නයි නටවන්නෙකුගේ නයින් දෙදෙනෙකු පුත්තලම බස් නැවතුම්පලේදී පෙට්ටියෙන් පැන බඩගාද්දී උන් අල්ලන්නට ගිය නයි නටවන්නා එම සතුන්ගේ දෂ්ට කිරීමට ලක්ව රෝහල් ගතකළ බව පොලීසිය කියයි. පොලීසියට ගෙන ආ නයින් දෙන්නා වනජීවි නිලධරයන්ට භාරදීමට නියමිතය.