අල් වුකායිර් හි අතුරු මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයන්ට සහ ට්‍රක් රථ රියැදුරන්ට නොමිලේ වතුර බෝතල් බෙදා දෙන ඉන්දියානු ජාතික තරුණයකු පිළිබඳව අසන්නට ලැබේ.
ඉංජිනේරු සුපරීක්ෂකයකු වන ෂෙහ්බාස් දේශීය සමාගමක රාත්‍රි වැඩ මුරයට අනුබද්ධව සේවය කරයි. උදෑසන කෙටි නින්දක් ලබාගැනීමෙන් අනතුරුව අල් වුකායිර් හි තම නිවෙස අසළ මාර්ගයට පැමිණෙන ඔහු යම් පණිවුඩයක් ලියන ලද පුවරුවක්ද ප්‍රදර්ශනය කරමින් ජලය අවශ්‍ය අයට නොමිලේ ජලය බෙදාදෙයි.
මෙම සතියේදී ඔහු අත ඇති පුවරුවේ සඳහන් පණිවුඩය වන්නේ “ලව් අල්ලාහ්” යන්නයි. සෑම සතියකම ඔහු කුමක් හෝ අලුත් පණිවුඩයක් ප්‍රදර්ශනය කරයි. “වතුර අවශ්‍ය අයට වතුර ලබාදෙන්න මම ආසයි. ඒ නිසයි මම මේ වගේ දෙයක් කරන්නේ” අව් රශ්මිය යට සිටගෙන සිටින එම තරුණයා සිනහවකින් මුව සරසාගෙන පවසයි.
ඉදිරියේදී සිය ජලය බෙදාදීමේ කටයුත්ත දිගටම කරගෙන යාමට ඔහු බලාපොරොත්තු වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නොමිලේ වතුර බෙදන ඉන්දියානු තරුණයෙක්