නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස එකසත් ජනතා නිදහස් සන්ධානයේ තිලංග සුමතිපාල මහතාගේ නම යෝජනා විය.
ඔහුගේ නම යෝජනා කළේ හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාය. සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායක ලෙස පත් කිරීමට කළ යෝජනාව ස්ථිර කරනු ලැබුවේ රවුෆ් හකීම් මහතා විසිනි. තිලංග සුමතිපාල මහතා මෙවර මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ අතර පසුව සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා ගැනිණි.
නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩෛකලනාදන් මහතාද නිතරගයෙන් පත්විය. ඔහු දෙමළ ජාතික සන්ධානයට එක්වීමට පෙර දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (ටෙලෝ) නායකයා විය.
2025 දෙසැම්බර් මස 18
292
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල
රෝහණ Tuesday, 01 September 2015 06:19 AM
නියමයි මහත්තයෝ නියමයි (නි)
සිසිර Tuesday, 01 September 2015 06:20 AM
අනේ මන්දා! ඡන්දය නම් පරාදයි. ඒ වුණාට පාර්ලිමේන්තුවේ ඉහළ තැනකට (නි)
නිහාල් Tuesday, 01 September 2015 06:44 AM
අහවල් එකකටද කොටි ගණන් මහජන මුදල් වියදම් කරලා ඡන්දයක් තිබ්බේ තමාට ඕන ඕන කරන කෙනවා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරගන්න තිබුණනේ. (අ)
ඉසුරන්දි Tuesday, 01 September 2015 06:45 AM
දෙමල ජාතික සන්ධානෙන් පත්වෙච්ච ඒ තනතුරට නම් මගේ කැමැත්තක් තියෙනවා..(ම)
ප්‍රියංක Tuesday, 01 September 2015 07:07 AM
අපිට කවදත් දේශපාලුවෝ පෙන්නන්නේ පස්ස. (අ)
චමින්ද Tuesday, 01 September 2015 07:08 AM
ඡන්දෙ පැරදිලා මෙහෙම නම් දිනුවොත් කොහොම වෙයිද ? මම නම් ආයේ කාටවත් ඡන්දෙ දෙන්නේ නෑ ..වැඩක් නෑ.(අ)
සමී Tuesday, 01 September 2015 07:10 AM
අයියෝ සල්ලි, මෙහෙමත් යහපාලනයක් (අ)
රාධා Tuesday, 01 September 2015 12:51 PM
සුදු අසුපිට නැගලා මංගල රථයේ තියා කැන්දාගෙන යන්නේ ඔයා (බ)
මාපලගම පත්මා Tuesday, 01 September 2015 04:15 PM
රේස් බුකි කාරයෙක්ට , නියම යහ පාලනය , ජනතාව ප්‍රතික්ෂේප කරපු සොරුන් ජාතික ලැයිස්තුවෙන් , කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ , ආන්ඩු මාරු කරාම (බ)
අකලංක Tuesday, 01 September 2015 05:29 AM
සුබ පැතුම්! ජයවේවා! (නි)
පාලිත Tuesday, 01 September 2015 05:31 AM
ඡන්දය දුන් අපි, නුඹලායි මෝඩයෝ බලනකොට. (නි)
සුමිත් Tuesday, 01 September 2015 05:35 AM
ජනතාව ප්‍රතික්ෂේප කළ අයට ඇයි තනතුරු දෙන්නේ? (නි)
මුනිප්‍රිය Wednesday, 02 September 2015 01:17 AM
නියමයිනේ. ඔහොම යමුකෝ.... අපිත් බලාගෙන තමයි ඉන්නේ (නි)
සිංහ Tuesday, 01 September 2015 05:45 AM
හොඳයි හොඳයි. ඔහොම යමු (නි)
අස්මිත් Wednesday, 02 September 2015 01:48 AM
මින්මතු ශ්‍රී ලංකාවේ ජනවරමක් ඉල්ලා ඡන්දය පවත්වන්න එපා. නිකරුනේ මුදල් නාස්තියක් පමණයි සිද්ධවෙන්නේ. කෝටි ගන්නන් මුදල් ඉතුරු කරගන්න පුළුවන්, ඔය යන විදිහටම තව අවුරුදු 20ක් විතර ඇදගෙන යන්නයි තියෙන්නේ (නි)
ශක්ති Tuesday, 01 September 2015 05:50 AM
පාලකයනි, තාමත් ඔබ මර නින්දේය. අපි අනාථ බිමේ තනිව හඬන්නෙමු. අපේ කදුළු,දහදිය ඔබට විහිළුවක් විය. (නි)
සහන් Tuesday, 01 September 2015 05:56 AM
හ්ම්.... ඒකත් එහෙමද? (නි)
අනිල් Tuesday, 01 September 2015 05:56 AM
කොහේටවත් පැන්නේ නැති නිර්මල ලංකා පුතෙක් (නි)
තරංග Tuesday, 01 September 2015 05:58 AM
එයාලා දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්.අපි තමා හැමදාම පරාද.ඔහොම යමුකො. (නි)
සෙනරත් Tuesday, 01 September 2015 06:01 AM
අපි ඡන්දේ දුන්නේ මේකටද? (නි)
ටියුඩර් Tuesday, 01 September 2015 06:12 AM
මම හදවතින්ම සුබ පතනවා (නි)
යමින්ත Tuesday, 01 September 2015 06:12 AM
අපි අතීතය අමතක කර රටේ අනාගතය වෙනුවෙන් කැපවෙමු (නි)