යාපනය ඇතුළු උතුරු පළාතේ මේ දිනවල සිදුවන සුළු සුළු ප්‍රචණ්ඩකාරී ක්‍රියා යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදීමට රජය හා ජනතාව දැඩි අවබෝධයකින් යුතුව ක්‍රියා කළ යුතුව ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුව පොලීසිය විසින් වෙඩි තබා මරා දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පලකිරීම සදහා මේ දිනවල උතුරු පළාතේ සිදු කෙරෙන යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විමසූ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
දකුණේ ජනතාව මේ දිනවල සිදුවන ක්‍රියා පිළිබදව වැරදි ආකල්පයකින් බැලීමත් සාමය කඩ කිරීමට උඩගෙඩි දීමටත් ක්‍රියා නොකරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා උදාවී ඇති සාමය ස්ථාපිත කිරීමට සියළු දෙනාම කැප විය යුතු බවද ප්‍රකාශ කළේය.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබදව රජය අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබාදීමත් මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීමටත් වග බලා ගත යුතු බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කථාව (ම)
දැනටමත් රජය පොරුන්දු වෙලානේ තියන්නේ අපක්ෂපාතී පරීක්ෂණයක් කරනවයි කියලත්, පස්දෙනක් අත්අඩංගුවේ පසුවෙනවා. ඒවගේම පහුගිය නඩු තීන්දු කිහිපයක් සමගත් මේ අයට සෑහීමට පත්වෙන්න බැරිනම්? නීතිය අතට ගන්න උත්සාහ කරන්නේ. (බ)
ඔබතුමා කියන කතාව හරි.(හේ)
ඇමති තෑමෝ දකෑනේ සිංහල ළමයින්ට ඔය විශ්ව විද්‍යලයේ ළමයිම නේද ගැහුවේ. දෙමළ අයව කැපුවද අපි නිතිය අතට ගත්තද ඔය කල්ලිය ඔය ගොල්ලොම නවත්තන්න පොලිස් අනනොතකා ධාවනය කිරිම නේද? ඵ් දෙන්නගේ වරද නිතිය කඩන ඵක කාටත් පොදුයි දැන් තියෙන්නේ නියපොත්තෙන් කඞන්න පොරවෙන් කපනකන් ඉන්නේ නැතුව.(හේ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
මේ ප්‍රශ්නය දුර දිග නොයා මේ ප්‍රශ්නය ඉවර කර ගන්න.(හේ)
මෙම ක්‍රියාවන් සාමයට ලැදි ජනතාවට අමිහිරි වුණාට බොරදියේ මාලු බාන්‍න බලා ඉන්න කුහක දේශපාලුවන්ට මිහිරියි. මේ ක්‍රියාවන් සිදු කරන්න අනුබල මොවුන් විසින්ම සපයනවා යනු මගේ පුද්ගලික අදහසයි. එසේ ප්‍රකාශ කරන්නේ බලය ලබා ගැනීමේ අරමුණෙන් අතීතයේ එම කුහක දේශපාලකයන් සිදුකළ ක්‍රියාකාරකම් මතය (නි)
ඉතින් රජයටම කියන්නේ පළාත් සභාව අවබෝධයෙන් ඒ වගකීම අරගෙන ක්‍රියා කරන්නකෝ. නිකම්ම බලය බෙදන්න ඉල්ලුවට ලැබෙන්නේ නෑ. බලය ලැබුනොත් කරන්න පුළුවන් විදිය දැනට තියෙන පළාත් සභා බලය තුලින් ආදර්ශනය කරලා පෙන්වන්න ඇමති තුමා. (බ)
මේවට ටික දුරක් යන්න දෙමු එතකොට පොරෝවෙන්ම වැඩ පටන් ගන්න පුළුවන්. (බ)
අනාගතයේදී විය හැකි භයානක තත්වයක් ගැන හැමෝම ඉතාමත් කල්පනාකාරී විය යුතු වෙනවා. රට පුරාම සාමය ආරක්ෂා කිරීමට පොලිසිය සහ ආරක්ෂක හමුදා බැඳී සිටිනවා. එහෙත් මහජනයා රැක ගැනීමටත් ඔවුන් බැඳී සිටිනවා. මෙම සිද්ධිය දඩ මීමා කරගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට උතුරේ මෙන්ම දකුණේද කල්ලි සැදී පැහැදී සිටින බව පසුගිය දිනවල සිදුවූ කටයුතු වලින් පේනවා. (බ)
හැමෝටම කලින් උතුරේ සිටින ජාතිවාදී දේශපාලුවන් මේ බව තේරුම්ගත යුතුයි (බ)
කොටි ත්‍රස්‌තවාදය පටන්ගත්තෙත් මේ වාගේ සිද්ධීන් වලින් පසුවයි (බ)
තාම යුද්ධ බලාපොරොත්තුව අත්හැරලා නැහැ, අවස්ථාවක් ලැබෙන තුරුයි මෙයාල කල් මරන්නේ. ප්‍රවේශම් වෙමු. (ම)
බලන්න ඊයේ පාර්ලිමේන්තුවේදී රනිල් මේ ගැන කතාකරපු විදිහ .මිස්ට බීන්ට හපන් විහිළු සපයන්නෙක් වෙලා. මේ අය ඉන්නකන් කොටින්ටත් පාතාල කල්ලිවලටත් ඔලුව උස්සන්න පුළුවන් වාතාවරණයක් තියෙන්නේ (බ)