ජනපතිවරණ මැතිවරණ පොරොන්දුව අනුව හෙදියන්ට හෙද පීඨයක් ලබාදෙන බව සෞබ්‍ය හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (12) ජාත්‍යන්තර හෙද දින ජාතික උත්සවය අමතමින් කියා සිටියේය.
‘අපේ පොරොන්දුව ඉෂ්ඨ කරමින් කොරියා විශ්ව විද්‍යාලයේ සමාජිකයන් සහභාගී කර ගන්න දැන් සැලසුම් හදලා තියෙන්නේ. නොබෝ දිනකින් ජනාධිපතිතුමා අතින් මුල්ගල් තියනවා. මේකට සමහර සංගම් විරුද්ධ වුණා. අනාගතයේ හෙද සේවය උපාධියක් වෙනවා. එදාට රුපියල් ශත වලින් හම්බ නොවුණු ගරුත්වය හම්බවෙනවා. අද හෙද සේවයට ජාත්‍යන්තර වශයෙන් විශාල තැනක් හිමිවෙලා. 2002 අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ කාලේ මම විශාල අරගලයක් කළා හෙද සේවය වෙනුවෙන්. ඒ කාලේ කැබිනට් අනු කමිටුවකුත් පත් කළා හෙද සේවය වෙනුවෙන්‘ යැයි ද සේනරාත්න මහතා පැවසීය.
සමස්ථ ලංකා හෙද හෙදියන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාද උත්සවයට එක්විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරොන්දු ඉටුකරන එක නම් ලොකු දෙයක් (නි)
ඉස්සර ඉන්දියාවේ හෙදියන්න්ට යුරෝපයේ ඇමෙරිකාවේ රටවල රැකියාවට යන්න කොළඹට ඇවිත් විභාගයක් පාස් වෙන්න ඕන. දැන් ඉන්දියාව හෙද කම ලංකාවට වඩා ඉදිරියට ගිහින් Bsc MSc උපාධි දෙනවා. (ර)
මැදපෙරදිග යන අය වැඩ කරලා එවන සල්ලි හින්දා තමයි මෙතෙක් කල් මේ රට දිව්වේ. නැතුව මේගොල්ලෝ රටේ වැඩ කරලා හම්බ කරපු සල්ලි වලින් නෙමෙයි. කවුරුහරි කරන රස්සාවක් පහත දාලා කතාකරන එක හොඳ නැහැ නම් තමයි. ඒත්...? (නි)
සිංගප්පුරුවේද? (බ)
නිදිමරන්න පුහුණු කරන්ඩ ඕන මුලින්ම දැන් ඉස්පිරිතාලේ වාට්ටුවේ ඇදේ හම්බෙන ළමයි අනාගතේ කොරිඩෝවේ දකින්ඩ පුළුවන් වෙයි (බ)
තමන්ට අයිති නැවක් විකුනලා මුදල් හෙදියන් අතර බෙදුවොත් හොඳ නැද්ද? (බ)