හෙදියන්ගේ පුරෝගාමියා වන ෆ්ලොරන්ස් නයිටින්ගේල් අද සිටියානම් ශ්‍රී ලංකා හෙද සේවයේ සිදු වන ඇතැම් දේ දැක පපුව පැලී මැරෙනු ඇතැයි තමාට සිතෙන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳුදාට (19) යෙදී ඇති ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අද පැවැති උත්සවයකදී පොළොන්නරුවේදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් ඉතින් නයිටිංගේල් නැහැනේ? (නි)
කෝ අප්‍රියෙල් මාසයේ ගේනවයි කියාපු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය? ඊළඟ අප්‍රියෙල් වලට නම් තව පෝය 11 ක්ම තියනවා. අනේ මන්දා මේ රටේ ඉන්න දුප්පත් අහිංසක ලෙඩ්ඩු මේ තරමටම අවාසනාවන්තද කියලා. චින්තනයේ ආශ්චර්යය ඔවුන්ට කැප නැද්ද? (නි)
නයිටිංගේල් හිටියා නම් ඒත් එච්චරයි තමයි. මොකද වැඩ වර්ජන නිසා ප්‍රතිකාර නැහැනේ. (නි)
බුදුහාමුදුරුවෝ හිටියනම් ධර්මද්වීපයේ කරන වැඩ දැකල මොනවා කරයිද හිතාගන්න බැ (ස)
"දෙන වැටුප ඇහුවනම් තවත් සැරයක් පපුව පැලෙනවා." ඇය්?කොපමණ වැටුපක් බලාපොරොත්තු වෙනවද? (නි)
මට හිතෙනවා සමහරු දැක්කහම මඩු වලිගයෙන් ගහන්න (නි)
නයිටින්ගේල් හොඳ ගති ආරක්ෂා කළා. (ස)
දෙන වැටුප ඇහුවනම් තවත් සැරයක් පපුව පැලෙනවා. (ස)
හැබැයි ඇමති තුමෝ සමහර දෙසපලකයෝ කරන වැඩ දැක්කනම් හිට්ලර් ගේ උනත් පපුව පැලිලා මැරෙනවා. (ස)
ඇමති තුමා හරියටම හරි. දැන් මේ අය උත්සහ කරන්නේ, නයිටින්ගේල්ව අමතක කර,එතුමිය පැත්තකට විසි කරලා දාල ඔක්කොම හිපොක්‍රටිස්ල වෙන්නයි. එතුමා හිටියනම්, පපුව විතරක් නෙමේ ඔලුවත් පුපුරනවා අපේ හෙදියන් ගේ ඉල්ලීම් වලට. ඩ(ස)
ලැජ්ජා නැතුව තවත් කතා කියනවනේ? කරන දේවල් ගැන ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද ඇත්තට? දොස්තරලා කුහකකම් කරන නිසයි මේවා දුරදිග යන්නේ (නි)
වකුගඩු ලෙඩ්ඩුන්ට සමහරු සළකන විදිහ දැක්කොත් යමයා ඇවිල්ලා එක්කාගෙන යාවි. (නි)
සහතික ඇත්ත . ලෝකයේ හෙද සේවාවට දීල තියෙන තැනත් ලංකාවේ එය වහල් සේවාවේ යොදවන හැටිත් දැකලා එහෙම වේවි. (ස)
බමුණු මහත්තයෝ, කණ්ණාඩියක් ළඟට ගියාමද පෙනෙන්නේ මඩු වලිගෙන් ගහන්න ඕනෑ අය?(නි)
අනේ ඇමතිතුමනි, සහතික ඇත්ත. නමුත් ජේ.ආර්. යුගයේ මසක් එක දිගටම කරගෙන ගිය හෙදි වැඩ වර්ජනයේදී එම වර්ජනයට ලොකු සහයක් දුන්නේ කවුද කියලත් අපි දන්නවා.මම මෙහෙම කියන්නේ මමත් එදා හෙදියන්ගේ පැත්ත ගෙන ලොකු මෙහෙයක් කළ නිසා.නමුත් එකක් කිව යුතුයි. මහ ජනතාවට දහසකුත් පොරොන්දු දී බලය ලබාගෙන ,ඒවා අමතක කර දේශපාලඥයින් රජ සැප විඳිනකොටත් රටක වර්ජන සිදුවෙනවා. (නි)
ඕවා කියලා වැඩක් නැහැ ඇමතිතුමෝ.හොඳ දෙකේ දෙකේ පොල්ලක් අරන් කට්ටියට සළකන්නේ නැතුව..ඒ ඒ කාලේ..මේ මේ කාලේ.ඒ කාලේ තමයි හෙදියෝ නයිටිංගේල්ලාගෙන් පැවත ආවේ.දැන් ඉන්න අය පැවත එන්නේ ෂර්ලොක් පරම්පරාවෙන්.හෙදියෝ විතරක් නෙමෙයි දොස්තරලා ඇතුළුව සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ඉන්න අනෙකුත් සියල්ලන්ම එහෙමයි.තව ටික දවසකින් රටේ පාලනයත් ඕනෑ කියයි මෙහෙම ගියොත්.රජයේ වියදමින් මිනිසුන්ගේ බදු මුදල් වල පිහිටෙන් දොස්තර කෙනෙක් හෙදියක් වුණාට පස්සේ ආවේ කොහොමද, හිටියේ කොහොමද, තමන්ගේ යුතුකම් වගකීම් මොනවද අමතකයි.මේ විදියට නම් මේ ප්‍රශ්නය විසඳන්න වෙන්නේ නැහැ.ජේ ආර් මහත්තයා, ප්‍රේමදාස මහත්තයා වගේ අයම ඉන්න ඕනෑ මේ වගේ අය දමනය කරන්න අවශ්‍ය බේත් දෙන්න. (නි)
මම ලියන්න හිටපු ඒවා අනිත් අය ලියල තියෙන නිසා මට ලියන්න දෙයක් නෑ. (ස)
අනගාරික ධර්මපාල තුමා නැවත ඉපදිලා ආවොත් මොනවා කියයිද? මම නම් දන්නවා. (ස)
කියන කෙනාගේ හදවත ගැන හොයන්න ඕනේ. (ස)
ඇමතිතුමෝ මේ කට්ට්යටත් ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න. (ස)
ඔබතුමන්ලා කරන වැඩ වලට අපේ පපුව පැලෙනවා ඇමති තුමෝ. (ස)
මේ අය හොඳයි පොල් වෙළඳාමේ යවන්න. (ස)
පිටිගල, එතුමා කවුද කියලා හරි හැටි දැන ගත්තොත් ඔබටත් කරකැවිල්ල හැදෙන්න පුළුවනි. රාජ්‍ය ලේඛනාගාරයට ගිහින් ඒ කලේ ලිපි ලේඛන ටිකක් කියවන්නකෝ! (ස)
ඕව කියල වැඩක් නැහැ ඇමති තුමෝ.(ස)
බන්දුලට ආයෙත් අසනීපයි වගේ. (ස)
මේ වගේ හෙද සේවයක් තියෙන එකම රට අපේ රට පමණයි. (ස)
හෙදියන්ට තව ඉතුරු වෙලා තියෙන්නේ ඉර,හඳ,විතරයි වෙන්න ඇති එයාලගේ ඉල්ලුම් වලට.ලෙඩ්ඩු මැරුණත් එයාලා වැඩ වර්ජනේ.නයිටින්ගේල් අහලකින් වත් මෙයාල තියන්න පුලුවන්ද.එතුමියගේ තිබුණු ආදරය,කරුණාව අපේ අයට නැති උනත් පඩිය,ඉල්ලීම් විතරයි අවශ්‍ය.පපුව පැලිලා මැරුනොත් ඇති.වලෙනුත් ගොඩ එනවා මේවා දැකල. (ස)
ඔබ තුමා කරන වැඩ වලට ..........නේද ඇමතිතුමා ? (ස)
අද ලංකවෙ ඉතාමත් කෘෘර මිනිස්සු බිහිවනවා (ස)
රස්සාව කරන්න බැරිනම් ඉල්ලා අස් වෙන්න . (ස)
ඇමතිතුමනි, අතුරු හෙද කණ්ඩායම් පුහුණු කිරීමට රජය කටුයුතු කිරීම අවශ්‍යයි. (ස)
මේ කියන අය සුර සැප විඳිනවා. (ස)
රුක්ෂාන්, ඔය අනුන්ගේ අඩුපාඩු සෙවීමේ මන්ද මානසිකත්වයෙන් මිදෙන්න බැලුවොත් හොඳයි නේද??? (ස)
ඇමතිතුමා අනුන්ගේ වැඩ බලලා පපුව පලාගන්න කලින් ඔබ තුමන්ලා කරලා සහ කරන වැඩ බලන්න (ස)
ඔබතුමා ඕවා කිය කියා ඉඳලා හරියන්නේ නැහැ.ඕවට විසදුම් හොයන්න.දෙපාර්තමේන්තුවේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒවා හොයලා බලලා විසදුම් දෙන්න (නි)