අම්පාර කොණ්ඩුවටුවාන යුද හමුදා කදවුරට සහ අවට කදවුරුවල නිලධාරීන්ට ලබාදීමට නරක්වූ මස් මාළු ගෙන ආ සැකකරු රුපියල් ලක්ෂ එකහමාරක ඇපමත මුදාහැරීමටත් ලොරිය අධිකරණය බාරයට ගෙන මස් මාළු විනාශ කරන ලෙසත් අම්පාර වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් දිසානායක මහතා අද නියෝග කළේය.
සැපයුම්කරු විසින් මාළු කිලෝ 136ක් හා කුකුළු මස් කිලෝ 234ක් කදවුරට ගෙනවිත් තිබිණි. මේවා ආහාරයට නුසුදුස යැයි ඇතිවූ සැකයකට අනුව කදුවුරේ නිලධාරීන් විසින් ඒ බව අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දන්වනු ලැබීය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ පරීක්ෂාකර මස් මාළු තොගය අධිකරණයට ඉදිරිපත් කළහ.
නඩු විභාගය දෙසැම්බර් මස 11 වැනි දිනට කල් තැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මෙච්චර තොගයක් විනාශ කළේ. සත්තු වත්තේ කිඹුල්ලු වගේ සතුන්ට කන්න මේවා යැව්වා නම්! (නි)
අනේ මේ උන්දලගේ මොලේ කොහේද මන්දා තියෙන්නේ... මේවා මෙහෙම මෝඩ කමට විනාශ කරන් නැතුව දෙහිවල සත්තු වත්තට යවන්න තිබුනේ....(බ)
අනේ මෙහෙමත් කැත වැඩ? (නි)
අපරාදේ! සැකකාරයට ඇප දීලා කුණු මාලු ගොඩටම දාන්නයි තිබුණේ (නි)
අපරාදේ විනාශ කෙරුවේ,මේ කම්මැලියන්ට හොඳ මාළු කවන්න අවශ්‍යයක් නැහැ (අ)
කවන්න තිබුනේ ගෙනාපු අයටම (නි)
කවුද මේ ආරච්ච අද ද ඉපදුණේ (අ)
අනේ මෙහෙමත් නරක මිනිස්සු!