පෑලියගොඩ පොලිසියට ගොස් සැකකරුවන් දෙදෙනකු මුදාගෙන ගියැයි කියන නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධයෙන් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ නියමයෙන් විමර්ශන ඇරැඹූ විශේෂ පොලිස් කණ්ඩායම මේ වන විට ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එස්අයියූ හෙවත් විශේෂ විමර්ශන ඒකකය මගින් එම විමර්ශනය කරන බවයි.
අඩු මිලට ජංගම දුරකතන අලෙවි කරන බව පවසා අන්තර් ජාලයේ දැන්වීමක් අනුව හෝකන්දර යුවළකගේ ගිනුම්වලට රුපියල් පන් ලක්ෂ දස දහසක් බැර කළත් දුරකතන නොලැබුණු බව පවසමින් රක්ෂණ නියෝජිතයකු පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර තිබිණි.
ඒ අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගත් අතර එදින රාත්‍රී පොලිසියට ආ නියෝජ්‍ය පොලිස්පති නිලධාරීනට බැන වැදී යුවළ නිදහස් කරගෙන ගියැයි චෝදනා එල්ල විය.
සැකකාරියට පිළිකාවක් වැළඳී ඇති බවත්, ඇයට නිසි පරිදි බෙහෙත් ලබා දී නැති බවත්, පොලිසිය ඒක පාර්ශ්විකව කටයුතු කර ඇති බවත් කියමින් නියෝජ්‍ය පොලිස්පති ලොග් සටහනක් ද තබා ඇතැයි පොලිස් ආරංචි සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි ඉතින් විමර්ශනෙන් පස්සේ නියෝජ්‍ය පොලිස්පතිට වෙන්නේ මොකද්ද කියල කියමුකෝ බලන්න.(නදී)
සේරම්, ඔබ හරි, රටේ ජනතාවගේ හැටියට තමය, පාලකයෝ, පොලිසිය, අධිකරණය මේ හැමදෙයක්ම හැදෙන්නේ. (දිල්)
යකාගේ හැටියටනේ විමානේ සහ දෙවියෝ පය නොගහන තැන යක්කු බඩපිණුම් ගහනවා යන කියමන් හොඳ වැඩියි (දිල්)
මේවට නඩුත් නැහැ .නීතීය නැති බැරි පොඩි මිනිසුන්ට පමණය කියා මට සිතේ (දිල්)
පොලිසිය ගොඩක් අයට අල්ලගත්තු ගමන් බෙහෙත් දෙනවනේ. ඇයි මෙයාට දීල නැත්තේ.(දී)
පොලීසිය සැමවිටම ඒක පාර්ශික විය යුතුයි එනම් හැම විටම යුක්තිය සහ සාධාරණය ඇති පැත්ත ගතයුතුයි. මෙයා මේ කියන්නේ පොලිසිය ඒ පැත්ත නැතුව අසාධාරණයට සහ අයුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි. (ත)
සැබෑවටම වරදක්කල අයෙකුව නීතියට අනුකුලව කටයුතුකර ඇත්නම් කුමන තරාතිරමක නිලධාරියෙකුටවත් එය වෙනස් කරන්න බැරි වන ආකාරයට පොලිසියට නීති හඳුන්වා දියයුතුයි. එවිට බොහොමයක් මෙවැනි තත්වයන් සිදුනොවේවි. (නදී)
අර ඇමති තෙනෙක් කිව්වේ නිතිය මොකාටද ගියා කියලා.(නදී)
මේ නියෝජ්‍ය පොලිස්පතිත් පන්දමකින් ඔතනට ආපු කෙනෙක් වගෙයි පෙනෙන්නේ නැත්නම් ආණ්ඩුවේ ලොක්කෙකුට නෑ සම්බන්ද කමක් හරි තියෙන්න ඕනේ නීතිය මේ ආකාරය ට අතට ගන්න. ජනතාව නීතිය සම්පුර්ණයෙන් අතට ගත්ත දාට, ඔය නියෝ.පො.ප ටත් පොලිසියේ පිහිට හොයන්න වේවි.(නදී)
පොලිස්පතිවරයා එසේ කිම වැරදියි.(නදී)
මට මූකුත් මතක නැහැනේ (දී)