(යොහාන්  භාසුර, බැංගලෝර් නුවර සිට...)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට  සහභාගී වෙමින් සිටියදී නායකත්වයෙන් සහ සංචිතයෙන් ඉවත් කළ වේගපන්දු යවන දසුන් ශානක බැංගලෝර්හිදී අද (24) පස්වරුවේ පැවති පුහුණු සැසියේදී පන්දු යැවීම ආරම්භ කළේය.

එහිදී  දසුන් සුපුරුදු ලෙස පන්දු යැවූ ආකාරය දැකගත හැකි වූ අතර දසුන් ලක්නව්හිදී මීට දින පහකට පමණ පෙර පන්දුවට පහරදීමේ පුහුණවීම් ආරම්භ කළේය.