දැරණියගල නුරි වත්තේ මුනියන්ඩ් සෙල්ලම්මා මහත්මියට මරණිය තර්ජනය කළැයි එම වත්තේ කදිර හෙට්ටිගේ ස්වර්ණලතා හෙවත් කසිප්පු සිරියා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ඩී එම් ඒ සෙනෙවිරත්න මහතා නියෝග කළේය.
කසිප්පු සිරියා සෙල්ලම්මාගේ ලයිම් කාමරයට සෙනසුරාදා (20) ඇතුළු වි බැන වැදී මරණිය තර්ජන කළැයි සැරයන් විජේතිලක මහතා අධිකරණයට කරුණු දැක්වීය.
නුරි වත්තේ අධිකාරී නිහාල් පෙරේරා මහතා පසුගිය ජුලී 05 වැනිදා කපා කොටා මරා දැමීමෙන් පසුව නුරි වත්තේ පාලනය බිද වැටුණේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය මෑතදී එහි ගොස් යළි තත්ත්වය පාලනය කිරීම ඇරැඹ්ය.
නිහාල් පෙරේරා මහතා මරා දැමී යැයි සැක පිට 19 දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති. ඒ අතර කසිප්පු සිරියාගේ ලොකු පුත් අමිල විජේ සිංහ හා තවත් පුත්තු දෙදෙනෙක්ද වෙති.
දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටාද රිමාන්ඩ් භාරයේ පසු වේ .
කසිප්පු සිරියා අතකොටාගේ සහෝදරයාගේ බිරිය බවද පොලීසිය අධිකරණයට දැන්විය.
ස්වර්ණලතා (කසිප්පු සිරියා) වෙනුවෙන් නීතීඥ සදලාල් විජේන්ද්‍ර මහතා පෙනී සිටියේය. වතු අධිකාරිවරයා ඝාතනය සම්බන්ධ සැකකරුවන් ලබන 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු දැරනියගලම වසාගෙන හිටපු හොරු ටිකට වහාම දඩුවම් දෙන්න. අපිට ඕනෑ සමයෙන් ජීවත් වෙන්න. දැන් ඇති අපි ඉවසුවා (නි)
තමන්ගේ දූ පුතුන්ව වැරදි කරන්න පොලඹ වන මේ වගේ අම්මලට කොහොමත් මැරෙන්න කලින් දරුවන්ගේ මලකදවල් දැකල දුක් විදලා තමයි මැරෙන්න වෙන්නේ. මේ පොලිසියේ හිටපු කොන්ද පන නැති නිවට රැලට දඩුවම ස්ථාන මාරුවක් පමණක් නොවිය යුතුය. .අපි එ දඩුවම ගැන බලාගෙන ඉන්නවා.(අ)
මේ මරණ තර්ජනයට ලක්වෙච්ච කාන්තාව "බැලුම්ගල" වැඩසටහන කට උත්තරයක් දෙනවා අපි අහගෙන හිටියේ. රටට ගිය කලක්. ලංකාවේ ජීවත් වෙන්නත් බය හිතෙනවා. (නි)
පිටිගලගේ ප්‍රශ්නය මාත් අහනවා. මේක පිටිපස්සේ දේශපාලන බලවතෙක් ඉන්න බව පත්තරවල තිබුනා. එයා පොලිසියටත් ඇඟිලි ගහල හිටපු ඕ.අයි.සීත් අල්ලාගෙන ප්‍රදේශයම හොල්ලගෙන හිටියලු. කවුද මිනිහා? වසන්ත කියනවා වගේ වැදගත් පාදඩ පරම්පරාව ගැන නම් කියල වැඩක් නැහැ.(නදී)
මේ තරම් පාතාලයක් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන බව මේ මරණය වෙනකම්ම දැනගෙන හිටියේ නැද්ද? (නි)
දැන් තමයි මේ කට්ටිය ඇහැරිලා තියෙන්නේ, අවුරුදු ගාණකට පස්සේ (නි)
මේ කේස් එක පිටුපස ඉන්න මහා දේශපාලන බලවතා කව්ද? එහෙම කෙනෙක් නැත්නම් හිටපු ප්‍රාදෙසිය සබාපති කෙනෙකුට මෙච්චර බලයක් කොහෙන්ද. මේවා ජනතාව අසන ප්‍රශ්න. ඒවාට උත්තර තියෙන්නේ කොහෙද? මම මේ නොදන්නා නිසයි අහන්නේ. මට ලංකාවට යන්නත් බයයි බයයි වගේ.(නදී)
අත කොටාලට, කසිප්පු සිරියලට මේ විදියට නටන්න බලය දුන්නේ අපිම නේද ? දැන් වත් අපි වගකීමත් අපේ ඡන්දයේ තියන වටිනා කමත් තේරුම් ගත යුතුමයි.(නදී)
අනේ ජනාපතිතුමනි කරුණකර අපිව දැන්වත් මේ නරුම දේශපාලනයෙන් මුදවා දෙන්න. පින් (අ)
ඔය තේ වතු අස්සේ ඕන තරම් ආයුධ හංගල ඇති.... ඒව හොයන්න එක්කන් යන්න... ඇයි මෙච්චර පරක්කු.....? කොටි පරදපු අපේ කොල්ලොන්ට මුං මොක්කුද....? (අ)
පේනවා නේද ලංකාවේ දේශපාලුවෝ කොච්චර වැදගත් පරම්පරා වලින් පැවත එනවද කියල. සුන්දර ලංකාව. (අ)
මැරයන්ගේ බලය අවසන් කළයුතු කාලය දැන් ඇවිත්,අප සැමෝම එයට සහයෝගය දක්වමු. (අ)
දැන්වත් දේශපාලන මර බලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.මැරයන්ට කඩේගිය පොලිස් නිලධාරීන්වත් අත්අඩංගුවට ගත යුතුයි.(අ)
තුට්ටු දෙකේ දේශපාලන මැර බලය නැවත්විය යුතු අතර කසිඉපු සිරියගේ වෙළදමත් නතර කල යුතුයි. මේ ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බළකායේ කාර්යාලයක් ලබා දෙන්ඩ.(අ)
දැන්වත් දේශපාලන මැර බලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.මැරයන්ට කඩේ ගිය පොලිස් නිලධාරීන්වත් අත්අඩංගුවට ගත යුතුයි (අ)
අතකොටා හෙවත් අනිල් චම්පික විජේසිංහ කියන කෙනා ඇමැති කෙනකුගේ නෑයෙක් ද දන්නේ නැති නිසායි අහන්නේ (අ)