IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නරක නම නැති කරන්න ටෝනි බ්ලෙයාර් පෙරමුණේ

ශී‍්‍ර ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ ඇති දුර්මත නිවැරැදි කිරීමට පෙනී සිටින බව හිටපු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් පවසයි.

පෞද්ගලික සංචාරයක් ස`දහා මෙරටට පැමිණි බ්ලෙයාර් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයයේදී මෛතී‍්‍රපාල සිරිසේන ජනපති හමු වූ අවස්ථාවේදි මේ බව ප‍්‍රකාශ කළේය.

අගෝස්තු 17 වැනිදා මැතිවරණය ඉතා සාමකාමී නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීම ගැනද බ්ලේයාර් මහතා ජනාධිපතිට සිය ප‍්‍රසාදය පළ කළේය.

රටට නිසි රාජ්‍ය නායකත්වයක් ලබා දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහි`දියාව ගොඩනැ`ගීමට ජනාධිපති ගෙන යන වැඩපිළිවෙළද ඔහුගේ ඇගයීමට ලක් විය.

බ්ලෙයාර් පදනමේ ජාත්‍යන්තර වැඩසටහන් වලදී ශී‍්‍ර ලංකාව සමග එක්ව කටයුතු කිරීමේ හැකියාවද හෙතෙම ජනාධිපතිට පැහැදිලි කළේය.

ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය ලබා ඇති දියුණුවද අගය කළ බි‍්‍රතාන්‍ය හිටපු අග‍්‍රාමාත්‍යවරයා එහි ප‍්‍රවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවද ප‍්‍රකාශ කළැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.



අදහස් (0)

නරක නම නැති කරන්න ටෝනි බ්ලෙයාර් පෙරමුණේ

චන්න Monday, 24 August 2015 05:46 PM

දැන් ඉතින් ඔක්කොම කණපිට! (නි)

:       0       0

සුමිත් Monday, 24 August 2015 07:15 PM

නුවන්, ඕකට තමයි කාපු පතේ පහරනවා කියන්නේ. විපතේදී ඔය ඉන්දීය, බටහිරයන් එක ආයුධයක් දුන්නද? ඔය ටෝනි බ්ලෙයාර්ලා ගිය තැන විපතක්. (නි)

:       0       0

රූපසිංහ Monday, 24 August 2015 09:42 PM

මොනවාහරි දුන්නොත් මොකද ආපසු ගන්නද? එහෙනම් වැඩක් වරදින්න කලින් තමයි ඒවා නිවැරදි කළයුත්තේ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 25 August 2015 12:37 AM

ඇයි දන්නේ නැහැ මේ අය දැන් විතරක් අපේ රටට මෙතරම් දයාවක්, කරුණාවක් දක්වන්නේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 25 August 2015 12:46 AM

ඒ පාර මොකටද එන්නේ කියලා බලමු. (නි)

:       0       0

නාමල් Monday, 24 August 2015 11:56 AM

ඔබතුමාට ස්තූතියි... ඒකාධිපතියා එලවන්නත් ඔබතුමාගේ රට අපිට උදව් කලා. ලංකාව සිට ගත යුත්තේ ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර යුරෝපය, ඉන්දියාව, ජපානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමගයි. චීනය, රුසියාව වැනි ඒකාධිපති රාජ්‍ය දුරින් තබාගත යුතුයි (නදී)

:       0       0

හිමාල් Tuesday, 25 August 2015 03:38 AM

අදටත් ලංකාවේ විශාලම අපනයන වෙළෙඳපොල වෙන්නේ ඇමරිකාව හා යුරෝපය. ලංකාව යුද්ධ කරන කාලේදි අවි ආයුධ චීනයෙන් ( ටී 56) ඊශ්‍රායලය හා ඇමරිකාව (කෆීර් යානා) රුසියාව (මිග් යානා) සල්ලි දීලා ගත්තා. ඊට අමතරව පකිස්ථානය,චෙක් ජන රජය වගේ රටවලුත් අපේ ආයුධ සැපයුම්කරුවො තමයි. නමුත් අපි යම් රටකින් ආයුධ මිලට ගත්තා කියලා අපි ඒ රටට කත් අදින්න උවමනා නෑ. ඇමරිකාවට හෝ චීනයට හෝ රුසියාවට ගැති කම් කරන්න අවශ්‍ය නෑ වගේම ඒ රටවල උපකාර ගත් පමණින් අපි ඒ රටට යටත් විය යුතු නෑ. එහෙම වෙන්න නම් ලංකාවේ බොරුවට සුද්දන්ට සිංහලෙන් බනිනවා වෙනුවට මොළෙන් ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්න ඕනා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 25 August 2015 03:40 AM

චිනේ රුසියාව අපිට නිකන් නෙවෙයි උදවු කලේ. පැවති රජය චීනෙට ශ්‍රී ලංකා භූමියෙන් [ මුහුද ගොඩ කර ] අක්කර 500 සින්නක්කරේටම දීල තියෙන්නේ. ප්‍රජාතන්ත්‍ර විරෝදී දේවල් උනාම ලෝකේ සියලුම රටවල් එරෙහි වෙනවා. අද රටේ නිතිය හා සාමය සුරක්ෂිත වෙලා තියෙනවා. ඉස්සර මතකනේ එසැනට අපි මොනවා හරි දැම්මොත් කපල කොටලා මලවල තමයි දාන්නේ අද ලියන ඕන දෙයක් ලියපු ගමන් අැදලා දානවා වෙනස මේකයි (නදී)

:       0       0

ප්‍රකාශ් Monday, 24 August 2015 12:21 PM

කුකුල් කොටුව මුර කරන්න එන නරියෙක් (අ)

:       0       0

සඳා Tuesday, 25 August 2015 03:42 AM

නාමල්ගේ ඔලුව කොහේ හරි තදින් වැදිලා කියලා නම් අපිට පේනවා (නදී)

:       0       0

සැමී Tuesday, 25 August 2015 03:43 AM

නරක නමක් හැදුවේ කව්ද? ලංකාවට බොරු චෝදනා දැම්මේ කව්ද? මේ බටහිර ඊරිසියාකරයෝම තමයි (නදී)

:       0       0

සුනිල් මිලානෝ Monday, 24 August 2015 12:38 PM

නොදකින් විතරක්,ඉස්සරලම නැවතත් ඉස්කෝලේ යන්න ඉගනගන්න අඩුම තරමේ බටහිර රටවල් ගැනවත් ,ඒකාධිපති කියන්නේ කාටද කියලවත් දැනගන්න (බ)

:       0       0

අදිරි Monday, 24 August 2015 12:38 PM

චීනය රුසියාව තමයි කොටි උවදුරින් රටයි අපිවයි ඔයාලවයි බේරන්න උදවු කළේ කියල අමතක කළේ කොහොමද නාමල් ? (බ)

:       0       0

නුවන් Monday, 24 August 2015 12:41 PM

නාමල්, කවුරුත් එහෙම අපිට උදවු කළේ නැහැ. මේ ආණ්ඩුව නිසා තමයි ජාත්‍යන්තරය අපිට මෙහෙම දැන් උදවු කරන්නේ. නැතුව මේ ගොල්ලෝ අපිට කිසිම උදව්වක් කරපු අය නෙවෙයි . බොර දියේ මාලු බාන්න එපා (බ)

:       0       0

සුදේශ් Monday, 24 August 2015 02:36 PM

ඒ කට්ටිය ඉරාකයේ කරපු දේවල් බලන්න අපිට ඉඩ දෙනවනං බ්ලෙයාර් අපේ ඒවා බැලුවට කමක් නෑ. මේවා කැකිල්ලේ තීන්දු වගේ (හේ)

:       0       0

චන්න බුවනක Monday, 24 August 2015 03:28 PM

බලයේ හිටපු කට්ටියගෙන් වැඩක් නැහැ. දැන් මොකටද ඒවා.(හේ)

:       0       0

සම්පත් Monday, 24 August 2015 04:09 PM

ආ දැන් එයාලත් අපිත් එක්කද? (නි)

:       0       0

යොහාන් Monday, 24 August 2015 04:14 PM

එයාලා අපිට හොඳක් කරනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

අප්පුහාමි Monday, 24 August 2015 05:00 PM

චීනය රුසියාව අපිට උදව් කළෙත් යටි අරමුණු ඇතුව. නැතුව ආදරේට නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site