වැලිකඩ ගියපු නාමල්තුමාට හිරගෙදරදි අමුතු අත්දැකීමක් ලැබුණා කියලා ආරංචියි.
ඒ කතාව එළියට ආවෙ එයාට ඇප ලැබුණට පස්සෙයි. හිරේ යනකොට හොඳටම කොණ්ඩෙ වවාගෙන හිටපු නාමල්තුමාට ඇප ලැබෙනකොට කොණ්ඩෙ "නෝට් එකටම" කපලා. ඉතින් හිරේ ඉන්නකොට උන්නැහේගෙ කොණ්ඩෙට වුණේ මොකද කියලා හැමෝම අහන්න පටන්ගත්තලු...
ඒක රස කතාවක් කියපු නාමල් සිද්ධිය විස්තර කළා... හිරගෙදර ඉන්න එක්තරා රුඳවියකුට හොඳට කොණ්ඩෙ කපන්න පුළුවන්ලු. එයා මන්ත්‍රී නාමල් කොණ්ඩය වවාගෙන ඉන්නව දැකලා "සර් කපමුද කොණ්ඩෙ" කියල ඇහුවලු... ඒත් නාමල්තුමා ඒකට එච්චර සතුටුවෙලා නැහැ.. නමුත් මේ නිල නොවන බාබර් වැඩේ අතෑරල නැහැ. මිනිහා නාමල් පස්සෙම ගිහිල්ලා ගිහිල්ලා "අනේ සර්" ඔබතුමා ගියාම අයෙ ජීවිතේට මට ඔබතුමාගෙ කොණ්ඩෙ කපන්න ලැබෙන්නෙ නැහැ. මම නියමෙට කපන්නම් කියල මිනිහා ඉනේ ගහගෙන හිටපු කතුරයි පනාවයි අරන් නාමල් පුංචි බංකු කබලක වාඩිකරලා කොණ්ඩෙ කැපුවලු.
කොණ්ඩෙ කපලා බලනකොට වැඩේ නියමෙට වෙලා තියෙනවා කියලා නාමල්තුමාටත් පෙනිලා... ඊටපස්සෙ නාමල්තුමා මේ බාබර්ට කිව්වලු... දැන්නම් දෙන්න සල්ලි නැහැ. හිරෙන් ආවමත් ඔයා මගේ කොණ්ඩෙ කපන්න කියලා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නාමල්ගෙ කොණ්ඩෙ