ශී‍්‍ර ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ ඇති දුර්මත නිවැරැදි කිරීමට පෙනී සිටින බව හිටපු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් පවසයි.
පෞද්ගලික සංචාරයක් ස`දහා මෙරටට පැමිණි බ්ලෙයාර් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයයේදී මෛතී‍්‍රපාල සිරිසේන ජනපති හමු වූ අවස්ථාවේදි මේ බව ප‍්‍රකාශ කළේය.
අගෝස්තු 17 වැනිදා මැතිවරණය ඉතා සාමකාමී නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීම ගැනද බ්ලේයාර් මහතා ජනාධිපතිට සිය ප‍්‍රසාදය පළ කළේය.
රටට නිසි රාජ්‍ය නායකත්වයක් ලබා දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහි`දියාව ගොඩනැ`ගීමට ජනාධිපති ගෙන යන වැඩපිළිවෙළද ඔහුගේ ඇගයීමට ලක් විය.
බ්ලෙයාර් පදනමේ ජාත්‍යන්තර වැඩසටහන් වලදී ශී‍්‍ර ලංකාව සමග එක්ව කටයුතු කිරීමේ හැකියාවද හෙතෙම ජනාධිපතිට පැහැදිලි කළේය.
ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය ලබා ඇති දියුණුවද අගය කළ බි‍්‍රතාන්‍ය හිටපු අග‍්‍රාමාත්‍යවරයා එහි ප‍්‍රවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවද ප‍්‍රකාශ කළැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඔක්කොම කණපිට! (නි)
නුවන්, ඕකට තමයි කාපු පතේ පහරනවා කියන්නේ. විපතේදී ඔය ඉන්දීය, බටහිරයන් එක ආයුධයක් දුන්නද? ඔය ටෝනි බ්ලෙයාර්ලා ගිය තැන විපතක්. (නි)
මොනවාහරි දුන්නොත් මොකද ආපසු ගන්නද? එහෙනම් වැඩක් වරදින්න කලින් තමයි ඒවා නිවැරදි කළයුත්තේ. (නි)
ඇයි දන්නේ නැහැ මේ අය දැන් විතරක් අපේ රටට මෙතරම් දයාවක්, කරුණාවක් දක්වන්නේ? (නි)
ඒ පාර මොකටද එන්නේ කියලා බලමු. (නි)
ඔබතුමාට ස්තූතියි... ඒකාධිපතියා එලවන්නත් ඔබතුමාගේ රට අපිට උදව් කලා. ලංකාව සිට ගත යුත්තේ ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර යුරෝපය, ඉන්දියාව, ජපානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමගයි. චීනය, රුසියාව වැනි ඒකාධිපති රාජ්‍ය දුරින් තබාගත යුතුයි (නදී)
අදටත් ලංකාවේ විශාලම අපනයන වෙළෙඳපොල වෙන්නේ ඇමරිකාව හා යුරෝපය. ලංකාව යුද්ධ කරන කාලේදි අවි ආයුධ චීනයෙන් ( ටී 56) ඊශ්‍රායලය හා ඇමරිකාව (කෆීර් යානා) රුසියාව (මිග් යානා) සල්ලි දීලා ගත්තා. ඊට අමතරව පකිස්ථානය,චෙක් ජන රජය වගේ රටවලුත් අපේ ආයුධ සැපයුම්කරුවො තමයි. නමුත් අපි යම් රටකින් ආයුධ මිලට ගත්තා කියලා අපි ඒ රටට කත් අදින්න උවමනා නෑ. ඇමරිකාවට හෝ චීනයට හෝ රුසියාවට ගැති කම් කරන්න අවශ්‍ය නෑ වගේම ඒ රටවල උපකාර ගත් පමණින් අපි ඒ රටට යටත් විය යුතු නෑ. එහෙම වෙන්න නම් ලංකාවේ බොරුවට සුද්දන්ට සිංහලෙන් බනිනවා වෙනුවට මොළෙන් ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්න ඕනා. (නදී)
චිනේ රුසියාව අපිට නිකන් නෙවෙයි උදවු කලේ. පැවති රජය චීනෙට ශ්‍රී ලංකා භූමියෙන් [ මුහුද ගොඩ කර ] අක්කර 500 සින්නක්කරේටම දීල තියෙන්නේ. ප්‍රජාතන්ත්‍ර විරෝදී දේවල් උනාම ලෝකේ සියලුම රටවල් එරෙහි වෙනවා. අද රටේ නිතිය හා සාමය සුරක්ෂිත වෙලා තියෙනවා. ඉස්සර මතකනේ එසැනට අපි මොනවා හරි දැම්මොත් කපල කොටලා මලවල තමයි දාන්නේ අද ලියන ඕන දෙයක් ලියපු ගමන් අැදලා දානවා වෙනස මේකයි (නදී)
කුකුල් කොටුව මුර කරන්න එන නරියෙක් (අ)
නාමල්ගේ ඔලුව කොහේ හරි තදින් වැදිලා කියලා නම් අපිට පේනවා (නදී)
නරක නමක් හැදුවේ කව්ද? ලංකාවට බොරු චෝදනා දැම්මේ කව්ද? මේ බටහිර ඊරිසියාකරයෝම තමයි (නදී)
නොදකින් විතරක්,ඉස්සරලම නැවතත් ඉස්කෝලේ යන්න ඉගනගන්න අඩුම තරමේ බටහිර රටවල් ගැනවත් ,ඒකාධිපති කියන්නේ කාටද කියලවත් දැනගන්න (බ)
චීනය රුසියාව තමයි කොටි උවදුරින් රටයි අපිවයි ඔයාලවයි බේරන්න උදවු කළේ කියල අමතක කළේ කොහොමද නාමල් ? (බ)
නාමල්, කවුරුත් එහෙම අපිට උදවු කළේ නැහැ. මේ ආණ්ඩුව නිසා තමයි ජාත්‍යන්තරය අපිට මෙහෙම දැන් උදවු කරන්නේ. නැතුව මේ ගොල්ලෝ අපිට කිසිම උදව්වක් කරපු අය නෙවෙයි . බොර දියේ මාලු බාන්න එපා (බ)
ඒ කට්ටිය ඉරාකයේ කරපු දේවල් බලන්න අපිට ඉඩ දෙනවනං බ්ලෙයාර් අපේ ඒවා බැලුවට කමක් නෑ. මේවා කැකිල්ලේ තීන්දු වගේ (හේ)
බලයේ හිටපු කට්ටියගෙන් වැඩක් නැහැ. දැන් මොකටද ඒවා.(හේ)
ආ දැන් එයාලත් අපිත් එක්කද? (නි)
එයාලා අපිට හොඳක් කරනවා නම් අපිත් කැමතියි (නි)
චීනය රුසියාව අපිට උදව් කළෙත් යටි අරමුණු ඇතුව. නැතුව ආදරේට නෙමෙයි. (නි)