අයථා ලෙස ඉපැයූ මුදල් වලින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාගමක කොටස් ගත්තැයි දූෂණ විරෝධී හඬ සංවිධානය කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය අද තවත් වාර්තාවක් ගොනු කළේය.
නාමල් රාජපක්ෂ එම සමාගමේ ප්‍රධානියා වී යැයිද හෙලෝ කෝප් සමාගමේ රුපියල් කෝටි 12.5 ක කොටස් මිලදී ගත්තැයිද එම පැමිණිල්ලේ දැක්වේ.
එෆ්සීඅයිඩිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම සමාගමේ සේවකයන් හත් දෙනකුට එතෙර ගමන් තහනම් කරන ලෙසයි.
එෆ්සීඅයිඩිය ඉල්ලා සිටි පරිදි බැංකු කිහිපයක ගිණුම් 4ක් තහනම් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම සමාගමේ සැකකරුවන් 7 දෙනාගේ එතෙර ගමන්ද තහනම් කළේය.
ඔවුන් එතෙර යෑමට උත්සාහ කළහොත් අත්අඩංගුවට ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එන්.ආර් කන්සල්ටන්සි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විකිණීමෙන් ලද මුදල් වලින් හෙලෝ කෝප් සමාගමේ කොටස් මිලට ගත්බව නාමල් රාජපක්ෂ එෆ්සීඅයිඩියට ලබාදුන් කටඋත්තරයේ සඳහන්වේ.
තම වත්කම් බැරකම් ප්‍රකාශයේ මේ ගැන සඳහන් කර නැතැයි ද නාමල් රාජපක්ෂ එෆ්සීඅයිඩියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමිත්‍ර බස්නායකට ගොඩක් රිදිලා වගෙයි.ආණ්ඩුවට වැඩබැරිද පුලුවන්ද කියල බහුතර ජනතාවක් තීරණය කරයි.ඒ කාලේ ඔක්කොම වහගෙන හැංගිලා හිටිය අය අද නිදහස අපුරුවට පාවිච්චි කරනවා.ගොඩක් අයට මතක නැහැ හේතු නැතුව හිරේ දාල අතුරුදහන් කරලා පළිගත්ත හැටි.මහා ජනතාවගේ මුදල් ගසා කාපු අයට දඩුවම් දෙන්න ඕනේ දැන් බලයේ ඉන්න අය හොරකම් කරන්න බය වෙන්න.වරදක් කරලා නැත්තම් නිදහස් වෙයි.ලංකාවේ 99% ලකුණු අරන් නීති විබාගේ පාස් වුණු එකම කෙනා.නිතිය හොදට දන්නවනේ. (බ)
සකල දේශවාසී සියලු දුශිතයිනි, අවදිවවූ.සිරගතවීමට පෙර ආණ්ඩුව පෙරලමු.අද නාමල්ට, හෙට අපිට. (බ)
ඉන්දිකට පහුගිය ආණ්ඩුවේ පළි ගැනීම් අමතක වෙලාද? නැත්තම් නිදාගෙන ඉදල අැහැරිලද? (බ)
පරිගණක දෙකක් බෙදාදීමට කොළඹ ඉදන් බදුල්ලට හෙලිකොප්ටරකින් බදුල්ලට නාමල් ආපු කාලයකුත් තිබුණා!(ම)
නිතිය කාටත් පොදු විය යුතුය.වරදක් කර ඇත්නම් අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුමය. (ම)
පළිගන්නවා කියලා කෑගහන්නේ වරද කළ නිසානේ. නැත්නම් නිවැරදි බව ඔප්පු කරන්නනේ කෑගහන්න ඕනෑ. "සියලු වරදකරුවන්ට ඉක්මනින්ම නීතියෙන් උපරිම දඬුවම් ලබා දෙනු. ජනතාව අවදියෙන්. (නි)
රුපියල් කෝටි දොළහ හමාරක් විතරද ? අය්යෝ සුළු ගානක්නේ ..එයාගේ අැස්ටෝන් මාර්ටින් කාර් එකම විතරක් කෝටි විස්සක් නේ .(බ)
ඔන්න හිරේ දාලා අපේ බදු මුදලින් තව තවත් කන්න දෙනවා එහෙම නෙමෙයි. නඩුව ඉක්මනට අහලා හොරකම් කරලා තියෙනවා නම් ඒ මුදල් ආපසු අය කර ගන්න එකයි කරන්න ඕනේ. ඒ එක්කම යවටේ හිටපු හිනි නුලු හොරු ටිකත් අල්ලා ගන්න. තව තවත් ආන්ඩුවෙ තැන් වලට වෙලා වැජඹෙන්න්න ඉඩ තියන්න එපා. (බ)
පොඩිකාලේ ඉදලා අමාරුවෙන් එකතු කරපු කැටේ කඩලා එකේ තිබ්බ සල්ලි වලින් අනේ මේක ගත්තේ (බ)
අද නාමල්ට, හෙට අපිට. කියලා හිතෙන්නේ තවත් දූෂිතයෙක්ටම විතරයි. අපිට නම් එහෙම හිතෙන්නෙ නැහැ. (බ)
මෙතන රාජපක්ෂලාට එරෙහිව කොටන අයගේ පොකට් එකට කොටලා ජොබ් එකටත් හෙට අනිද්දා කොටනකොට වැඩේ නියමෙටම තේරෙයි. (බ)
හිරුනිකාට ,රණවකට , දත් දොස්තරට වෙන නීතියක්ද (බ)
සරත් සෞදි, ඔයාට අද නිවාඩු දවසක්ද? මේකෙම ඉන්නේ. හරිම ද්වේශයෙන්නෙ ඔයා ලියන්නේ. ඕක ශරීර සෞඛ්‍යට හොඳම නැහැ. (නි)
උදාර අයියගෙ කටට සිනි ටිකක් දාන්න වටිනවා.(බ)
මේ අයට බලය ඕනි වෙන්නේ සංවර්ධනේ මුවාවෙන් රටම උගස් කර ලබා ගත් ණය කන්දරාවෙන් සොරා කැ ජනතාවගේ මුදල් ආරක්ෂා කර ගැනීමට මිසක් වෙන කෙන්ගෙඩියකට නොවෙයි. (බ)
මේ කොට් 12 යි, එක්තරා කාර්යංශයක ස්ටාර් තරඟයට ගියයි කියන කෝටි 12යි හැර තවත් කෝට 12 ගනුදෙනු තිබේද?. (කෞ)
උපුල්, ස්තුතියි. කමක් නැහැ නේද? (නි)
හොඳයි අපි බලමුකෝ (නි)
මට හිතාගන්න බැරි රාජපක්ෂ මන්තරෙන් මත්වෙන අය තාමත් මේ රටේ ඉන්න එක. (නි)
නීතිය ක්‍රියාත්මක වනවිට පළිගන්නවෝ කියන අයත් අපේ සිරි ලංකාවේ ඉන්නවා (නි)
අපේ ගම්වල කොල්ලෝ කෙල්ලෝ ලැම්බෝගිනි කාර් රේස් කලින් දැකල තිබුනේ රූපවාහිනියෙන් විතරයි. ගමේ අයට මේකට අවස්ථාව උදා කරලා දුන්නේ ගරු නාමල් මහත්තය.(බ)
වරදට දඩුවම් දිය යුතුය... අනිවාර්යෙන්ම ..හැබැයි යහපාලන හොරුන්ට දෙන දඩුවන් සගවන්නේ කිමද ? මහබැංකු වංචාවේ අතුරු පලය ජනතාවගෙන් බදු ගැසීම නම් .... මේවත් නොසොයා සිටීම මැනවි ..අපේ ජරාජීර්ණ දේශපාලකයන් මොන පක්ෂයකින් ආවද ජනතා මුදල් හොරකම් කිරීම නොනවතින බවට හොදම නිදසුන යහපාලන හොරකම් ටිකය ..(බ)
වෛරය.... ඔබ ඉවසන්න (නි)
එළකිරි (බ)
පොල් ගහන්න මගේ පුතෝ.(හේ)
සැමටම නිතිය සමාන විය යුතුයි, ඇයි මේ පවුලට විශේෂත්වයක්. පිටරට හංගල තියෙන මුදල් ගැනීමට උදව් කරනවාද. සාමාන්‍ය වැසියෙකුට මේ අවසරය කිසිසේත්ම ලැබෙන්නේ නැත. (බ)
මේ දේවල් වලින් වෙන්නේ තවතවත් රජය හෑල්ලුවට ලක්වීම සහ වැඩ බැරිකම මහජනයාට එත්තුගන්වීමයි. (බ)
සරත්, මේක අලුත් රටක් මිසක් රාජධානියක් නොවේ එහි මුදල් වල වගකීම පැවරුවට ඒවායේ අයිතිය ජනතාවටයි. ඒවා හොරකම් කළොත් ඉවරයි. සෞදියේ නම් තවත් පරිස්සමින් ධාර්මිකව බුදු වදනේ පරිදි ජිවත් වන්න (බ)
මේන්න හාමුදුරුවනේ අපෙන් පළිගන්නවෝ පා.ම මහින්ද (බ)
මෙයා ජනාදිපති වුනානම්, පියාගේ පුරුද්දත් එක්ක බාන්ධගාරය හිස්කරයි නේද? (කෞ).
වැරදි කළ අයට නිසි දඬුවම් ලබා දෙන්න.... (කෞ)
පුත් කුමාරවරු හිතාගෙන හිටියේ පිය මහරජතුමා සදාකාලිකවම සිංහාසනාරූඩ වෙලා ඉඳීවි කියලා ... දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙන බවක් හිතන්නෙවත් නැතුව ඉන්න ඇති. (බ)
පියුම්, මට හිතා ගන්න බැරි රාජපක්ෂ මන්තරේ කිව්වම රටේ ඔක්කොම ප්‍රශ්න අමතක වෙන කොටසකුත් ඉන්න එකයි. දැන් රට කේතුමතී පුරේ වගේ! (බ)
රටට මේ අය මොන තරම් ආදරේද කියන්නේ රටේම දේපල තමන්ගේ කරගන්න දැඟලුවා බාප්පලා පුතාලා ඔක්කොම.(කෞ)
තාත්තා වගේම දක්ෂ පෙරකදොරුවෙක්ලුනේ. අත උඩින් නඩුව දිනයි. (ම)
වැරදි කළා නම් දඬුවම් දෙන්න ඕනෑ. එ්ත් මේවා දේශපාලන පළිගැනීම් විතරයි. යූඑන්පී ආණ්ඩුවක් ආ හැම වෙලාවකම කළේ විරුද්ධ පක්ෂය මර්දනය කරන එක. 77 මැතිනිගේ ප්‍රජා අයිතිය නැති කළා. ජවිපෙ තහනම් කළා. මේ පාරත් කරන්නේ ඒකම තමයි. (නි)
පුහුල් හොරා කරෙන් දැනේ කියන්න වාගේ.....(හේ)
කවුරු කළත් වැරදි දෙයක් නම් වැරදියි. නැතුව මෙන්න වෛරය, පළිගන්නවා කියලා කෑගහන එක නෙමෙයි. (නි)
ඇලෙක්ස් මහත්තයෝ, අධිකරණ තීන්දුවකින් තමා කෙනෙක් වැරදිකාරයෙක් කරන්නේ. එතකන් සැකකාරයෙක් පමණයි. අපි බලමු. ඉවසන්න (නි)
ඔය දැන් ටික ටික එළියට එන්නේ. තවදුරටත් මොවුන්ට ගරු කර කර පස්සෙන් යන එකේ තේරුමක් තිබෙනවද? දේශප්‍රේමී පිරුවටයට මුවාවෙලා කරලා තිබෙන්නේ පවුල පිටින් එකතුවෙලා රට හූරා කාපු එක (නි)
රුපියල් කෝටි දොළහ හමාරක්ද? ඕක මොකක්ද ඒ කාලේ බලනකොට? (නි)
නාමල් හැර අනෙක් අයට විතරක් රටින් පිටවීම තහනම් කළේ ඇයි? (නි)
ඉන්දික, එතකොට මේවා හොයන්න එපාද? ඔයාගෙ බූදලේද? රටේ ජාතික ධනය නේද මේ? (නි)
තාම වහල්ලු වගේ අය ඉන්න බව පේනවා. හිතන් හිටියේ මේක බූදලයක් කියලා හාල් මිටියට පාන් කෑල්ලට ඉඩම් හොරට ලියවාගත්ත එකෙන් ධනය බලය ගොඩනගා ගත්ත වලව් ටිකෙන් තමා රට නිදහස් කරගන්න බැරි වෙලා තියෙන්නේ මේ වගේ අය නිසා (බ)
අර මහ බැංකුවේ මහ මංකොල්ලයට මොනවද වුණේ? (නි)
මම හිතන්නේ ඉන්දික හීනෙන් ඇහැරිලා. දේශපාලනය කරන කෙනෙක් වැරැද්දක් කරලා දඬුවම් දුන්නොත් එය දේශපාලන පළිගැනීමක් වෙන්නත් අපි වගේ සාමාන්‍ය ජනතාව වැරැද්දක් කළොත් ඒක වැරැද්දක්ම වෙන්නෙත් කොහොමද කියලා කිව්වා නම් වටිනවා. අනේ මගේ කට. (නි)
අද කාටදෝ නිදහස හම්බ වෙලාලු... අනේ හොඳයි, (ම)
මෙන්න පළිගන්නවෝ!!! දැන් කරන්න තියෙන්නේ වහාම මාධ්‍ය සංදර්ශනයක් කැඳවන එකයි (නි)
ඇලෙක්ස්, කොතැනකදිවත් ලියලා නැහැ නේද “වැරදිකාරයෙක්“ කියලා. සෞදි සරත් එයාගෙ හිතේ තියෙන ඒවටයි උත්තර ලියන්නේ (නි)
මේවා අහනකොට මට මොනවද මොනවද වෙනවා (නි)
මැති ඇමතිවරුන් පමණක් නොව ඒ අය වටේ සිටි සොක්කන්ද අල්ලා ගතයුතුයි. වැඩිපුරම වාසි ගත්තේ, තනතුරු ගත්තේ, ගෙම්බර් දැම්මේ වටේ හිටපු කට්ටිය. ඒ අය ගැන විශේෂයෙන් සොයා බලන්න. (නි)
මේ ඔක්කොම පළිගැනීම් තමයි. ආණ්ඩුවට විරුද්ධ අයට විතරනේ. කෝ අණ්ඩු පක්ෂයේ අය වැරදි කළාම මොකුත් නැහැනේ (නි)
ඉන්දික, ඔයාගේ පුද්ගලික ගිණුමෙන් ඔන්න ඕක ගෙවලා දාලා මෙයාව මේකෙන් නිදහස් කරලා දාන්න. (නි)
ගරු නාමල් මන්ත්‍රීතුමාව බේරා ගැනීමටවත්, යහපාලනයට ලකුණු ලබා දීමටවත් ජනතාව සුදානම් වියයුතු නැත. එම දේශපාලනයෙන් ජනතාව ඉවත් විය යුතුය. නීතිය නීතියක් හැටියට ඉටුකර ගැනීමේ තැන ජනතාව සිටීම රටේ අනාගතය විය හැකිය. මෙහි අදහස් දක්වා ඇති තරුණ පරපුරවත් සිටිය යුත්තේ එතන නොවේද?(අ)
රටේ සල්ලි වලට වුණ දේ හොයන එකනම් හොඳයි. (නි)
ට්‍රිෂන්, කෙළින් නොලිව්වට, නොකිව්වට අදහස පැහැදිලියි නේද? මෙවැනි දේ උසාවි වලත් පිළිගන්නවා (නි)
සෞදි සරත්, ඔබ හරියටම හරි (නි)
මම නම් මේ වැඩපිළිවෙලට කැමතියි. ඉදිරියට ප්‍රාදේශීය සභා, පළාත් සභා, මහ ආණ්ඩුවට ජනතාවට වැඩ කරන්න එන කට්ටියට මේක පාඩමක් වෙයි කියලා හිතාගෙන, කවදාහරි මිනිසුන්ගේ මුදල් ගහන එක නතර වෙන්න පොයැ. බුද්ධ ධර්මයට අනුව නම් කළ කළ දේ පල පල දේ. ගොඩක් ඇත්තෝ මෙය දන්නවා. එ්ත් අාශාව ඊට ඉදිරියෙන් ඉන්නවා (නි)
ඉන්දික, ඔබ හරි. මේ වගේ දේවල් වලින් යුක්තිය ඉටුවෙනවා කියලා හිතා ඉන්නේ පක්ෂග්‍රාහී පාක්ෂිකයෝ මිස සැබෑ ලෙස රටට ආදරය කරන ජනතාව නෙමෙයි. මේවගේ දේවල් වලින් වෙන්නේ පළිගැනීමේ සංස්කෘතිය ඉදිරියට යාමයි. (නි)
බලය තිබෙනකොට දිගට හරහට මහජන දේපොළ නාස්තිකළා. හිතුවේ නැහැ කවදාකවත් මේ වගේ දෙයක් වෙයි කියලා. දැන් බලා ඉඳිමු වෙන දේ. (නි)
බලය තිබුන කාලේ අර බලකා මේ බලකා දාගෙන කොරපු ඒවාට හරියන්න දැන් ඉතින් වින්දවමු නේද ?(කෞ)
බඩුම තමයි (අ)
බදු වැඩි කරපුව වහන්න. හරිම පැහැදිලි(කෞ)
ප්‍රනාන්දු,විජේ කියන කතාවල ලොකු ඇත්තක් තියෙනවා. ඔය ලොකු ලොක්කෝ පෙරලුන පැත්තට හේත්තුවෙලා පරණ වැරදි වහගන්නවා. වසා ගනිමින් සිටිනවා. මේ අය ගැනත් හොයන්න. හොඳ හොඳ දේවල් අනිවාර්යයෙන්ම එලියට එනවා එනවාමයි(කෞ).
ඕනෑ අයෙක් යමක් කලාද සාක්ෂි ඉතිරි වේ එය නීතියට බාරයි .(කෞ)
කරන කලට පව් මිහිරිය මිසේ.... විිදන කලට දුක් දැඩිවෙයි ගිනිසේ..........(කෞ)
නීතියට ඉඩ දෙන්න. ලෝක සම්මතය එයයි (නි)
බදු වැඩිකර අවදානය වෙන පැත්තකට . (ම)
බන්දුල පෙරේරා මහතාගේ අදහස නම් කදිමයි ලක්ෂ ගණනක් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින ඉන්දියන් සාගරයේ මතු ඇටයට. මේ දරුවන් ඇවිත් කාර් රේස් එක නරඹන විට බන්දුල පෙරේරා මහතාටත් මොනතරම් නම්බුවක්ද?(කෞ)