එච්එන්ඩීඒ සිසුන් පසුගිය 26 වැනිදා පහරකෑමට ලක්වීමේ වගකීම පොලිසිය බාරගන්නා බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කර ඇත.
පොලිසිය මෙම පියවර ගත්තේ පෞද්ගලික ලාබ අපේක්ෂාවෙන් නොව මහජනයා පීඩාවට පත්වීම වැළැක්වීම සහ රජයේ සහ පෞද්ගලික දේපළ ආරක්ෂා කර ගැනීමට බවද හෙතෙම සඳහන් කළ බව කොමිසමේ ආරංචි කියයි.
නියෝජ්‍ය පොලිස්පති මේ බව සඳහන් කර තිබුණේ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සිසුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල විභාග කළ අවස්ථාවේය.
මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොමිසම රැස්විය.
පොලිසිය වෙනුවෙන් කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොටුව, පිටකොටුව, බොරැල්ල, දෙමටගොඩ, කුරුඳුවත්ත යන පොලිස් ස්ථානාධිපතිවරුන් ඉදිරිපත්ව සිටියහ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රමුඛ පොලිස් නීතිඥවරු කණ්ඩායමක්ද පැමිණ සිටියහ.
සිසුන් නියෝජනය කරමින් එච්එන්ඩීඒ සිසු එකමුතුවේ කැඳවුම්කරු ධම්මික රුවන්කුමාර පැමිණ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්කෝලේ ඉගෙන ගත් අය සිසුන්ගේ පැත්තේ . පහ පාස් වෙලා පාසලින් ඉවත් වුන අය අනිත් පැත්තේ !! (රේ)
අපි බලමු ඊළඟට මොකක්ද වෙන්නේ කියලා (නි)
හරි. දැන් පොලිසිය ඒ වගකීම බාරගත්තා නම් පාරවල් අවහිර කිරීම, රෝහල් වැනි අත්‍යවශ්‍ය සේවා වලට බාධාකිරීමේ වගකීමත් සිසුන් බාරගත යුතුයි. (නි)
දවල් මිගෙල් රෑ දකියෙල්(රේ(
අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
මේ කලබගෑනිය වුණ දවසේ මගේ නැන්දාගේ සැත්කම කල්ගියේ ඇස් වාට්ටුව අසළ මාර්ග තදබදය නිසා. වාසනාවට ඇයට අසාධ්‍ය තත්වයක් තිබුණේ නැහැ. නමුත් තමන් ගැන විතරක් මේ සිසුන් හිතන බව නම් පෙනුනා. (නි)
එතුමා කොච්චර හොඳ කෙනෙක්ද? (නි)
මම නම් පැහැදිලිවම කියනවා මෙතන මූලික වැරැද්ද කර තිබෙන්නේ සිසුන් කියලා (නි)
අධ්‍යාපනයක් නොලබපු අය තමා අනිත් පැත්තට කථා කරන්නේ. අධ්‍යාපනයේ අගය දන්නේ හරියට ඉගෙනගත්ත අය විතරයි. (ම)
නීතියෙන් බැදී ඇති යම් ක්‍රියාවක් නොකර හැරීමද වරදකි.(ම)
වසන්ත ඔයාට මතක නැද්ද උසස් අධ්‍යාපනයක් ලබමින් සිටින්නේ පිරිසක් බිමත්ව නිරුවතින් ඒ ගඟක පිස්සු නටලා ප්‍රදේශවාසින් පොලිසියට අල්ලා දුන්න. කාගේ කාගේත් කිල්ලෝටවල වල හුණු තිබෙන නිසා අනුන්ට පරිභව කරන්න කලින් හිතන්න. (බ)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
මහා ලොකු අධ්‍යාපනයක් ලැබුවේ නැති වුනත් අනුන්ගේ උසස් අධ්‍යාපනයට බදු ගෙවන කට්ටිය නිසා තමයි අපේ රටේ උගතුන් බිහි වෙන්නේ. වසන්තට ඒ කරුණ මතක නැහැනේ. (රේ)
රවී, ඔබ හරි. පොලිසිය ස්වාධීනව මහජන හිතසුව පිණිස රාජකාරිය කරන්නට ගොස් නරක නාමයක් හා මඩ ගාගත්තා. (නි)
පෙළපාලි ගොස් මහජනතාව අසීරුවට පත්කරන අය ගැන පොලිසිය ක්‍රියාකළ ආකාරය හොඳයි. නමුත් කොයිදේත් කරන ආකාරයක් තිබෙනවානේ (නි)
රටක සිවිල් නිතිය දන්නේ නැති උදවිය උගතුන්ගේ ඝනයට දාන්න පුලුවන්ද ? පසුගිය කාලයේ අපිට සරසවි සිසුන් ගැන ආරංචි වුණේ උගතුන්ගේ හැසිරීම් නෙවෙයි. (ම)
වසන්ත එතකොට මේ අයගේ අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන ඇත්තන්ව ඔබ දමන්නේ ඔයින් මොන කොටසද ? ඒ ඔක්කොම උපාධි ලැබුවන් නෙවෙයිනේ. කරුණාකර උත්තර දෙන්න .
වසන්ත එතකොට මේ අයගේ අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන ඇත්තන්ව ඔබ දමන්නේ මොන වර්ගයටද? හැමෝටම උපාධි නැති වුණත් අනුන්ගේ අධ්‍යාපනයට බදු ගෙවමින් උදව් වෙන මිනිස්සු (ම)
පොලීසියත් වැරදී ශිෂ්‍යයොත් වැරදී. නමුත් මෙතන ගෑටුම ඈති වුනේ ශිෂ්‍යයන්ට සාකච්ඡාවක් ලබා නොදුන් නිසයි. එහෙම කරපු බලධාරීන් හොදයි? (බ)
වසන්ත ආදී අයගෙන් මේ ඔබ දකින්නේ නිදහස් අධ්‍යාපනයේ පල විපාකයි. ඔවුන්ට කොහෙත්ම මතක නෑ ඔවුන්ගේ උපාධියට මුදල් ගෙව්වේ රටේ අහිංසක මිනිසුන් බව.(රේ)
සිසුන්ට විරුද්ධව මත දරන උදවිය නුගත්තු නම් සිසුන් ගේ දෙමව්පියන් ඔක්කොම ආචාර්ය උපාධිකාරයන් වෙන්න ඇති එහෙනම් .නේද වසන්ත ? (ම)
මටනම් තේරෙන්නේ නැහැ උසස් අධ්‍යාපනයක් තිබෙන හෝ දැනට හදාරන පලියට කෙනෙක් කරන කියන හැමදේම 100% නිවැරදියි යන නිගමනයට සමහරු ඇවිත් තියෙන්නේ කොහොමද කියලා. (ම)
ගාමිණී මතුරට මහතාට අපේ ප්‍රණාමය! (නි)
ගාමිණී මතුරට කියන්නේ පොලිසියේ සිටින ඉතාමත් ගුණගරුක පුද්ගලයෙක්. එතුමා කවදාවත් හොරබොරු, වංචා, පගාගැසීම් කළ අයෙකු නෙමෙයි. පොලිසියේ අය පමණක් නොව ජනතාව තුළ පවා එතුමාට ඇත්තේ ලොකු ගෞරවයකි. එතුමා මෙම සිදුවීමේ වගකීම බාරගත්තා නම් එයද පොලිසියටත් මහජනතාවටත් කරන ගෞරවයකි. මෙවැනි විනයගරුක පොලිස් නිලධාරීන් තවමත් පොලිස් දෙපාර්තුමේන්තුවේ සිටීම අප සැමට සතුටකි (නි)
අර පැරණි කියමනක් තිබෙනවානේ වැටත් නිරත් ගොයම් කා නම්, කාට පවසම් ඒ අමාරුව කියලා (නි)
එතකොට සිසුන් මොකුත් කියන්නේ නැද්ද? (නි)
එහෙම නම් ඊට වගකිව යුතු අයට අධිකරණයට පමණුවා දඩුවම් දෙන්න. නිකම් වගකීම බාරගෙන ලිස්සලා ගිහින් හරියන්නේ නැහැ. එතුම නිකම් වගකීම බාරගත්ත මිසක් ඉල්ලා අස් වුනේ නැහැනේ. ....(රේ)
සිද්ධිය ඇති නොවන්න කටයුතු කළා නම් මතුරට මහත්තයාගේ වටිනාකම කියල නිම කරන්න බැහැ. සිද්ධිය උනාට පසුවත් ඒ මොහොතේදී ඒ වගකීම බාර ගත්ත නම් ලකුණු 50ක් වත් ලැබෙන්න තිබුන. දැන් ඉතින් වෙච්ච දේට මක්කොරන්නද ? විභාගේ සමත් වෙන්න අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලැබිල නැහැ....(රේ)
කව්රු කලත් පහරදීම් සහ පොලීසිය හැසුරුණු බාල ආකාරය ගැන සතුටු වෙන්න බෑ. ශිෂ්‍යයෝත් උගත් මිනිසුන් හැටියට හිතට ගන්න ඕනේ උද්ගෝෂණයක් කරනකොට සාමකාමීව කරන්න.(රේ)
මෙතුමාත් පෙන්ෂන් ගියාම තානාපතිකමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ..(රේ)