අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විහාර හා දේවලගම් පනත (සංශෝධිත) සහ ථෙරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යංශය කියයි.