සමඟ කොටා මදගින්නේ ලිප තබා මලවා ගනී. දළ වශයෙන් මැල්ලූමට ගන්නා අප රටේ පලා වර්ග රාශියකි.
3.ඇඹුල
පොලොස්, කැකිරි, පුහුල්, අල කොළ ඇඹුලට සකසයි. තුනපහ ගොරක වැනි ඇඹුල් වර්ගයක් යහමින් දමා පොල්කිරි වැඩිපුර දමා බොහෝ වේලාවක් සෙමින් ගින්දර දමා සකසා ගනී. පොලොස් ඇඹුල දිනක් පමණ පිස ගත් විට රසය වැඩිය. මේවාට ඇඹුල් මිශ්‍ර කිරීමද එක්තරා කලාවකි. පොලොස් ස`දහා දෙහි ඇඹුල් නොදමයි. කොහිල ස`දහා ගොරක හෝ බිලිං දමයි. බිලිං දමනාවිට මාළුව රසවත් හා මෙලෙක් වීම නිසි පරිදි සිදු වූවත් රතු පැහැයට තෙල් පෑදෙන්නේ නැත. රතු පැහැය ගොරකා නිසා ඇතිවේ.
එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරෝගිමත් දිවියකට නිවැරදි ආහාර රටා
මහේෂා විජේරත්න. Sunday, 29 August 2021 10:02 AM
මෙය ඉතාම වටිනා ලිපියකි. මෙහි දැක්වෙන අාහාර විධි විශේෂායතන 8 පිළිබඳව තවත් කරුණු, එනම් එ්වාට උදාහරණ ලෙසින් දැක්විය හැකි අාහාර හා එ්වා අපේ සෞඛ්‍යයට හිතකර පරිදි අාහාරයට ගත යුතු අාකාරය පිළිබඳව ද තොරතුරු ලබා දිය හැකි ද මැඩම්??
H.Senudi Sehasna Tuesday, 13 August 2024 05:45 AM
ඇත්තටම මේ ලිපිය ඉතාම වැදගත්. මම පාසල් යන සිසුවියක්. මම ආහාර සම්බන්ධයෙන් ලිපියක් හොයන ගමන් ඉන්නකොට මේ ලිපිය හම්බවුණා. ඇත්තටම මැඩම්ට විශාල ලෙස ස්තූතිය පුද කරනවා.