ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රගර් ප්‍රවර්ධනය සඳහා දුන් බව කියන රුපියල් කෝටි 7ක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.
රුපියල් 50000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරිණි.
විදෙස් ගමන්ද තහනම් කැරුණු අතර බැංකු 4ක නාමල් රාපක්ෂගේ නමින් ඇති ගිණුම් පරීක්ෂා කිරීමටද රහස් පොලිසියට අවසර දුන්නේය.
.
වීඩියෝ - ලහිරු හර්ෂණ
COMMENTS
ලක්ෂ 70 ට දවස් කියද ඇතුලේ හිටියේ? (ම)
මේක දේශපාලන පළිගැනීමක්. කවදා හෝ සත්‍ය ජයනනීවි. (ම)
නීතිය බාල්දු වෙලා ඉවරයි. දැන් කරන්න දෙයක් නෑ. රටේ ජනතාවගේ අවාසනාව තමයි. තව අවුරුදු 100කටවත් මේ රට හැදෙන්නෙත් නෑ. දියුණු වෙන්නෙත් නෑ. රටේ ජනතාව සදා අඳුරේ. (ම)
කෝටි හතක මුදල් වංචාවක් කල කෙනෙක් කොහොමද ඇප දීල එළියට දාන්නේ ?. මුදල් වංචාකල අනිත් මිනිසුන්ටත් මෙහෙම කරනවද? (ම)
පුදුම රටක් නෙවෙයි බන් පුදුම නීතියකුත් නෙවෙයි වැරදි කළේ නැත්තන් නිදහස ලැබෙයි (බ)
මම සිංහ සමාජයට රුපියල් මිලියන ගණන් සල්ලි එකතු කළා කොම්පැනි වලින් .ඉතින් මාවත් අල්ලලා හිරේ දාන්නකෝ (බ)
දැන් කෝ අර ලෙඩේ. අපිත් යන්ඩ ඕනේ අපේ දන්නා කියන ලෙඩ වෙච්ච කට්ටියට බොරු නඩුවක් දාල කොටුව මහේස්ත්‍රාත්ගෙන් බේත් ගන්ඩ. කීය ගියත් කමක් නැහැ එලියට දානකොටම දේව හාස්කමෙන් සනීප වෙනවනේ. සයිටම් එකෙන්ද දන්නේ නැහැ ඉගෙනගත්තේ වෛද්‍ය විද්‍යාව. (බ)
හැමදාම මේ දේද සිද්ධ වෙන්නේ.(හේ)
රට යන්න බැරි වුනාට කමක් නෑ. ඇප ලැබුනනේ.(හේ)
හොරුන්ට දඩුවම් දිලා සාධාරණය ඉල්ලන රටේ මහජනතාව රවට්ටනවා.(හේ)
ඇතුලට ගිය ගමන් ඇප.(හේ)
මේ ඔක්කොම ඉතින් අප ප්‍රබෝධමත් කරන්නනේ. යහපාලනය දිනේවා! (නි)
රටේ 3/2 ක් මෝඩ නුගත් නිසා මහා රජ කියන දේට රැවටෙනවා. (ම)
නීතිය ක්‍රියාත්මක වියයුතුයි සැමදෙනාටම. (ම)
දැන් යෝග පන්තිය කරන්න වෙන්නේ කාටද? (නි)
යහපාලනය රටේ මිනිස්සු ගොන්නු කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ. මේ නාට්‍ය දැකලා දැන් ඇතිවෙලා. (නි)
ඉතින් සේනක වැල්ලම්පිටියේ නෝනට ඇතුලට යන්නත් කලින් ඇප ලැබුනේ? (අ)
ඔබට සතුටුද දැන් (අ)
මේක යකාගේ පලනයක්නේ වැඩ නැහැ කට්ටිය හිරේ (අ)
මේවට පොලියත් එක්ක ලැබෙනවා එදිරියේදී (අ)
දේශපාලනයේ පන්නරය ලබන්න හිරේ නොගිහින් බැහැ (නි)
යෝගා පන්තියේ වැඩ ටික දැන් ඉතින් බාප්පට බලන්න බැරියෑ (නි)
මෙට්ටය බාප්පාටයි පුතාටයි මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්ට බැරියැ. තව නඩු කීයක් ඉදිරියට තියෙනවද (නි)
ලංකාවේ නීතිය ගැන නම් දැන් කිසිම විශ්වාසයක් නැහැ (නි)
අර කවුද කිවුවා වගේ සමහර අයගේ දෙවැනි ගේ වෙලා මහ උළු ගේ. දුප්පත් මිනිහට තමයි මේ සේරම නීති (නි)
හොරකම් කළ මුදල් තමාගේ ගිණුම් වල දමාගන්න තරම් මෝඩයො නොවෙයි දේශපාලුවෝ. ජනතාවයි මෝඩයො. (නි)
මාරම රටක් මේක .පුදුම නීතියක්, (ම)
නාමල් එලියට එනකොට බැසිල් ඇතුලට - චෙස් තරගයකදී ඉත්තෝ අදිනවා වගේ (ම)
එතකොට යෝග පන්තිය කරන්නේ කවුද දැන් ....(ම)
අපේ රට ජීවිතේට ගොඩඑන්නේ නැහැ. හරිම දුකයි. (නි)
මෙහෙම ඇප ලැබෙනකොට තව තවත් නොබියවම හොර කනවා. තව තවත් හොරකම් කරන්න දිරිමත් වෙනවා. (නි)
හැරෙන තැපෑලෙන් එළියටත් ඇවිල්ලා නේද? (නි)
බඩගින්නට පාරේ අයිනේ බතල අල ගළවපු අසරණයා මාස 6 යක් බරපතල වැඩ ඇතුව හිරේට. පුදුම නීතියක්නේ ලංකාවේ තියෙන්නේ. (නි)
යනවා එනවා. 2020 වෙනකං යහ පාලන රජයේ සංදර්ශනය. (ම)
රුපියල් 10000 වංචා කළාට හිරේට යන කාලේ කෝටියක් නිසා එළියේ සිටිය හැක (ම)