විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් වෙනුවෙන් මේ දිනවල පැවැත්වෙන නායකත්ව පුහුණුවේ දී ඇතැම් කඳවුරුවල සිසුනට ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොදෙන බවට තොරතුරු ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
දෙදිනකට පෙර එක් කඳවුරක රාත්‍රියට දී ඇත්තේ බනිස්ය. ඊට පසු දින දී ඇත්තේ පරිප්පු සහ බත්ය. ඒ නිසා බනිස් හා පරිප්පු නොකන සිසුහු අපහසුතාවට පත්වූ බව දෙමාපියෝ කියති.
එම කඳවුරෙන් සිසුනට පවසා ඇත්තේ ආහාර සඳහා ප්‍රමාණවත් මුදල් ලබා නොදුන් නිසා එලෙස ආහාර දීමට සිදුවූ බවයි.
මෙම පුහුණුවට සහභාගී වී ඇත්තේ උසස් පෙළ ඉහළින් සමත් යෞවන වයසේ සිසුන් බවත්, ඔවුනට පෝෂදායි ප්‍රමාණවත් ආහාර වේලක් ලැබිය යුතු බවත්, එලෙස ලබා දීමට ප්‍රමාණවත් මුදල් ලබා දිය නොහැකි නම් මෙම පුහුණුව නොපැවැත්විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (මුදල් හා පාලන) පී ජී ජයසිංහ මහතා පැවසුවේ ප්‍රමාණවත් මුදල් දී ඇති බවත්, එවැනි ගැටළුවක් ගැන කිසිවකු පැමිණිලි කර නැති බවත්ය. ‘ඔයාලට ඕවා කියනනේ කවුද? ඔයාලා කියනකම් කරවුරුත් කිව්වේ නැහැ. කියන්න බලන්න කවුද කිව්වෙ කියලා.‘ යැයි ද අතිරේක ලේකම්වරයා පැවසීය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ යාලුවෙකුගේ දුවක් මින්නේරියේ නායකත්ව පුහුණුව ලබනවා. ඒ ළමයාගේ ඇදුම් සියල්ලම ඇතුලෙන් කටු ගසලා තමයි දැන් අදින්නේ. බරත් හොඳටම අඩුවෙලා - ප්‍රතිපලය දැන් පැහැදිලි නේද ?(නදී)
මම හිතන්නේ නායකත්ව පුහුණුවට ඇවිත් තියන ළමයි ගෙවල් වලදී තුන් වේලටම හැම්, බේකන් , චීස්, බටර් ,කාපු, ඒ සී කාමරවල පාඩම් කරපු, දුක බඩගින්න දන්නේ නැති, ළමයි පිරිසක් වෙන්න ඇති. ඒකයි මේ පොඩි දෙයකටත් ලොකු සද්ද දමන්නේ.(නදී)
මේ අය ගෙවල් වල සිනි බෝල වගේ හැදිලා මේවට ආවට පස්සේ විකාර කරනවා. මේ අය තමා කවදා හරි රටේ ඉහල තැන වලට යන්නේ. බඩගින්න කියන්නේ මොකක්ද කියලත් තේරෙන්න ඕනා. ඒක තේරෙන්නේ නැති එක තම පස්සේදී ප්‍රශ්නයක් වෙන්නේ. (නදී)
මේ මොන කදවුරේද? බුස්සේද? (නදී)
බනිස් හා පරිප්පු නොකන සිසුහු - සරසවි වලට බදවා ගැනීමේ සුදුසු කමක් ද? බටහිර රටවල කන්නේ පීසා කෑල්ලයි වතුරයි.(නදී)
අහිංසක දෙමව්පියන්ටයි දරුවන්ටයි වද නොදී මේ කරන වැඩපිලිවෙල විශ්ව විද්‍යාලයට ඇතුලත් කර ගත්තට පස්සේ ක්‍රියාත්මත කළොත් නරකද? (නදී)
නිලන්ති. සත්‍යපාල ඕක තමයි මම කිව්වේ ඔය පුහුණුව පාසලින් පටන් ගන්න ඕන කියලා. නායකත්ව පුහුණුව කියන්නේ කන බොන එක විතරක් නෙවෙයි. පෞරුෂ වර්ධනයත් ඇතුළු මාතෘකා ගණනාවක් තිබෙන පුළුල් විෂය පථයක්. (නදී)
අපී අයට කෑම තම ජිවිතේටත් වැඩිය ලොකුයි. කටින් එලියට එනකන් ගිලලා ඔය වගේ පුහුණු වීම් කරන්න බැහැ. ඉතින් මේ උගත්තු රැකියා කරන කොටත් ඔහොම තමා. හොඳට කට ළඟටම පිරෙන්න මොනවා හරි ගිලලා පුටුව රත් කරාවි, නැතිනම් නිදි කිරාවි. ඉතින් කොහොමද රටක් දියුණුවෙන්නේ.(නදී)
මේ මිනිස්සුන්ට මොනවා වෙලාද? මේ රටේ අලුත් දෙයක් කරන්නම බැරිද? කවදද හන මිටි බිම තියන්නේ? (නදී)
රු. 2500 කින් 4 දෙනෙකුට මාසයක් කන්න පුළුවන් කියපු ඇමතිගේ අමාත්‍යාංශය මේකටත් සල්ලි පාස් කරනවා ඇත්තේ ඒ විදියට තමා. 2500/4 =625 625/30 = 20.08
ඔය වයසේ දරුවන්ට හොදට කන්න බොන්න පුලුවන් අය. (අ)
මේක මොන තරම් හාස්‍ය ජනක වැඩ පිළිවෙලක්ද? (නදී)
බොරු නොකරන ළමයින්ට කන්න දෙන්න.(නදී)
නායකත්ව පුහුණුව නොලැබූ පැරණි සිසුන් සහ නායකත්ව පුහුණුව ලැබුන සිසුන් අතර කිසිදු ආකාරයක වෙනසක් දැකීමට නොහැකි නිසා මෙම පුහුණුව නිෂ්පලව මුදල් කාබාසිනියා කිරීමක්. (නදී)
චෝදනාවක් තියෙනවා නම් අදාල බලදාරීන්ට දන්වලා චෝදනාවට අදාල ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න ඕනා. හමුදා කදවුරක කවදාවත් කෑම හිග වෙන්නේ නැහැ. (නදී)
පරිප්පුයි බතුයි කන එකත් නායකත්ව පුහුණුවේ එක් අංගයක්. අපේ රටේ ගොඩක් නායකයෝ කන්නේ පරිප්පුනේ.(නදී)
අද පාසල් වලට විෂයක් හැටියට නායකත්ව පුහුණුවක් දිය යුතු තරමටම ළමයින් පත්වෙලා ඉන්නේ. පාසල් ළමයිනුත් මේක ඉල්ලනවා.(නදී)
ළමයි ටික මාර පරිප්පුවක්නේ කන්නේ.(නදී)
මොනවා වුනත් නායකත්වය කියන්නේ ඕවාටත් ඔරොත්තු දෙන්න වෙනවා.(නදී)
අදහස් ටික බැලුවම පාලිතයන් පාලකයන් මොන තරම් ගැලපේද යන වග සක් සුදක් සේ පැහැදිලිය.(නදී)
හෙට අනිද්දා වෙනකොට කෑම වගේම පුහුණුවත් නැතිවෙයිද කියලයි මට බය (නි)
කන එක ගැන විතරක්ම හොයන්නේ නැතිව ගිය කාරිය හරියට කරගන්න ළමයින් දැනගන්න ඕනා. සූකිරි බෝල වගේ ගෙවල්වල හිටපු ළමයින්ට හැම දේටම මූණ දෙන්නට පුරුදු වෙන්න වෙනවා . නැතිනම් පුංචි දේටත් වහ කුප්පිය අතට ගනීවි. අපේ රටේ හුඟක් අම්මල ළමයින්ව නාකි වෙනකම් හුරතල් කරනවා. තනිවම දෙපයෙන් නැගිටින්න දෙන්නෙම නැහැ . රටේ අනාගතයට වැඩදායක පරපුරක් හදන එක දෙමාපියන්ගේත් වගකීම.(නදී)
අධ්‍යාපනයට සල්ලි වෙන් කරලා කොහොමද? එහෙම උනාම රේස් තියන්න සල්ලි කෝ? (නදී)
ළමයි වත් ළමයින්ගේ දෙමාපියෝවත් මෙහෙම පුහුණුවක් දෙන්න කියලා රජයට බලකලේ නැහැනේ. මේක දේශපාලකයන්ගේ ඔලුවට ආපු අදහසක්නේ. රජය ළමයින්ට මේ පුහුණුවට එන්න කිවා නම් කන්න දෙන්න ඕනේ. මේ වැඩේ නිකම් රටේ බදු සල්ලි විනාශ කරන ළමයින්ගේ කාලය කන බොරු වැඩක්. ලෝකයේ කිසිම දියුණු රටක විශ්ව විද්යාල යාමට පෙර ළමයින්ට හමුදා කඳවුරුවල මෙවැනි පුහුණු අනිවාර්ය කරලා නැහැ යුද්ධයක් නැති අවස්ථාවක.(නදී)
නායකයෝ කියන්නේ බොහොම ඉහලින් කන බොන උදවිය මේ ළමයින්ට නායකත්ව පුහුණුව දෙනවා නම් පාර්ලිමේන්තු ඇමතිවරුන්ට වගේ කන්ඩ බොන්ඩ පුහුණුවක් ඉස්සෙල්ලාම දෙන්න. රටේ බුද්ධිමත්ම තරුණ පිරිසට පරවේණි දාස පුහුණුවක් දෙන්ඩ වගේ උන් බඩගින්නේ තියලා හදන්නේ. නිලධාරින් එතනිනුත් පිල්ලි ගහන්න හදනවා නම් ඒක නරකයි.(නදී)
දිනේශ්,කුමරණ,සජ් ඕකට කියන්නෙ ඉරිසියාව කියලා. ඔහෙලට ඉගෙන ගන්න බැරි උනා කියල ඒ ලමයි මක් කරන්නද.? (නදී)
කාපු අයට අමාරුවක් නැතිනම් අහක ඉන්න මෙයාලට තියන අමාරුව මොකක්ද?(නදී)
පරිප්පුයි බතුයි කියන්නේ කන්න බැරි දේවල් නෙවේ. දෙන දෙයක් කාල තමුන් ගිය වැඩේ සාර්ථක කරගන්න ඕනේ. (නදී)
නායකත්වය පුහුණු කල හැකි දෙයක් නොව උපතින්ම රැගෙන ආ දෙවනුව යහපත් පවුල් පසුබිමක ජීවත් වීම තුලින් ඔප මට්ටම් කරගන්නා සමාජමය ගති ලක්ෂණයකි. (නදී)
කුමරණ, මොන බොරු ද? ළමයින් ට කරවල කෑල්ලක් දුන්නත් විනෝදෙන් කාවි ඔය වගෙ වැඩසටහන් වලදි. (නදී)
මේක තමයි රැග් එක දෙන අළුත්ම ක්‍රමය (දිල්)
නායකත්ව පුහුණුව කියන්නේ මේ කෙහෙම්මල් පුහුණුවක් නොවෙයි. ඒක දරුවා කුඩා කාලෙ ඉඳන් තමන් අවට ගුරු දෙගුරු වැඩිහිටි සමාජයෙන් ක්‍රමානුකුලව උගෙනගන්න හැදියාවක්. එහෙම නැතිව මේ කැලේ කඳවුරක ටික දවසක් සපාරියක් ගිහින් හිටියට ළමයෙක් තුල නායකත්ව ගුණයක් ගොඩනැගෙන්නේ නැහැ. ටියුෂන් පන්ති නවත්තල ළමයට යලි ළමා කාලය ලබා දීල ළමයින් එක්ව සෙල්ලම් කරලා පරිසරය සමාජය එක්ක ජීවත් වෙලා වැඩිහිටියන් එක්ක සංස්කෘතික සමාජ කටයුතු වලට සහභාගී වෙලා ළමයාගේ වර්ධනයත් එක්ක ගොඩ නැගෙන චරිතයක් තමයි නායකත්ව ගුණය කියන්නේ. මේක මේ ළමයින් රැවටීමක් ජනතාව රැවටීමක්. සහ ළමයින් මානසිකව බිඳ වැවට්ටීමක් විතරයි. (දිල්)
මොකටද ඔච්චර ඉගෙනගත්තේ. ඉගෙන ගන්නේ නැතිව පාර්ලිමේන්තු ගියානම් මේ ප්‍රශ්ණ මොකුත් නැහැනේ.(නදී)
ෆුටා එකෙන් කිව්වේ ගිය වසරින් පසුව මෙම පුහුණුව නවත්වනවා කියලා. විශ්වවිද්‍යාලයක ඉගෙනගත් අධ්‍යන කාර්යමණ්ඩලයේ සේවය කරපු කෙනෙක් විදියට මම නම් දකින්නේ ෆුටා එක යනු වෘත්තීය සමිතියක් පමණක් වන බවයි. මෙම පුහුණුව නිෂ්පලව මුදල් කාබාසිනියා කිරීමක් කියලයි මට හිතෙන්නේ. (නදී)
එහෙනම් කෑම සප්ලයි කරන කොන්ත්‍රාත්තුවෙන් පගා ගහල ඇති.(නදී)
නිලන්ති ! ඔබ ගැන මම ආඩම්බර වෙනවා. ඔබ ට හැකි හැම විටකදීම මේ වගේ පොහොසත් අදහස් වලින් මේ පිටුව පුරවන්න. අන්ධකාරයේ ඇත පත ගැන බොහෝ මිනිසුනට පහන් ටැඹක් වෙන්න ඔයාටත් හැකියාව තියෙනවා.(දිල්)
වෙන් කරපු මුදල් ප්‍රතිපාදන කවුරු හරි සාක්කුවට දමාගෙන වෙන්න ඇති.(නදී)
ලංකාව ගමන් කරන්නේ " ආසියාවේ ආස්චර්‍ය‘‘ දිහාවටද, නැතිනම් "ඉතියෝපියාව, සෝමාලියාව,බංගලිදේශසය" දිසාවටද කියල මොලේ කළදක් තියෙන ඕනැම කෙනෙකුට තේරෙනවා.(නදී)
අහන්න දෙයක් නැහැ ඒකෙනුත් "ගසා කාල" ඇති.(නදී)
මියක් කඩන්නේ අත ලෙව කන්නට යෑ නේද ආයුබෝවන්. අනුනට මොනවා උනත් කම් නැත තම මඩිය තරවෙලා.(නදී)
බනිස් හා පරිප්පු නොකන සිසුන්ට විශ්ව විද්‍යාලයට ගියාට පස්සේ වතුරයි පානුයි කන්න වෙන්නේ.(නදී)
ඕවා කියන්න බයයි. ළමයින් බඩගින්නේ තියලා ලෙඩ කරලා තමයි එවන්නේ. මෙයාලා නම් හොඳට කයි බොයි. (ස)