60 - 80 දශකයන්හ දී ලෝකයේ ජනප‍්‍රිය බටහිර රොක් සංගීතවේදියකු වූ එංගලන්ත ජාතික ජෝන් ලෙනොන්ගේ හක්කේ නරක් වූ දතක් යුරෝ 23000කට හෙවත් රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලකට ලන්ඩන් නුවර මැන්චෙය්ටර් ප‍්‍රසිද්ධ වෙන්දේසීයක දී අලෙවි විය. දෝර්නි ජාර්ල (90) නැමැති එංගලන්ත ජාතිකයා සතුව තිබූ දතට කැනඩා දන්ත වෛද්‍ය මයිකල් ෂූක් එම මුදල ගෙවීය. ලෙනොන් එම දත ජාර්ලට්ට දී ඇත්තේ එය කුණුගොඩට විසිකරන ලෙස කියමිනි. සිහිවටනයක් ලෙස ඔහුගේ දුවට දෙන ලෙස පසුව කීය. එංගලන්තයේ ලිවර්පුල් නගරයේ දී 1940 ඔක්තෝබර් 9 වැනි දා උපන් ජෝන් ලෙනොන් 1980 දෙසැම්බර් 8 වැනි දා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී මිය ගියේය. වසර 18ක තම සංගීත දිවියේ දී ලෝකය පුරා අතිශය ජනප‍්‍රිය ගීත ඇල්බම් 26ක් ඔහු විසින් එළි දැක්විණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දතක් කීයක් වේවිද?
දත ගත්ත එකා වාඩි වෙන්නේ මොළේ උඩද පිස්සෙක්