නායකයින්ගේ දරුවන්ගේ අනාගතය රැකගන්න අනෙක් දරුවන් විනාශකිරීම අනුමත කරන්න බැරි බවත් නායකයින්ගේ පුත්තුන්ට වුවමනා විදියට හැදූ තරුණ සංගම් තිබුණද අද ඒවා දකින්නවත් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (28) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති සමාජවාදී තරුණ සංගමයේ 3 වැනි වාර්ෂික සමුළුව අමතමින් පැවසීය.
‘සමහරු පොල් ගහනවා ආණ්ඩු පෙරළන්න. පොල් ගහන්න යන අය කපුවා මාර්ගයෙන් ප්‍රශ්නය දෙවියන්ට කියනවා. කපුවාට ප්‍රශ්නයක් වුණාම අපිට කියනවා අනේ මේ අසාධාරණයට පිහිට වෙන්න කියලා‘ යැයිද දිසානායක මහතා එහිදී කීවේය.
ඡායාරූප - ඉෂංක සුනිමල්
වීඩියෝ - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම ඉවරවෙලා නැහැ ගයාන් (නි)
සේනකගේ ප්‍රතිචාරය දැක්කම හිතෙන්නේ සොහොන් පිටියක් ලගින් යන බියපත් මිනිහෙක් නගන මහා හැඩින් කෑ ගැහීමක් වගෙයි. ඇත්ත ... සඳ එලියට අදත් බල්ලෝ බුරනවා. (ර)
අනේ මොකටද මගේ කට! (නි)
මෙතනත් ජාතික ගීය දෙමළෙන්ද කිවුවේ? (නි)
කතාව ඇත්ත. මටත් ඔහොමම හිතුනා ඒ කාලේ දුප්පතාට යන්න තිබුන බස් ගිනි ගන්නකොට, තැපැල් කන්තෝරු ගිනි ගන්නකොට (නි)
නියම කතාවක්! (නි)
දැන් රඟපාන්නේ බබාලා වගේ. ලංකාවම කෑවා (නි)
පොල් ගහනකොට දෙවියෝ දඬුවම් දෙනවා කියලා විශ්වාස කරන අයගෙන් අහන්නේ, ජනතාවගේ බදු මුදල් වංචා කරපු අයට , පුද්ගලික උවමනාකම් වලට අහිංසකයන්ගේ ජීවිත බිලිගත් අයට (හොරකම් සහ මිනීමැරුම්) දඬුවම් දෙන්න කියලා ආණ්ඩුවට පක්ෂ අය ලක්ෂ ගානක් පොල් ගැහුවොත් මොකද වෙන්නේ? (නි)
බොහොම හරි (නි)
මොනවිදියට පොල් ගැහුවත් මිනිසුන්ගේ මෝඩකම් අඩුවෙන්නේ නැහැ. (නි)
88-89 කාලේ තරුණයන්, පුජකයන්, සරසවි ඇදුරන් මරාපු මොවුන්ට මේවා ගැන කතාකරන්න අයිතියක් නැත. කප්පම් අරගෙන රට විනාශයට තල්ලු කරලා , දැන් බන දෙසනවා. (අ)
ජේ.වී.පී. අය කියන්නේ ඇත්ත වගෙයි අපි බොරු කියලා හිතුවට (නි)
බලයට එන්න කොතරම් මොර දුන්නත් මිනිසුන්ට අතීතය මතකයි,රටේ සම්පත් මොන තරම් විනාශ කලාද? (අ)
අපිත් ඔබ සමඟයි (නි)
කවුරු මොනවා කීවත් අද දවසෙ දේශපාලන භාවිතය අතින් ගත්තම ජවිපෙ අනිත් සියලුම පක්ෂ වලට වඩා ඉහලින් බැබලෙනවා.(අ)
පොල් ගැහුවට අපටනම් ඉතින් එලොව පොල් පෙනිලා තියෙන්නේ දැන් , (අ)
මට නම් පෙනෙන්නේ තවමත් ගයාන් ගොනාට අඳිනවා වගෙයි (නි)
ගයාන්, අපි නම් හිතන්නේ අපි ගොනාට අන්දලා හිටියේ ඒ කාලේ කියලයි. (නි)
ඔබ කියදේ සහතික ඇත්ත .එ්ත් ජනතාව ට තේරෙන්නේ නැහැ. රටේ අවසනාව.(අ)
6 බස්සනවා 3 ඊළඟ පාර.(අ)
විජේවීරලා සෝමවංස අමරසිංහ ල ශ්‍රී ලාංකික දේශපාලන භූමියේ රෝපණය කරපු ජ.වී.පෙ නම් වූ මහා වෘක්ෂය දැන් හරියට අර ශීත ඊර්තුවට අහු වෙච්ච එකක් වාගේ අතු ඉති රිකිලි ඔක්කොම රුටල වැටිලා යන්තම් ගහ බේරිලා තියනවා ඒ වුනාට දැන්නම් ඉතින් මෙලෝ රහක් නැහැ . (අ)
එකම මාතෘකාව මහින්ද! වෙන නැද්ද දෙයක් කතා කරන්න? (නි)
අනුර දිසානායක එස්.බි දිසානායක වීගෙන එනවා . විජේදාස ලියනාරච්චි කියල කෙනෙක් හිටය මතකද ඔබලාට. තිරිමවිතන (අ)
කටින්ද කතා කරන්නේ? ඒ කාලේ කීදෙනෙක් මැරුවද ඔයාල... එහෙම දෙයක් වුණේ නෑ කියලද කියන්නේ ??? ජවිපේ මිනී මරුවන් (අ)
ගොනාට ඇඳෙන්නේ නැහැ කිවාට "ගයන්" පොල්ගැහිල්ල ගැන හිතන් ඉන්න විදිහෙන් මොකට ඇඳගෙන ඉන්නවද කියල තමා මේ බැලුවේ. දේවාලේ උගස් තියන් දෙවියෝ විකුණන් කන අයට දෙය්යෝ බලාවි...(අ)
කාගේ දරුවන් වුණත් ඔක්කොම දරුවන්. නමුත් ඔබලාත් කරන්නේ අහිංසක පාසල් සහ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් නොමඟ යවා ඔබ වෙනුවෙන් කඩේ ඇරීමත්, ඔවුන්ගේ ඉගෙනුම සහ අනාගතය කඩාකප්පල් කර දැමිමත් නොවේද? ඔවා දෙනු පරහට , තමා සම්මතෙහි පිහිටා සිට (නි)
දෙවියන්ට පොල් ගහල ජනමතය වෙනස් කරන්න තරම් ගෝත්‍රික මිනිස්සු මේ රටේ ඉන්න එක ගැන අපි ලැජ්ජි විය යුතුයි මේ නවීන ලෝකේ ගොන් පොරවල් ඉන්නවානේ (අ)
මේ අනුර මහත්තය , අපි ඔබ තුමා ගැන බොහොම ආඩම්බරෙන් තමා කතා කළේ, නමුත් ඔබටත් දුර නොපෙනෙන ලෙස දැන් අපිට දැනෙන්නේ. ඔබ රටට වත්, ජාතියට වත්, අාගමටවත් ලැදී ව වැඩ කරන කෙනෙක් නොවේ, මහින්දත් සමග තියෙන තරහට මිනිස්සු උසි ගන්වන්න වැඩ කරන අනික් අය වගේ පහත් පෙලේ දේශ පාලුවෙක්. (බ)
ලොක්ක ඡන්දෙ කාලේ කෑගැහුවා මහින්ද තිරුපති වදින විට ලොක්කට සියා මතක් වුනා කියලා. රන් දොර වැහෙද්දීත් දේවාලේ පුජාවක් කළ මෛත්‍රී සහ මාසයක් ගානේ තිරුපති දුවන රනිල් ගැන ඔහේ මොනවද ජනතාවට කියන්නේ? පොල් ගැහිල්ලට මොකෝ කට්ටිය බයවෙලා. බය නැත්තම් කට වහගෙන ඉන්න. අපි ගොනාට අැඳුන කාලේ ඉවර වෙලා. (බ)
ගයාන්ගේ අදහස් දැක්වීම දැක්කාම ගොනාට ඇන්දු කාලය අවසන්වී ඇති බවක් නම් පෙනෙන්නේ නැහැ..රාජපක්ෂලයි. එයාගේ අනෙක් ගැන්සියයි. ඇඳපු ඇන්දිල්ල සමහරුන්ට තාමත් තේරුම් ගන්න බැරිවූ බවයි ගයාන්ගේ ප්‍රතිචාරයෙන් පෙන්නේ.(අ)
ගයාන් කියන්නේ ඇත්ත. ජනතාවට යන්තම් ඇස් ඇරීගෙන එනවා. දේශපාලුවන්ගේ බලය සහ සම්පත් අඩුකරමු. (නි)
මොවුන් රටට කළ සේවයක් නැත. (නි)
88/89 දි වගේම 71 දීත් අසාර්ථක බව දැන දැනත් තම දේශපාලන අභිප්‍රායන් වෙනුවෙන් තරුණ තරුණියන් බිල්ලට දුන් මොවුන් අද දරුවෝ ගැන කතාකරනවා. (නි)
පොල් ගැහීම නූතන යුගයට ගැළපෙන්නේ නැහැ. තිරුපති නමස්කාර කරන අපේ දේශපාලකයින් ගැන අපට තියෙන්නේ ලැජ්ජාවක්. ජවීපෙ දේශපාලනය තේරුම් ගන්න බැරි මෝඩ අදහස් ඉදිරිපත් කරන ඔයාලත් තිරුපති වඳින ආත්ම විශ්වාසයක් නැති දේශපාලකයන්ගේ ඇබිත්තයෝ ටිකක් විතරයි. අතීතයේ සිදුවූ දේ නැවත නැවත සිදුවන්නේ නැහැ. අනෙක එය ජ.වි.පෙ හුදකලා සටනක් නොව පැවති රජයන් ඔවුන් පටළවා ගැනීමක්. වත්මන් ජ.වි.පෙ ගමන් මඟ ගැන අවදියෙන් ඉන්න. පාරම්පරික දේශපාලන කුණු ගොඩවල් වලින් කරුණු එකතු කරන්නේ නැතුව. (නි)
රටේම බුද්ධිමත් තරුණ ජනතාව ජවිපෙ එක්ක ඉන්නවා. අපි නොනැවතී ඉදිරියට යමු. පුද්ගලිකව මොනවාහරි කරගන්න ඕනෑ නම් වෙන පක්ෂයක් තෝරාගන්න. රට වෙනුවෙන් යමක් කැපකරන්න කැමති අය විතරක් එන්න (නි)
ගයාන්, ඔය පොල්ගෙඩි දෙනවා අසරණ මිනිසුන්ට (නි)
අපි ඔබ සමඟයි (නි)
"ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට...." (නි)
කැළණි,කුමාර, ඔබ හිතන විදිය ගැන සතුටුයි (නි)
ඔහොම තමයි 88/89 පටන් ගත්තේ (නි)
ගයන් කියන දේ වරදක්ම නැහැ. පොල් වලට බය නැත්නම් මේවා වේදිකා ගානේ කිය කියා ඇවිදින්න ඕනෑ නැහැනේ. කොහොම නමුත් රටේ අවසානය බව නම් පෙනෙනවා. ලංකාවට කොහෙත්ම ගොඩඒමක් නැහැ. විදේශ බලවේග අතපොවලා. ජේවීපි අයටත් මේවා පෙනෙන්නේ නැහැ. කවුරු කෙසේ කිවුවත් රට අගාධයට යනවා. (නි)
21 වැනි සියවසේ සිටියත් රටෙන් භාගයක්ම තවම ඉන්නේ 17 වෙනි සියවසේ (නි)
අනුර මහත්තයා, එකක් කියන්නම්. ඔබේ කතා ඉස්සර නම් සුරඟන කතා. දැන් නම් ඒවා එහෙම නෙමෙයි. ඔබේ කතාවලට කන් දී ඡන්දෙ දීලා පත්කරගෙන අපි කරගත් හරිය ඇති. (නි)
වේගයෙන් වඳවේගන යන පක්ෂෙක අදෝනාව..(ම)