මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගබඩා කර ඇති වී තොග ඉවත් කර ගැනිමට ගබඩා පහසුකම් සොයමින් සිටින බව වී අලවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු ඩබ්.ඕ තිලකරත්න මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිලදි ගැනිම සඳහා රජය තවත් රුපියල් මිලියන 200 ක් ලබා දී ඇති අතර ගුවන් භාණ්ඩ ගබඩාවේ ගබඩා කර ඇති වි මෙට්‍රික් ටොන් 4053 කි.
හම්බන්තොට දිස්ත්‍රික්යෙන් වී මෙට්‍රික් ටොන් 13236 ක් යල් කන්න ගොවීන් 7802 දෙනකුගෙන් මිලදි ගෙන ඇති බවද ඔහු කියයි.
මේ අතර පසුගියදා නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන ඇමැති මත්තල ගුවන්තොටුපළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මත්තල වී ගබඩා කිරීමෙන් පාඩු සිදුව ඇතැයි කියන ප්‍රකාශයට පිළිතුරු දෙමින් වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ එහි වී ගබඩා කළේ තම මණ්ඩලය හා මත්තල ගුවන්තොටුපළ බලධාරීන් සමග ඇතිවූ අවබෝධතා ගිවිසුමක් අනුව බවයි.
මේ අතර රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ නිමල් සිරිපාල ඇමැතිවරයාට ඔහු සිටි තැන අමතක වී ඇති බවයි. ඇමැති මණ්ඩල තීරණයක් අනුව මත්තගල වී ගබඩා කළ බවත් දැන් ඔහු කාඩ්බෝඩ් සැන්ඩෝ කෙනකු වීමට උත්සාහ දරන බවත් රංගේ බණ්ඩාර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉපදුනේ මත්තල. හැදුනේ වැඩුනේ මත්තල. ජීවත්වෙන්නේ මත්තල. අපේ මතය නම් මත්තල ගුවන්තොටුපළ අපේ ගම දියුණු කරගන්න ලැබුණු වාසනාවක්. මෙමඟින් සතුන්ට වෙන හානියක් නම් නැහැ. හිතට අමාරු මත්තල සුළඟක්වත් නොවැදුණු, කිසිත් නොදන්නා අය මත්තල ගුවන් තොටුපළට ඍණ ප්‍රතිචාර දැක්වීමයි. තිලක් ඩුබායි අවසන් වරට මත්තල ආවේ කවදාද? (නි)
තිලක් , ලංකාව තාමත් හරිත රටක්..ලංකාවේ කොහේ ගියත් කුරුල්ලෝ ඉන්නවා. නිකන් පිටරට ඉඳන් බතල හිටවන්නේ නැතුව ලංකාවට ඇවිල්ලා චුට්ටක් සැනසෙන්නකෝ. මහින්ද මහත්තයාට වෛර කර කර ලෙඩ හදාගන්නේ මොකටද? (නි)
කැබිනට් රැස්වීමේදී හිටිය විදිය අපිට හිතාගන්න පුලුවන් (නි)
මත්තලට පමණක් දොස්-පරොස් කීම නැත වැදගත් (නි)
රණ්ඩු නොකර වැඩ කරන්න බලන්න (නි)
රංගේ බණ්ඩාර ඇමතිතුමා මාර කතානේ කියන්නේ බලනකොට (නි)
රුචිර, ගිය මාසේ දවසක මම ලංකාවට ආවා. මගේ වාසනාවට, ධාවන පතයේදී අලියෙක් එහෙම වැදුනේ නැහැ. (ර)
ඵලදායි කටයුත්තක් සදහා මෙය භාවිතා කරන්න. (ර)
කොහොමහරි මේක ලාබ ලබන තැනක් කරන්න. (ර)
එක මොණරෙක් වැදුන කියල මොණරු 180 දෙනෙක් මරල තියෙනවා.මොණරු ඉන්නේ වුන්ට අයිති බුමියේ.මෝඩයෙක් එකේ ගුවන් තොටුපොළක් ගහ ගත්තම ඒ සත්තු පලිද?..(රේ)
මට පුදුම අපි පෙන්වලා දීලත් තේරුම් ගන්න බැරි එක ගැනයි. (ර)
මෙවැනි ගුවන් තොටුපොළවල් රටට අදායම් උපයන තත්වයට ගෙන එන්න ඕන. (ර)
රණවීර.ලාබ ලබන තැනක් කරන්න ඕනේ නිසා තමයි වී ගබඩාවක් කරලා තිබෙන්නේ .වෙන මොනවා කරන්න කියලද කියන්නේ.අපිවනම් නැවත ප්‍රාණ ඇපයට තියන්න හිතුව මදි.(රේ)
තිලක් ඩුබායි රටේ ඉන්න නතිනම් නොදන්නා දේ කතා නොකර ඉන්න (රේ)
අපි බලාගෙන ඉන්නේ අපිට ලැබෙන පළමු අවස්තාව මොකක්ද කියලා. (ර)
වී නැත්නම් සහල් කියන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය.සහල් ප්‍රශ්නයෙන් දේශපාලන පෙරලිත් ඇතිවිය. කටවරද්ද ගන්න එපා.(අ)
මෙච්චර වී තිබිලත් ඇයි තාම මේවා ගණන්. ඇයි අඩුකරන්නේ නැත්තේ. (ර)
වරදක් වී නම් නිවැරදි කර ගැනීම හොදයි. (ර)
විපුල.තණකොළ තියෙන්නේ. (අ)
තීරණ ගන්නාවිට හරි තීරණ ගන්න ඕන. (ර)
තිලක්-ඩුබායි, ඔයානම්.... (ර)
තිලක් ඩුබායි මල්ලි, ඔයා කියන ඒවා බොහොම හරි. (ර)
සමාවෙන්න, මම කියන කතා ඔයාල ගණන් ගන්න එපා හොඳේ. (ර)
ඔය මත්තල එයාගේ පෝට් එක සැන්ඩෝ ලාට මිසක්, අපිටනම් පලක් නොවන බව තමයි අපි එදා ඉඳලම කිව්වේ. වන සතුන් ඔය භුමිය ආක්‍රමණය කරන්න කලින් ඕක වී බැරිනම් කුරක්කන් ගබඩාවක් ලෙස හෝ යොදාගෙන ප්‍රයෝජනයක් ගන්න ඕන. නැත්නම් අපරාදේ ජනතාවගේ සල්ලි?? (රේ)
එතකොට රංගේ බණ්ඩාර (රේ)
ඇමති මණ්ඩලය තීරණය ගත් වෙලාවේ මොකද දන්නෙ නැහැ සද්ද නැතුව හිටියේ? (නි)
නිමල් මහත්තයා විතරක් නෙමෙයි, අර ඉන්දියාවේ ධීවරයින්ගෙ දැල් කපනවා කියපු මහත්තයා ගැනත් අපිට කියන්න තියෙන්නෙ ඕකම තමයි. (නි)
කාඩ්බෝඩ් සැන්ඩෝ? නියම නමක්නේ.... (නි)
ඇමති මණ්ඩල රැස්වීමේදී මොකද වුණේ? (නි)
එයාලා එයාලම එයාලට අපහාස කරගන්නවා (නි)
අනේ මන්දා මෙයාලගේ කතා? (නි)
මේ වගේ කතා පොඩි ළමයිනුත් අහනවා කියලා මෙයාලා හිතන්නේ නැහැනේ (නි)
සුදුස්සන් පමණක් පත්කරලා රටේ ඇමති මණ්ඩලය හැදුවා නම් කොච්චර අගේද? ලංකාවේ කොච්චර උගතුන් ඉන්නවාද? (නි)
මේ ගබඩා නිකම් තිබෙනවා නම් වී ගබඩා කළාම මොකද්ද තියෙන ප්‍රශ්නය? (බ)
ලංකා ඉතිහාසයේ රජයක් විසින් මිලදීගත් ලොකුම වී තොගය ගත්තේ මෙවර . රජය විසින් නිසි මිලක් ගෙවන නිසා සහ ඕන තරමක් මිලදී ගන්න නිසා 2014 යල කන්නයේ අස්වැන්න දැන් තමා එලියට ආවේ. එක නිසා තමා මේ තද බදයක් ඇති වුණේ.(ම)
ලිච්ඡවී ඇමති මණ්ඩලය තුළ සාමයෙන් රැස්වී, සාමයෙන් කථිකා කර, සාමයෙන් විසිරයාම නේද හොඳ? (නි)
කැබිනට් රැස්වීමේදී මොකද දන්නෙ නැහැ වුණේ? (නි)
කුරුළු විමානෙක "පට්ට කැලේ" හදපු මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? (බ)
කුරුළු වීමානෙක, කැලේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හදපු අයගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද?අනාගත දරු පරම්පරා 100 ක් ණයකරලා කළ මෙවැනි ව්‍යාපෘති වලට දැඩි දඩුවම් දෙන්න.මේවා ජාතික අපරාධ! (නි)
ඔය දැල් කපනවා කියපු මහත්මය කළේ ප්‍රාදේශීය සභාවට පත් වෙන්න කලින් ගමේ කෝපි කඩයට වෙලා , පච දොඩවමින් ඕමි ගහපු එක , හරි හමන් අධ්‍යාපනයක් වත් මොහුට නැත (බ)
මට හිතෙන්නේ නිමල් ඇමතිතුමා කැබිනට් රැස්වීමේදී නිදාගන්ඩ ඇති. (බ)
තිලක්,කාලයත් එක්ක ඔය පළාත ජනාකීර්ණ වුණාම, කටුනායක වගේ කර්මාන්ත හැදුනහම සියල්ලන්ටම තේරෙයි (නි)
තිලක්, ඩුබායි වල ඉදලත් රටක සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති එක පුදුමයි ඔයා දන්න තරම බොහොම මදි. මත්තල හදපු කෙනා නෙමේ වැදගත්, එකත් වැදගත් ඒත් ගුවන් යනා රෙපයාර් තෙල් ගැහිම් වගේ දෙවල් සදහා මත්තල දියුණු කරන්න තමයි සැලසුම. (ර)
දැන් ඉතින් ඕවා කතාකළා කියලා වැඩක් වෙයිද? (නි)
2022 අපේ ජනාධිපති තුමා නිමල් මහතා ස්ථිරයි.(ම)
ටෙහාන්, ඔය අලි ඉන්න කැලේ ජනාකීර්ණ වෙනකම් ඉන්නේ නැතුව ජනාකීර්ණ ප්‍රදේශයක් ආසන්නයේ ඕක හැදුවා නම් හොඳ නැද්ද.? (ර)
තිලක්, ඩුබායි හිටියට මදි, පොඩ්ඩක් එළිපහලියට ගිහිල්ල වෙන්නේ මොනවද කියල බලන්න. තිලක් මත්තල ගැන මොනවද දන්නේ. (බ)
සත්ත්ව අභය භූමියක ගුවන් තොටුපොළක් හැදීම කොතරම් හරසුන් වැඩක්ද? (නි)
නියම උපමාවක්නේ අරගෙන තියෙන්නේ (නි)
අැන්ටන්,මත්තල් ගුවන් තොටුපොළට ගිහින් තියෙනවද? හාවා හඳ දකිනවා වගේ දවසට එක ගුවන් යානයක් ,ඒකත් අඩු මුදලට ගුවන් පතක් දීලා. රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරලා,අනාගත දරු පරම්පරාවන් ණය කරලා ගුවන් තොටුපොළවල් හදන්නේ මේකටද? (නි)
නීතියක් තිබෙන රටක නම් මේ වෙනකොට මේ වගේ කුරුළු විමානෙක ගුවන් තොටුපොළවල් හදපු එකට දැඩි දඩුවම් දීලා.ඒකට ලංකාවේ? (නි)
මෙවැනි ජාතික අපරාධ කළ අයට දැඩි දඩුවම් දෙන්න. (නි)
තිලක් ඩුබායි විකාරයෙන් දොඩවනවාද කොහෙද? (නි)
පාලිත,බම්බලපිටියේ පැත්තේ රෑට මීටර් 100 යෙන් 100 යට නිවි නිවී පත්තුවෙන සිග්නල් ටික සවිකරලා ඒවා පත්තු වෙනකොට ලංකාවේ මිනිස්සු හිතන්නේ මේක තමයි රටේ සංවර්ධනය කියලා (නි)