නියඟයට මුහුණ දීමට නළ ළිං 400ක් ඉදිකිරිමට සහ ගම්වල ගැඹුරු ළිං 1000 ක් අලුත්වැඩියා කිරිමටත් අතින් පොම්ප කළ හැකි ළිං 200 ක් ඉදිකිරිමටත් කැබිනට් අනුමැතිය හිමි විය.
නගර සංවර්ධන හා ජල සැපයුම් ඇමැති රාවුෆ් හකීම් මහතා යෝජනාව ඉදිරිපත් කළේය.
නියඟයට මුහුණ දීමට නළ ළිං 400ක් ඉදිකිරිමට සහ ගම්වල ගැඹුරු ළිං 1000 ක් අලුත්වැඩියා කිරිමටත් අතින් පොම්ප කළ හැකි ළිං 200 ක් ඉදිකිරිමටත් කැබිනට් අනුමැතිය හිමි විය.
නගර සංවර්ධන හා ජල සැපයුම් ඇමැති රාවුෆ් හකීම් මහතා යෝජනාව ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූගත ජලය කියන්නේ ජල චක්‍රයේම කොටසක් මිසක් අපරිමිත ජල සංචිතයක් පොළව යට නැහැ (නි)
නියඟය පිටින් දාලා කොමිස් ගහන්න නම් සූදානම් වෙන්න එපා (නි)
මේවා ඉදිකරලා පමණක් මදි, නිසි පරිදි නඩත්තු වෙනවාද කියලා නිරන්තරයෙන් සොයාබැලීම යහපති. නැත්නම් වියදම අපරාධයක් වේවි. (නි)
මෙහි ප්‍රතිවිපාක ලෙස නියඟයට ඔරොත්තු දෙන විශාල ගසුත් එයට බිලිවෙයි (නි)
ඔය වැඩේ කරන්න නම් එපා. භූගත ජලය මහාපරිමාණයෙන් ගත්තම පොළව කාන්තාර වෙනවා. (නි)
එක්කෙනෙක් කැලේ සුද්ද කරනවා. අනෙක් එක්කෙනා වතුර දෙන්න ලෑස්තියි. නරකද ඔය ඇමතිතුමා එතුමා එක්කත් කතා කරලා කැලේ කපන එක ගැන මොනවාහරි කළා නම්... (නි)
නළ ළිං 400 කින් පුළුවන්ද නියඟයට මුහුණදෙන්න? (නි)
මනෝජ්, ඔයාගේ අදහස සම්පුර්ණයෙන් වැරදියි. යන්න ඉන්දියාවට. සමහර පළාත්වලට එකම වැස්සක්වත් නැහැ. අවුරුද්ද පුරාවටම. නමුත් වගාකරනවා නළ ළිං වලින් අවුරුද්ද පුරාවටම. (නි)
මොකුත්ම නොකර සහනාධාර දෙනවට වඩා විකල්ප විසඳුම් වලට යායුතුයි. හොඳ තීරණයක් (නි)
භූගත ජලය අසීමිතව ගැනීමෙන් ඉන්දියාවේ ආන්ද්‍රා පෙදෙසට වෙලා තියෙන දේ ගැනත් කරුණු සොයා බලන්න. අද වනවිට භූගත ජලය සෙවීම කළුනික වගේ වෙලා එයාලට. අපිත් කරුණු හරිහැටි හැදෑරුවේ නැත්නම් එ් අානිසංසයමයි. (නි)
මේකේ සමහර අය මෝඩ අදහස් දාලා ඔවුන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා (නි)
හකීම් මහත්තයා ඔය ගමන්ම කැලෑපාලුවන් ගැනත් හොයලා බැලුවා නම් හොඳයි ඔය පැලැස්තර වලට වඩා. (නි)
මහනුවර ප්‍රදේශයේ අතහැර දැමු බොහෝ නළ ළිං ඇත. ඒවා නැවත භාවිතතයට සුදුසු පරිදි සකස් කරගත හැක (නි)
දම්මිකගේ අදහසට ගරුකරනවා. එත් භූගත ජලය මහාපරිමාණයෙන් ගත්තම ආයේ ඒවා එකතුවෙන්න හුඟක් කල් යනවා. එකතුවුණේ නැත්නම් පොළවේ සාරය නැතුව යනවා (නි)
නළ ළිං ක්‍රමය වෙලාවේ හැටියට සුදුසුයි. පස ගැන හිත හිතා ඉන්න දැන් වෙලාවක් නැහැ (නි)
බුදු අම්මෝ නළ ළිං 100ක් ! කොටි දෙක හමාරක් ජනතාවට, එච්චර මොකටද? (ම)
මා දන්නා තරමින් නළ ළිං වලින් විශාල ජල ප්‍රමාණයක් ඇද ගැනීමට සැලසුම් කරනවා නම් එය මනාකොට අධ්‍යයනය කිරීමෙන් පසුව කළයුතුයි. ඕස්ට්‍රේලියාවේ මා ජීවත්වෙන ප්‍රාන්තයේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වුව නළ ලිඳක් හාරන්නේ නම් එයට අවසර දෙන්නේ බොහෝ පරිස්සමින්, සියල්ල සොයා බැලීමෙන් පසුවයි. (නි)
වැහි වතුර එකතු කරල තියන්න ක්‍රමයක් නැති එක ගැන කනගාටුයි . පහුගිය දවස් වල උතුරලා යන්න වැස්ස , මාස හතරෙන් නියඟයෙන් පෙළෙනවා . බලධාරීන් මීට වඩා කල්පනා කරල වැඩ කරනවා නං හොඳයි .(ම)
මෙහෙම ජල අර්බුද තියෙන රටේ ඉතුරු වතුර ටිකත් නැතිවෙන තැනට වැඩ කරන්නේ ඇයි? (නි)