දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා මරා දැමී යැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි එක් දෙනා හදුනාගැනීමේ පෙරට්ටුව අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ජී එච් ඒ සෙනවිරත්න මහතා විසින් ලබන 29 වැනිදා තෙක් කල් තබනු ලැබීය.
සාක්කි කරුවන් අසනිපයෙන් පසුවීම ඊට හේතුවයි.
දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසේකර හෙවත් අත කොටා ඇතුළු සැකකරුවෝ දැඩි ආරක්ෂාව සහිතව අධිකරණයට රැගෙන එනු ලැබ සිටියහ.
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් දැක්කමයි දේශපාලකයන්ගෙයි පාතාලෙයි ලොකු නෑකමක් තියෙනවා කියලා (නි)
හැබැයි නැවත මොහුන් නිදහස් කර දැරණියගල භීෂණය පතුරුවන්න ඉඩ තියන්න නම් එපා. නැවත එහෙම දෙයක් වුනොත් මේ පැත්තේ ජන්දය එහෙම ඉල්ලගෙන සන්ධානේ අය එන්නත් එපා (නි)
මේ මැරයන්ව අවුරුදු 10ක් තිස්සේ රැකගත්තේ කවුද කියන එක මේ පළාතේ ඕනෑම කෙනෙක් දන්නවා . (නි)
වාස් මහත්තය හිටියා නම් අපි මෙහෙම ලේ පුච්ච ගන්න එකක් නැහැ.ඔබතුමා නැති අඩුව ගොඩාක් දැනෙනවා. (නි)
කට්ටිය බයද ද්නනෙ නැහැ සාක්කි දෙන්න. එන්න එතරම් ආරක්ෂාව තියෙන රටක් නේ අපේ සිරි ලංකාව (නි)
කව්ද ඒ අපිත් ආසයි දැනගන්න.
සාක්කි කාරයන්ට බය වෙලා ඇත්තේ
දැරනියගල වංගු දෙකෙන් උඩ මේගොල්ල තමයි පාලනය කලේ. මොකද දැරනියගල පොලිසියක් තිබුනේ නමට විතරයි(අ)
මේ මැරයන්ව මෙච්චරකල් රැකගත්ත අයත් මෙතන ඉන්නවද ?(නදී)
මේ ප්‍රථම සහ අවසාන එක නොවේ. කරුණාකර ඔබේ චන්දය දෙන්න කෙනෙකු නැතිනම් නොදී ඉන්න, (ඉරක් ගසා) (නි)
මේවාගේ අය ලක්දෙරණට මහා බරක්. (නි)
මේවට වගකියන්න ඕනෑ කෙනෙක් ඉන්නවා සබරගමුවේ (නි)
මේ අය හරියට බුර්කාව ඇඳගෙන යනවා වගෙයි (නි)
සෑහෙන කට්ටියක් හිටියා කිවුවා නේද? එහෙම ඉදලත් අතකොටා දැක්කේ නැද්ද ? (නි)
කල් ගියත් මොකද නිදහස් වෙනවා නම්? (නි)
දැරනියගල හැම තේ වත්තක් ගානෙම ආයුධ හංගල ඇති ඕන තරම්. මේ 21 දෙනාම එක්කන් යන්න ඒව හොයන්න. අහිංසක මිනිස්සු මෙච්චර කල් බැට කෑවා මේ අයගෙන්. අම්මලා තාත්තලා බල ඉදිද්දිම දරුවො දූෂනය කලා මේ අය.(නදී)
අසනීප කිව්වේ බඩ යනවද? බලාගෙන ගියාම අපේ රටේ බොහෝමයක් මැරයෝ, ලෙඩ්ඩුනේ.(නදී)
අර ගද ගහනවයි කිව්ව රෙද්දක්ද දන්නෙ නැහැ පොරොවාගෙන යන්නේ. (නි)
සැකකරුවන්ට අවූරුදු දහයක් මැරකම් කරමින් භීෂණය පතුරුවන්න ආරක්ෂාව සපයපු පළාත් සභාවේ අයට දඩුවම් නැද්ද? (නදී)
ලංකාවේ හුගක් දේශපාලකයන්ට තියෙන්නේ චණ්ඩින්ට තියන අනවර්ථ නම්. ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඒ අයගේ තරම. ජයවේවා රජතුමනි.(නදී)
මේ කතාව ඉවර වෙන ක්‍රමය මට හිතගන්න පුළුවන් (නි)
ගෝනි බිල්ලෝ.... (නි)