පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ගමට ගොස් තම හිතවතුන් සමග කැරම් ක්‍රීඩාවේ නිරත වන ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඇතුළත් කර ඇත.
ඔහු එහි තැබූ සටහන මෙසේය.
‘අද දින අයවැය විවාදයෙන් පසු නැවතත් හම්බන්තොටට පැමිණ ප්‍රදේශයේ ආදරණීය ජනතාව, හිතවතුන් සමග අදහස් බෙදාගනිමින් කාළය ගත කිරීමට මා හට අවස්ථාව ලැබුණු අතර, එසේ දිස්ත්‍රික්කය තුළ ඇවිද යන අතර තුර මේ මිතුරු කැළ සමග කැරම් අතක් ද සෙල්ලම් කරමින් පසුගිය සති කිහිපයේ විඩාබර රාජකාරි ජිවිතයේන් මොහොතකට මිදී ඔවුන් සමග කාළය ගත කිරීමටද මා හට අවස්ථාව ලැබිණි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතා යමෙකු අත බලය ඇතිවිට ඔවුන් දකිනුයේ කුණු ගොඩක් ලෙසය. එය පුළුස්සා දමා විනාශ කිරීමටද කැමතිය. එම බලය නැතිවිට ඔවුන්ව දකිනුයේ ලස්සන හදවත් ඇති රන් ගොඩක් ලෙසය. එය මිනිසා නැමති සතාගේ හැටිය. (නි)
ඉස්සර ඉතින් අපිට කැරම්. (ර)
සාමාන්‍ය ජනතාව අතර ඉන්නවා කියලා අමුතුවෙන් පෙන්නන්න ඕනෑද? අපිව රවටන්න බැහැ දැන් (නි)
තරංග, තව ටිකක් ගැඹුරින් සිතන්න. (නි)
බලයේ සිටියා නම් රේස් කාර් පදින්න තිබුණා. දැන් මොනවා කරන්නද? (නි)
ගමේ රටේ අහේනියයි ළමයිනේ - ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ (කෞ)
සමහරු කොහොමත් කැමරා ඉස්සරහ රඟපාන්න අති දක්ෂයෝනේ (නි)
අහසින් පොළවට! (නි)
ඔහොම යමුකෝ (නි)
තරංග, මොහු විතරද සරල? මෙතැන වටේට ඉන්න අහිංසක මිනිස්සු සරල නැද්ද? (නි)
ගමේ කොපි කඩේ දෙන්න දෙපැත්තේ. (ස)
තරංග වගේ දේශපාලකයන්ට ගැති පිරිසක් නොමැතිව ජයවීර වගේ පිරිසක් ලංකාවේ බිහි වුනොත් දේශ පාලකයන්ට හැමදාම අපි රවටන්න බැහැ.ඊනියා දේශ පාලකයන්ගෙන් අපේ දේශය පාලනය වෙනවද පාළු වෙනවද කියන එකත් හිතන්න උවමනයි. (ස)
නාමල් කැරම් ගහනවා,මහින්ද යෝගී වියායාම කරනවා.යහපලානේ කට්ටිය කේලම් කියමින් ලෝකේ වටේ යනවා. (අ)
මේ ගොල්ලෝ දෙපාරක් පැරදුන .ඉතිහාසයේ කුණු ගොඩේ දැන් ඉන්නේ . (ස)
කැරම් අත ගහලා මහන්සියටම නින්ද යන්න ඇති (බ)
මේ බේබි නිදහසේ කැරම් ගහනවා. එත්, මේ අයගේ ආණ්ඩු කාලේ ශ්‍රේෂ්ට ක්‍රීඩකයින්ට පවා නිදහසේ තමන්ගේ හැකියාවන් පෙන්නන්න ඉඩ දුන්නේ නැහැ. සමහරුන් වලපල්ලට පවා ගියා. ගොඩක් අයට අමතක වුනාට, ඔය බේබිලා හිටියේ මේ රටේ අයිතිකාරයෝ වගේ. රජපවුලේ කුමාරවරු වගේ. කාටවත් එයාලට ඉහලින් යන්න බැහැ. බැරිවෙලාවත් එහෙම ගියොත්, ඔවුන්ට වුන දේත් කාටවත් රහසක් නැහැ. (ස)
නළුවෙක් වෙන්න සුදුසු කමකුත් තියෙනව වගේ. (ස)
නාමල් කොහොමත් සාමාන්‍ය මිනිස්සු එක්ක සිටින කෙනෙක් (නි)
තරංග, කවුරුහරි සරල විදියට සිතනවා නම්, මිනිසුන් ඇසුරු කිරීම හෝ කාට හරි උදවු කිරීමක් තමාගේම සමාජ වෙබ් අඩවියක දාන්නේ නෑ. (කෞ)
ඉස්සර නම් නිකමටවත් ඔයවගේ ගේකට යන්න වෙලාව තිබුනේ නැහැ. දැන් බලය නැති නිසා ඕවා කරනවා (නි)
මේවා ඉදිරි මැතිවරණ ආයෝජන (කෞ)
සිරියලතා, එහෙනම් සමහරු 29 වතාවක් පැරදුනේ (නි)
අනේ නාමල්, අපි නුඹට කොහොම තේරුම්කර දෙන්නද? (නි)
ඒ කාලෙත් කැරම් ගහන්න ඇති නේද? (නි)
දැන්නම් බබා වගේ. ඔහොම තමා අහසෙන් බිමට වැටුණහම. (නි)
අනේ අපි රැවටෙයි ඕවට (නි)
දැන් කාලේ මිනිස්සු බුද්ධිමත් මහත්තයෝ (නි)
මේවගේ රගපෑම් වලට අපේ මිනිස්සු අහුවෙනවා. (කෞ)
ගොඩක් දේවල් කළා කලින් නම්. දැන් අන්තිමට කැරම් වලට බැහැලා. ග්‍රහයෝ නීචවුණාම කරන දේවල් ගැන කුමන කතාද? (නි)
දැන් ගොඩක් අයට නිදහසේ කැරම් ගහන්න පුලුවන් තමයි නාමල් මහත්තයෝ. (ස)
ගම්වල ඉන්න අහිංසක මිනිසුන්ට තියෙන දැවෙන ප්‍රශ්න දිහා බලපුවම මෙතුමන්ලට නම් ගානක්වත් නෑ, කැරම් ගහන්නයි. මගුල් ගෙවල් වල යන්නයි, කොහේ හරි බිත්තියක එල්ලිලා ඉන්නද අපි මෙයාලව පාර්ලිමේන්තු යැව්වේ? (ස)
ඔබ නියම සරල මනුස්සයෙක් (නි)
මේවා අපිට නම් විහිළු වගෙයි (නි)
නලීන්, කවුද 29 වතාවක් පැරදුනේ? ඒත් බලන්නකෝ එක පාරක් පැරදුන කෙනා අඬන ඇඬිල්ල. (නි)
හරි.අපි විස්වාස කලා නාමල් සරල අහිංසක රටට වැඩක් කල පාලකයෙක් කියල. තනි ඇහැට ඇඩෙනවා මේ කඩේ යන අයව දැක්කහම. (ස)