දැරණියගල නුරියවත්තේ පාතාලය මර්දනය වි ඇතැත් අපරාධකරුවන් යළි පැමිණියහොත් දරුණු දේ සිදුවිය හැකියැයි එහි පදිංචිකරුවෝ කියති.
දැරණියගල නුරිවතු යායේ වතු අධිකාරි නිහාල් පෙරේරා ඝාතනයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 29 වැනිදාට කල් යෑමත් සමග ඒ පිළිබද තොරතුරු සොයා බැලීමට හා ගම්මානයන්හි ජනතාව මෙතෙක් මුහුණ දුන් ගැටලු පිළිබදව තොරතුරු සොයා බැලීමට ගිය අපට ඔවුන් පැවසුයේ මෙවැන්නකි.
ඔහු මරා දැමූයේ ජූලි 5 වැනිදාය. හිටපු ප්‍රාදේශීය සභා සභාපති අනිල් චම්පික විජේසේකර නොහොත් අතකොටා ඇතුළු 21 දෙනක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
‘මේ සියලුදේ සිදුවන්නේ දැරණියගල රජකරන මැරයන්ගෙන් බවත් නුරිය වත්තේ ගම්වල ජීවත් වන අහිංසක ගැමියන්ට ඔවුන් බොහෝ හිරිහැර කරන බවත් ග්‍රාම සංවර්ධන සමිතියේ හා කුඩා තේ වතු සමිතියේ සභාපති බී එච් සිරිපාල මහතා පැවසීය.
මැරයන්ගේ තර්ජනයන්ට ලක් වු නුරීවත්තේ මුනියන්ඩ් සෙවනම්මා සිය අත්දැකිම් මෙසේ කීවාය.
‘මගේ දරුවන් තුන්දෙනාම මැරුවේ පාතාලයට සම්බන්ධ මිනිහෙක්. ඉස්සෙල්ලාම මැරුවේ මගේ දෙවැනි පුතා මුත්තුකුමාර් ගනේෂ් එයා ගොළුයි.එයා කොට පටවන්න ගිහින් හිටියේ, එතැනදී ගහලා මරලා පස්සේ මීනීමරුවා ඇවිත් මට රුපියල් දෙදහක් දීලා කිව්වා මේ ගෙදරින් යන්න නැත්තම් මරනවා කියලා.
ඒ වගේම ලොකු පුතා විජය කුමාර්වත් එයාලම එක්කන් ගිහින් කසිප්පු පොවලා හොදටම ගහලා කොන්ඩෙත් කපලා සමුපකාරේ ලගට ගෙනත් දාලා තිබුණා.දුව මරලා දැම්මෙත් ඒ අයම තමයි. දැන් ඉන්නේ මිනිබිරි මායි විතරයි.
ඔවුන් රෑට ඇවිත් බය කරනවා මරනවා කියලා තර්ජනය කරනවා නිදා ගන්නවත් නෑ. දවස් ගාණනකින් කෑමත් නෑ . දැන් අපට යන්න එන්න තැනකුත් නෑ’
නුරිය වත්තේ මල්ලි අම්මා මහත්මිය (31) මෙසේ කීවාය
‘අපේ ජීවිතවලට මොවුන් හරියට කරදර කළා ,එයාලාගේ කසිප්පු පෙරන්න ගියේ නැත්තම් ගෙදරට කට්ටියටම ඇවිත් ගහනවා .දැන්නම් අපි නිදහසේ ඉන්නවා .අපි ඉල්ලන්නේ ආපහු නුරි වත්තට ඔවුන් එවන්න එපා.’
නුරි වතු යායේ කෝවිලේ ප්‍රධාන පුජක කාණ්ඩවල් පෙවෙන්දු කුරුක්කල් තුමා (50) මෙසේ කීය.
‘මම මේ වතු යායට ඇවිත් අවුරුදු 11 ක් වෙනවා ඒ වෙද්දිත් මේ මිනිසුන්ට ටික ටික මේ කරදර තිබුණා.මේ සිදුවීමෙන් පසු ඔවුන් ගමේ නැති නිසා දැන් තමයි අපි සැනසීමෙන් ගමේ ඉන්නේ .ඔවුන් මටත් පහරදීමි සිදු කරලා තියෙනවා ඔවුන්ගෙන් ලී වගයකත් අරගත්තේ නෑ කියලා.මම පොලීසියේ පැමිණිල්ලකුත් දැම්මා නමුත් නීතීය ක්‍රියාත්මක වුනේ නෑ හරියට.අපි ඉල්ලන්නේ ගමේ ආරක්ෂාවට පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබාදෙන්න පිළිවෙලක් යොදන්න කියලා එහෙම නොවුනොත් නැවතත් අපට මේ කරදර විදින්න සිදු වෙවි ඒ වගේම විසි හතර පැය පුරාම බයෙන් ඉන්න වෙන්නේ ’
නුරිවත්තේ එම් වී වසන්තා මහත්මිය
‘මගේ මහත්තයා දෙයාවත්තේ 110 ඩී කොටසේ හිටපු ග්‍රාම නිලධාරී වශයෙන් වැඩ කරද්දි ඒ අයගේ මිනිස්සු දවසක් හොදටම ගහලා තිබුණා. එයා අසනිප තත්ත්වයෙන් හිටියේ ඒ ගැනවත් බලලා තිබුණේ නෑ. ගමට විශාල කරදරයක් වෙලා තියෙන මොවුන්ට නිදහස ලබා නොදෙනවනම් මේ හැමදෙනාටම සතුටින් තමන්ගේ වැඩක් කැර ගෙන ඉන්න පුලුවන් වෙයි මේ සිදුවීම හරහා ගමේ මිනිසුන්ට ඒ ගැන කතාකරන්න අවස්ථාවක් ලැබී තිවබනවා නැත්තම් හැම කාරණාවක් වගේම මේ සිදු වීමත් වැළලී යන්න ඉඩ තිබුණා,
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබරගමුවේ ඉන්න මහා පාලක කෙනෙක් තමයි අවුරුදු 10ක් මේ පාතාලය ආරක්ෂා කලේ, තමන්ගේ තනතුර රැකගන්න. මේ හැමදේටම වග කියන්න ඕනෑ ඔහුයි. (නි)
මුන්ගේ වෙලාවට වාස් මහත්තයත් ඇතුලෙනේ. මේ වගේ වෙලාවට තමයි උන්දැගෙ වටිනාකම තේරෙන්නේ.(නදී)
ආරක්ෂක ලේකම් තුමනි, එල්.ටී.ටී පරාජය කළ ඔබ මේ දේශපාලන පාතාලයට යට නොවන්න. ඔබ දේශපාලඥයෙකු නොව රාජ්‍ය තන්ත්‍රෙය් පරණම නිලධාරියෙකි.(නදී)
මමත් දියසේනගේ යෝජනාව අනුමත කරනවා. (නි)
මේ පළාත් වෙනම රටක වගෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
මේ සේරම ගෝල බාලයෝ සබරගමුවේ ඉන්න ලොක්කෙක්ගෙලු නේ නේද?(නදී)
එහෙම තමා දුප්පතුන් නැති කරන අලුත් ක්‍රමය.(නදී)
ඔබ හරි රන්ජන්. නැත්නම් මේවා බලන්න අපේ රටේ ආණ්ඩුවක් නැද්ද. (නදී)
ඩී.අයි.ජී වාස් ඔබ නැති අඩුව මට දැනේ.(නදී)
බලපිටිය රත්ගම හොදයි මීට වැඩිය බලනකොට (නි)
අත්කොටා ඇතුළු දැරනියගල සියලුම දේශපාලන මැරයෝ මේ මුළු පැත්තම කනවා. (නි)
මලිගාවත්තේ මිනිහෙක්ව පාතාල නායකයා කියලා මරලා දැම්මා නේද? නමුත් ඒ මිනිහටත් වැඩිය සිය ගුනයක් මිනීස්සු මරපු අය ඉන්නේ දැරණියගලනේ. ඒවා මෙච්චර කල් පෙනුනේ නැත්තේ ඇයි? (නදී)
මේ වගේ අය මට්ටු කරන්න නීතිය ක්‍රියාත්මක උනේ නැත්තම් සාමාන්‍ය ජනයා නීතිය අතට ගත්තට කමක් නැහැ. මේ අයට වෙස් මුනක් දාගෙන ගිහිල්ලා දෙන්න තියෙන්නේ අත පය කැඩෙන්න.(නදී)
දේශපාලකයාගේ නම "අත කොටා" ඉතින් තව මොනවද?(නදී)
මම මුළු කතාවම දැනගත්ත පත්තරෙන්. අපි බලමුකෝ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. (නදී)
මම නම් කියන්නේ මේකට ලොකු දේශපාලන හස්තයක් තියෙනවා.වහාම මේ ගැන සොයාබලා දඩුවම් දියයුතුයි. (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
මේ අපරාද කාරයෝ ඇප පිට නිදහස් වෙලා ඇවිල්ලා සාකිකාරයෝ මරලා හරි එලවලා හරි දාවී. එතකොට නඩුව නිකම්ම විසි වේවි. මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් එකම පොලිස් නිලධාරියා තමයි වාස් මහතා. එතුමාට මේ ප්‍රදේශය මාස 3 කට බාර දුන්න නම් , මේ ගම් වැසියන්ව බේර ගන්න තිබුනා.(නදී)
මේ පළාත කිසිම පොලිසියකට අයිති නැති පළාතක් වෙන්න ඇති. මේ රටේ බලදාරියෝ මීට වඩා ඇස් කන් විවර කරගෙන වැඩ කලානම් හොදයි නේද? (නි)
ප්‍රතිචාර දක්වන්න කාලය වැය කරලා වැඩක් නැහැ.අපි මේවා ගැන කොච්චර කතා කළත් පලක් නැහැ (නි)
ප්‍රසාද් ගේ අදහස සම්පුර්ණ ඇත්ත. අපරාධ කරුවන් තමන්ගේ මිනිස්සු කියමින් නොසලකා හරිනවා නම් එය රට සංවර්ධනය කිරීමක් නොවෙයි. අධිවේගී මාර්ග, වරායවල්, ගුවන්තොටුපොළ වල් කොපමණ තිබුනත් බයක් නැතුව ජනතාවට ජිවත් වෙන්න බැරිනම් වැඩක් නැත.(නදී)
මේවට ක්‍රියාත්මක නොවුනු පොලිස් නිලදාරින්ට දඩුවම් කරලා සේවයෙන් නෙරපා දමන්න.(නි)
ගරු ආරක්ෂක ලේකම්තුමාගේ අවදානයට යොමු වේවා. (නි)
මට දැනගන්න ඕනෑ මෙන්න මේක විතරයි.දැරනියගලට පොලිසියක් ඇත්තෙම නැද්ද? (නි)
පොලිස්පතිතුමනි ,ආරක්ෂක ලේකම්තුමනි , මේ අහිංසක මිනිසුන්ට පිහිටක් වෙන්න (නි)
මේ මැරයෝ කාගේ ගෝලයෝද කියලා අපි දන්නවා. (නි)
අම්මෝ! මේ පැත්ත දැන් එච්චර කරදරකාරි පැත්තක්ද? (නි)
මේ 21 දෙනාම ආයුධ පෙන්නන්න එක්ක යන්න තියෙන්නේ. (දී)
කුමාර, දන්නවනම් කියන්නකෝ ඉතින්. මොකාද උනේ කියලා.(නදී)
දැරනියගලත් දැන් හමබන්තොට වගේනේ චන්ඩි ගොඩයි අපරාද එමටයි ?කොහොම හරි අත කොටා ඇතුලේ ඉදන් ප්ලෑන් හදනවා වගේ හරියට අර කහවත්තේ මිනි මැරුම් කරා වගේ පරීක්ෂණ නොමග යවන්න?(නදී)
මෙයාලට මහා ලොකු කෙනෙක් උදව් කරනවා...ප්‍රාඩෝ පවා දීල තියෙනවා...ඒ ලොක්කගේ නම ගහගෙන පාරේ එහා මෙහා යන්නේ තනි අතින් එලවාගෙන.....ඔහොම තමා වෙන්නේ.. (දී)
ලංකාවෙනම් වෙන්න බැහැ.ඔය කියන්නේ මුදා නොගත් ප්‍රදේසයක් වෙන්න ඇති. (අ)
නිහාල්.හීනයක්වත් දැකල බය වෙලා චොම්මෙන්ට් කරනවද මන්ද. (අ)
ගරු ආරක්සක ලේකම්තුමාගේ අවදානයට යොමු වේවා .මෙයට පිහිට විය හැකි එතුමාට පමණි..(අ).
රජයට පක්ෂ පුවත් පත් වල පවා මේ ගැන විස්තර සහිතවම ලිපි පල වුනා .එල් ටි ටි.ඊ යෙන් රට නිදහස් කර ගත්තට තවම මිනීමරුවන්ගෙන්,පාතාලයෙන්, රටම පිරිලා. කොහොම කොයි මොහොතක කන්න වෙයිද කියන සැකය තියෙනවා. (දී)
සංජීව ඒ අයත් අපිට වඩා අසරනයිනේ (දී)
මේවා දේශපාලන කුමන්ත්‍රණ (නි)
දැනට මිනි මැරුම් 50 කට වැඩියෙන් වෙලා තියෙනවා පසුගිය අවුරුදු 20 ඇතුලත, ඔය සේරටම අතකොටා සම්බන්ද බව පොලිසියත් ගම්වල සියලු දෙනාත් දේශපාලකයොත් දන්නවා. (දී)
අත්කොට හංගපු ආයු ද බලන්න එක්කන් යන්නකෝ. ඒවා ගොඩක් ඇති. (අ)
එතකොට හංගපු ආයුද බලන්න එක්කන් යන්නකෝ. ඒවා ගොඩක් ඇති. (ස)
මේ අයව ප්‍රසිද්ධියේ එල්ලලා මරන්න එස්.එෆ් ට බලය දෙන්න (අ)
දියසේන කරන යෝජනාව හරියම හරි. (අ)
පොලිසියටත් බැරිනම් නුරි වතුයායේ ගම්වල ඉන්න සේරම එකතු වෙලා 21 දෙනාවම ඇප දීල අවට පස්සේ එකපාරට හංගපු අවි හොයන්න අරන් යන්න තියෙන්නේ. ප්‍රශ්නේ විසදන්න තියන ලේසිම ක්‍රමය. (දී)
මේවා දැක්කම ඇහැ පියාගෙන ඉන්න බෑ. ගහෙන් ගහට කොට කොට යන කොට්ටෝරුවාට වුණ වැඩේ තමයි කොටාට උණේ. අහිංසකයන් ඉදිරියේ බල පුලුවන්කාරකම් කර කර හිටියට වැඩ වරදින්නත් බලවතෙක් ඉන්න ඕනි. අනේ නීතිය හරියට ක්‍රියාවට නංවන්න. සමාවක් නම් දෙන්න එපා.(නදී)
තුෂාරගේ කතාව දැරණියගල අපි එක හෙලාම පිළි ගන්නවා. මහා පාලකගෙන් තවත් විස්තර අසා දැනගන්න මාධ්‍ය ඔවුන් වෙතටත් යන්න.(නදී)
මේ වගේ දේවල් අනාගතයේදී සිදුවෙන බව එදා බුදුහාමුදුරුවෝ කොසොල් රජු දුටු සීන 16 විස්තර කරමින් දෙසනා කළා ලු. මේවා අපටද ඉදිරියේදී එකින් එක අත් විදීමට ලැබෙනු ඇත.(නදී)
ඇප නම් දෙන්න එපා.අපි පාතාලයක් නැති රටක් හදමු. මොවුන්ගෙන් රටට වැඩක් නැහැ. අපරාධ කරුවන්,එස්.ටී.එෆ්. එකට බාරදෙමු (නි)
ඔය ඔක්කොම එකයි.(ස)
ඒ කියන්නේ නූරි වත්ත වෙන රටක ද මේ නිලධාරියෝ (අ)
මෙයාලට ඡන්දෙ දීල පත් කරගත්තෙත් මේ කියන අයම නේද? මින් පස්සේ වත් බුද්දීමතුන්ට ප්‍රතිපත්තියකට ඡන්දෙ දෙන්න රටේම මිනුස්සු දැනගන්න ඕනේ. නැත්නම් අනෙක් ප්‍රාදේශීය සභා 40-50 ටත් පතල නායකයෝම සහාපති වරු වෙයි .(අ)
බත් පැකට් එකට, අරක්කුකලට චන්දෙ දෙන අය ඉන්නකම් බය වෙන්න දෙයක් නැහැ. (ස)
දැන් කාලේ මිනිස්සු ඡන්දෙ මොන පැත්තට දුන්නත් අන්තිමට අවශ්‍ය ආකාරයට අවශ්‍ය පුද්ගලයෝ කටයුතු සිද්ධ කරන නිසා අපිට කරන්න දෙයක් නැහැ. (නි)
ජනතාවට නීතිය අතට ගන්න වේවි, නිතිය නැතත් අවි ආයුධ පොලු මුගුරු තියාගෙන ඉන්න වේවි. ගැහුවොත් ගහන්න වේවි. මොලය නැති බලය ඇති දේශපාලකයින් සහ නීතිය ක්‍රියාත්මක නොවන තැනක මෙය ඉදිරියේදී මෙවැනි දේ විය හැකියි. දේශපාලකයෙක් උවත් මිනිසුන්ගේ තරහ ඉදිරියේදී දිවංගත වීමට බැරි නැහැ. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන්න තියාගන්න හොද නැහැ.(අ)
හදුනාගෙනීමෙ පෙරට්ටුවවත් කල් ගිය නිසා.. පීඩනයට ලක් වෙච්ච් ජනතාවගෙ නම් ගම් ප්‍රසිද්ද කරන එක හොද දෙයක් නෙමේ කියල මම නම් හිතන්නෙ..මෙකෙන් ඔව්න්ගෙ ජීවිත අවදානමක් පවතීවි (දී)
යුද්දේ ඉවර උනාම හිතුව දැන්නම් අපිට සැනසීමේ ඉන්න පුළුවන් වෙයි කියලා. එහෙත් මේ දේශපාලනයට සම්බන්ද සම හරක්ගේ වැඩ නිසා අපේ රට තවම අනාරක්ෂිත රටක් කියලා ලෝකයා ඉදිරියේ හංවඩු ගැහෙනවා. එකෙන් වෙන්නේ පිට රටවල ඉන්න කොටි ටික ලංකාව කියන්නේ තවම මිනිස්සු මරණ රටක් ජීවත්වෙන්නට සුදුසු නැහැ කියා කියා ඒ රටවල් වලට වෙලා ලංකාවට විරුද්දව වැඩකරන එකයි . අපි රට සංවර්දනය කරනවා කියලා මේ වගේ අපරාද නොසලකා ඉන්නවා නම් ඒක මේ රටේ වෙන ලොකු වැරැද්දක්. (නි)
අත් කොටා තනි අතින් ප්‍රාඩෝ එලවාගෙන යනවා දැරණියගල පොලිසිය ලගින් අපි දැකලා තියෙනවා. පොලිස් මහත්තුරු බලන්නේවත් නැහැ. තනි අතටත් රියදුරු බලපත් දෙන රටක්නේ ලංකාවේ කියන්නේ. පිස්සු හැදෙනවා මේවා දැකලා.(නදී)
මම නම් කියන්නේ මොවුන් මහා නොහොබිනා මිනිසුන් කොටසක් අහිංසක මිනිසුන්ව පාගල දාන මුන්ට නිදහස නොදිය යුතුයි.(නදී)
ආරක්ෂක ලේකම් තුමනි, මේ අහිංසක මිනිසුන්ට සාදාරනය ඉටු කල හැක්කේ ඔබට පමණි . (නදී)
මේ ප්‍රදේශ කදුකර වතු ප්‍රදේශ. ප්‍රාදේශීය පොලිස් මුරපොළ පවත්වාගෙන යමින් පාලනය කිරීම අවශ්‍යයි (නි)
අපේ රටට වෙච්ච දෙයක්!(නි)