කොස්ලන්ද මීරියබැද්දේ 37 දෙනකු වසරකට පෙර පණ පිටින් වළලමින් සිදුවූ නාය යෑමේ සිද්ධියට බ්‍රහස්පතින්දා (29) වසරක් සපිරේ. එහෙත් අවතැන්වූ පවුල් 88 ක 321 දෙනෙක් තවමත් අවතැන් කඳවුරේ ගත කරති.
ඔවුන් වෙනුවෙන් නිවාස 75ක් ඉදි කිරීම ඉබි ගමනේ සිදුවෙතියි අවතැන්වූවෝ කියති.
මියගිය අයගේ සොයා ගැනුණේ සිරුරු 12ක් පමණි. ඔවුන් සියලු දෙනා වෙනුවෙන් සර්වාගමික වතාවත් බ්‍රහස්පතින්දා සිදුකරන බව ප්‍රාදේශීය ලේකම් වයි.කේ.ශිරෝමි ජීවමාලා මහත්මිය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙදාස් දාහතරේ ඔක්තෝබර් 29 ඉදන් දෙදාස් පහළොවේ ජනවාරි 8 වෙනකන් වෙච්ච වැඩ ටික විතරයි (බ)
මේවා ගැන දේශපාලකයෝ හොයල බැලුවොත් නරකද. (බ)
කොමිසන් නම් එමටයි. නමුත් තවම වැඩ ඉබිගමනේ! (නි)
අවතැන් වුවන්ගේ කඳුළු මිදෙන තුරු බලා වගකිව යුත්තන් බලා සිටිනවා .(ම)
මේවා ගැන සොයාබලන්නේ නැති නිලධාරීන් ගැන මට ඇත්තේ පුදුම තරහක් (නි)
කොහොමද ..? අපේ දෙසපාලනඥයන්ගේත් අදාළ ඉහල බලධාරීන්ගේත් සැලකිල්ල .! මේ අසරණයන් පිළිබඳව. විද්‍යුත් මාධ්‍යකරැවනී ....! නැවත මෙහි ප්‍රගතිය පිළිබඳ හාර අවුස්සන්න මීරියබැද්ද ටම ගිහින්...! කොලඹ ට වෙලා ඇවන්ට් ගාඩ්,සේයා ,අනුරාධපුර ,ජිනීවා කතන්දර, ම වාර්තා කරන්නේ නැතුව .එවිට ඉහල අදාළ තැන් වල අවධානය යොමුවෙයි.(රේ)
කතාව විතරයි වැඩ නැහැ. ලංකාදීප මේවගේ ජනතාවගේ මතකයෙන් ගිලිහුණු පුවත් පල කිරීම ගැන පාටක ස්තුතිය. (ර)