ගාල්ල නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාගේ වැඩ පොලිස්පති අණින් තහනම් කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. ඔහු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමයේ පෞද්ගලික කටයුත්තක් සඳහා ග්‍රාමාරක්ෂක භටයන් හතර දෙනකු හා පොලිස් කොස්තාපල්වරයකු යොදා ගත්තායැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම මේ පුටුවට වෙන කෙනෙක් එන්න හදනවා ඇති
දැන් රටේ වෙන දේවල් දැක්කම ඕකත් වැරැද්දක්ද?
පොලිස්පතිතුමනි, මම දෙන්නද ලිස්ට් එකක්.හැබැයි ඔයාත් අමාරුවේ වැටෙන්න පුලුවන් ප්‍රශ්න වලට උත්තර දෙන්න කැමතිනම්....
හිතට එකගව කියන්න බලන්න, අනික් අය මේ දේම කරලා නැද්ද? හා... කියන්න බලන්න ඉතිං
මේ කතාව බොරුවක්
වැඩේ නම් හොඳයි, ඒත් පොලිසිය සුද්ද කරන්න හැදුවොත් අන්තිමට පොලිස්පති තුමාට වෙන්නෙ තව අතලොස්සක් එක්ක ලංකාවෙම පොලිසි රන් කරන්න.
නියම පාඩම උගන්නලා තියෙන්නෙ අනිත් අයටත් දැනෙන්න
පොලිසියේ අයමනම් වැඩට ගත්තම මොකද ..
මේක වැඩ තහනම් කිරීමට තරම් ලොකු වැරැද්දක්ද? මම නම් හිතන්නේ සැගවුණු කතාවක් තියෙනවා වගේ
නිකං ඉන්න පොලිසියෙ මහත්තරැ ඒ වගේ වැඩකටවත් යොදාගත්ත එක කොච්චර හොදද? ඒ මහත්තයා මානව සම්පත් කළමනාකරණය කරල ඇති ඒකයි..
පළමු වතාවටයි මේවගේ පුවතක් ඇහුවෙ.. නමුත් මෙවැනි සිදුවීම් ලංකා පොලිසියෙ සාමාන්‍ය දේවල් නෙ...
ඕක වැඩ තහනම් කරන්න තරම් දෙයක්ද? රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවනම් අපිත් කැමතියි
මේ මහත්තයාව මොන රටේ තානාපති කරයිද දන්නේ නෑ
වරුන, රජයේ ලොක්කොන්ට පවුද්ගලික වාහනයක් දෙනවා. ඒ ලමයි ඉස්කෝල වලට දාන්න වගේ පවුද්ගලික ගමන් යන්නත් එක්කයි. හැබැයි පවුද්ගලික සේවකයො දෙන්නෙ නෑ. ඒ නිසයි ඔය වැඩේ වැරැද්දක් වෙන්නෙ. හැම ලොක්කෙක්ම තමන් යටතෙ ඉන්න පොඩ්ඩන්ව ගෙදර අරන් ගියොත් මොකද වෙන්නෙ? වරදවා තේරුම් ගන්න එපා.
වරුන, රජයේ ඉහළ නිලධාරීනට පෞද්ගලික වාහනයක් දෙනවා. ඒ ළමයි ඉස්කෝල වලට දාන්න වගේ පෞද්ගලික ගමන් යන්නත් එක්කයි. හැබැයි පෞද්ගලික සේවකයන් දෙන්නෙ නෑ. ඒ නිසයි ඔය වැඩේ වැරැද්දක් වෙන්නෙ. හැම ලොක්කෙක්ම තමන් යටතෙ ඉන්න පොඩ්ඩන්ව ගෙදර අරන් ගියොත් මොකද වෙන්නෙ? වරදවා තේරුම් ගන්න එපා.
මේක රජයේ දෙපාර්තුමේන්තු බොහොමයකම වෙන දෙයක්. ඒක ඕන කෙනෙක් දන්නවා. එහෙව් එකේ පොලිසිකාරයොන්ගෙන් විතරක් 100% ක විනයක් බලාපොරොත්තු වෙන එක හරිද? හිතට එකඟව හිතලා බලන්න.....
මේක රජයේ දෙපාර්තුමේන්තු ඔක්කොගෙම වෙන දෙයක්. ඒක ඕන කෙනෙක් දන්නවා. එහෙව් එකේ පොලිසිකාරයොන්ගෙන් විතරක් 100% ක විනයක් බලාපොරොත්තු වෙන එක හරිද? හිතට එකඟව හිතලා බලන්න.....
පොලිසිය සුද්ද කරන එක නම් හොඳයි. ඒත් වෙන ආයතනවල ලොක්කො නඩු වලින් වැරදි කාරයො වෙලත් සැපට පුටුවල ඉන්න එකේ ඇයි පොලිසියට විතරක් නීති තද??? පත්තරයක් බැලුවොත් හැමදාම පොලිස්කාරයෙක් දෙන්නෙක් දොට්ට වැටිලා. වෙන තැනක එකෙක් එහෙම විනය කඩ කලාම අස් කලා කියලා අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්.
මරේ මාරු .
මුලු රටේම දෙපාර්තුමේන්තු වල විනය බලධාරියා කරලා පොලිස්පතිව දාන්න තියෙන්නෙ
අයියෝ ...ධර්මසිරි ...!
ඔය මූනම තව ටිකකාලෙකින් ටයි කෝට් දාල වෙනත් පුටුවක ඉදගෙන ඉදියි..
පොලිස්පති තුමා දන්නැද්ද? මෙයාට ලොකු ලොකු සම්බන්ධකම් තියෙනවා!
ෂුවර් එකටම විරුද්ධ පක්ෂෙක කෙනෙක් වෙන්න ඇති..නැත්නම් ඔහොම වෙන්න විදියක් නෑ....
ඇපැලක් දමල හරි රස්සාව හදා ගන්න බලන්න බිරිද දරුවෝ ඉන්න හොද පොලිස් නිලධාරියෙක් විදියට තමයි මම මේ මහත්තයා දන්නේ.
මේ ග්‍රාමාරක්ෂකයින් පිරිස හා කොස්තාපල් වරයාම, දේශපාලුවකු වෙනුවෙන් සේවාවේ යෙදවූ බවට චෝදනා ලැබුවානම් මෙම තීන්දුව වෙනස් වෙන්න ඉඩ තිබුනා . අපේ නියෝජ්‍ය පොලිස්පති තුමා කරපු වරද නම් ඔවුන් 'පුද්ගලික' වැඩකට යොදා ගැනීමයි. මෙතරම් කලක් රාජකාරිය කරලාත් ලංකාවේ නීතිය ඉගෙනගන්න බැරිවුණ හැටි ....
මේ ලංකාවෙද ????
ඉහල ඉන්න කට්ටිය කරන ඒවට දඩුවම් නෑනේ. ලොකු කට්ටිය තමයි මහා පරිමානෙන් ඔය විදිය වෑඩ කරන්නේ.
වැඩ තහනම් කරල විතරක් මදි...දින 2,3 කටවත් ඇතුලට දාන්න ඕන....
ඕවට දඬුවම් දෙන එක හොඳයි. හැබැයි ටික දවසකින් එයා වෙන පලාතක වැඩ කරයි ද දන්නෑ.
ගාල්ල ,මාතර පැත්තේ තමයි දැන් ඔක්කොම..
දන්න ඉතිහාසෙටම මෙහෙම එකක් උනාමද කොහෙද....
ඔහොම තහනම් කරනව නම් තව කොච්චර ඉන්නව ද? බොරුනම් බලන්න උදේට ඉස්කෝලයක් ගාවට ගිහින්
පෙන්ෂන් යන්න ළඟයිද?
අකුරැස්ස, තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ගාල්ල මොනරාගල පොලිසිය. මේ මොකද වෙන්නේ
කී දෙනකුගේ වැඩ තහනම් කරන්න වෙයිද?
මේ විදියට වැඩ තහනම් කරන්න ගියොත් ?!!!!!!
ඔහොම කරන්නේ නැතුව බෑ. ඔහොම යං ඔහොම යං
වරද ඔප්පු වෙනතුරු කිසිම අයුරකින් වරදක් කියන එක හොඳ නෑ.............
වැරදි කරලා තියෙනව නම් තනතුර මොකක් උනත් දඩුවම් දිය යුතුයි ...........
ඇත්ත කතාව ඕක නෙවේලු
මම එකග නෑ.මොවුන් රටට සේවයක් කළ අය. ඔහුටත් නීතියේ පිහිට පැතිය යුතුයි
පගාව එහෙම ගත්තට චෝදනා තියෙනවද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ