නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස එකසත් ජනතා නිදහස් සන්ධානයේ තිලංග සුමතිපාල මහතාගේ නම යෝජනා විය.
ඔහුගේ නම යෝජනා කළේ හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාය. සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායක ලෙස පත් කිරීමට කළ යෝජනාව ස්ථිර කරනු ලැබුවේ රවුෆ් හකීම් මහතා විසිනි. තිලංග සුමතිපාල මහතා මෙවර මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ අතර පසුව සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා ගැනිණි.
නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩෛකලනාදන් මහතාද නිතරගයෙන් පත්විය. ඔහු දෙමළ ජාතික සන්ධානයට එක්වීමට පෙර දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (ටෙලෝ) නායකයා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මහත්තයෝ නියමයි (නි)
අනේ මන්දා! ඡන්දය නම් පරාදයි. ඒ වුණාට පාර්ලිමේන්තුවේ ඉහළ තැනකට (නි)
අහවල් එකකටද කොටි ගණන් මහජන මුදල් වියදම් කරලා ඡන්දයක් තිබ්බේ තමාට ඕන ඕන කරන කෙනවා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරගන්න තිබුණනේ. (අ)
දෙමල ජාතික සන්ධානෙන් පත්වෙච්ච ඒ තනතුරට නම් මගේ කැමැත්තක් තියෙනවා..(ම)
අපිට කවදත් දේශපාලුවෝ පෙන්නන්නේ පස්ස. (අ)
ඡන්දෙ පැරදිලා මෙහෙම නම් දිනුවොත් කොහොම වෙයිද ? මම නම් ආයේ කාටවත් ඡන්දෙ දෙන්නේ නෑ ..වැඩක් නෑ.(අ)
අයියෝ සල්ලි, මෙහෙමත් යහපාලනයක් (අ)
සුදු අසුපිට නැගලා මංගල රථයේ තියා කැන්දාගෙන යන්නේ ඔයා (බ)
රේස් බුකි කාරයෙක්ට , නියම යහ පාලනය , ජනතාව ප්‍රතික්ෂේප කරපු සොරුන් ජාතික ලැයිස්තුවෙන් , කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ , ආන්ඩු මාරු කරාම (බ)
සුබ පැතුම්! ජයවේවා! (නි)
ඡන්දය දුන් අපි, නුඹලායි මෝඩයෝ බලනකොට. (නි)
ජනතාව ප්‍රතික්ෂේප කළ අයට ඇයි තනතුරු දෙන්නේ? (නි)
නියමයිනේ. ඔහොම යමුකෝ.... අපිත් බලාගෙන තමයි ඉන්නේ (නි)
හොඳයි හොඳයි. ඔහොම යමු (නි)
මින්මතු ශ්‍රී ලංකාවේ ජනවරමක් ඉල්ලා ඡන්දය පවත්වන්න එපා. නිකරුනේ මුදල් නාස්තියක් පමණයි සිද්ධවෙන්නේ. කෝටි ගන්නන් මුදල් ඉතුරු කරගන්න පුළුවන්, ඔය යන විදිහටම තව අවුරුදු 20ක් විතර ඇදගෙන යන්නයි තියෙන්නේ (නි)
පාලකයනි, තාමත් ඔබ මර නින්දේය. අපි අනාථ බිමේ තනිව හඬන්නෙමු. අපේ කදුළු,දහදිය ඔබට විහිළුවක් විය. (නි)
හ්ම්.... ඒකත් එහෙමද? (නි)
කොහේටවත් පැන්නේ නැති නිර්මල ලංකා පුතෙක් (නි)
එයාලා දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්.අපි තමා හැමදාම පරාද.ඔහොම යමුකො. (නි)
අපි ඡන්දේ දුන්නේ මේකටද? (නි)
මම හදවතින්ම සුබ පතනවා (නි)
අපි අතීතය අමතක කර රටේ අනාගතය වෙනුවෙන් කැපවෙමු (නි)