IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නියගයෙන් කුඹුරු වලට සිදුවූ විනාශය මෙන්න

(සුජිත් හේවාජුලිගේ)

අධික නියගය හේතුවෙන් උතුර, නැගෙනහිර,වයඹ,සබරගමුව, දකුණ උතුරු මැද, පළාත්වල හෙක්ටයාර් දහසය දහස් එකසිය හැට හතරක (16164)  කුඹුරු වගා හානියට පත්ව ඇතැයි  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සේවා) සුමිත් චන්දන මහතා පැවසීය.

මින් කුඹුරු වගා  හෙක්ටයාර් 11231 කට  සියයට 75 කට වැඩි හානියක් සිදුව ඇතැයිද  ඔහු සඳහන් කළේය.

මෙම කුඹුරු භූමි හානියට පත්වීමෙන් විපතට පත්ව සිටින ගොවීන් සංඛ්‍යාව 36,380ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මින් වැඩිම හානියක් සිදුව ඇත්තේ නැඟෙනහිර,දකුණ සහ  වයඹ පළාත්වල කුඹුරු වගාවන්ටය.

මේ අතර මෙම පළාත්වලට ප්‍රමාණවත් වැසි තවමත් ලැබී නොමැති හෙයින් කුඹුරු වගා විනාශවීම  තවදුරටත් ඉහළ යා හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

උඩවලවේ ජල ප්‍රශ්නය ප්‍රශ්නය  හේතුවෙන්  දකුණේ කුඹුරු වගා රැසකට හානි සිදු වූ බව දෙපාර්තමේන්තුවේ  ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (1)

නියගයෙන් කුඹුරු වලට සිදුවූ විනාශය මෙන්න

සුරංග Friday, 18 August 2023 01:31 PM

ක්ෂණිකව අතිවිශාල මුදලක් සෙවීමට පාරම්පරිකව කරන කටයුතු යන්ත්‍රානුසාරයෙන් කරන්න ගියාම පොළව අභ්‍යන්තරයේ තියෙන ජලය පිටතට අරගෙන මුහුදට යවන්න වෙනවා. එහෙම දේවල් සබරගමුවේ විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සිදුවෙනවා. මෙයින් භූ ගර්භයේ ජලය විනාශ වුණාම ඒ ප්‍රදේශවලින් පහළ පෙදෙස් ඉක්මණින් වියළී යද්දී එම ප්‍රදේශවල ඉතාමත් ගැඹුරු නල ළිං වලිනුත් ජල උල්පත් වියළී යනවා මේ නිසා අනාගතයේ ලංකාවේ කාළගුණ විපර්යාසයක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. නමුත් මම භෞතික විද්‍යා උගතෙක් නොවෙයි නිසා මේ අදහස වැරැදියි නම් පහදා දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site