අද සිව්වැනි දිනටත් බෝගම්බර හිරගෙදර වහළට නැඟ සිටිනා සිරකරුවන් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගියේය.
එක්කෝ එල්ලා මරුණු, නැතිනම් නිදහස් කරනු කියමින් මරණ දඬුවමට නියම වූ 40කට වැඩි පිරිසක් වහළට නැඟ සිටිති.
නාමල් රාජපක්ෂ මහතා පැමිණියහොත් බසින බව ඔවුහු කලින් කීහ.
බෝගම්බර සිරගෙදර ඉන් ඉවත් කැර පල්ලේකැලේට ගෙන යෑමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපේ ලංකාවට ගිය කලක්.(නදී)
හැමෝම කියන්නේ එල්ලන්න කියලා. ඒ කියන්නේ හැමෝම වක්‍රකාරව ෂරියා නීතිය පිලිගන්නවා කියන එකනේ.(නදී)
උපවාස කරපු සිරකරුවෝ නාමල් රාජපක්ෂ මහත්තයව බලාපොරොත්තුවන බව ඊයේ කියල තිබුනා. ඔවුන්ට ජනාධිපතිතුමාවයි නාමල් ඇමතිතුමා ඇරෙන්න වෙන කාවවත් විශ්වාස කරන්නේ නැහැ කියල කිව්වා.(නදී)
හල්ලෝ දිල්ෂා, මරණ දඬුවම හෝ එල්ලා මැරීම මේ රටේ අවරුදු ගානකට ඉදලා ඉස්සෙල්ලා තියන දෙයක්. ෂරියා නැතුවට වෙඩි තියල මරණ රටවලුත් තියනවා. ඔයාගේ ආගම ඔයා තියාගන්න කවලම් කරගන්න එපා. මේක සිංහලුන්ගේ රට. අනිත් අයට ඉන්න අවස්තාවත් දීල තියනවා. (නදී)
මරණෙට නියම උනේ සිල් ගන්න ගිහින් නෙවෙයිනේ. එල්ලලා මරන්නේ නැතුව රටේ ජනතාවගේ සල්ලිවලින් කන්න දෙන එකේ පව තමයි ඔය ගෙවන්න වෙලා තියෙන්නේ. කව්රු ආවත් කරපු පව් හේදිලා යනවද? මේ රටේ උසාවි පොලිසි වැඩක් නැහැ එහෙනම්. (නදී)
මිනී මැරුවානම් මරණ දඬුවම දිය යුතුමය (දිල්)
කව්රු උනත් කමක් නැහැ. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදනවා නම්. .(දී)
සමාව දීලා නිදහස් කළාම, මිනී මරුවොයි දරුණු අපරාධකාරයොයි පීඩාවට පත් පාර්ශවයට වෙන්නේ අසාධාරණයක්. (ස)
රටට මොකද වෙන්නේ? (නදී)
ඔබ තුමාගේ ජනතා සේවය ගැන ආඩම්බරයි (දී)
තරිදු මෙම අයගේ ප්‍රශ්න මොනවාද? නොමරා ජීවත්වීමට ඉඩ දීමද? (දී)
වැරදි කරලනේ හිරේ ගියේ දඩුවම් දෙන්න. එලියට දාල තව වැරදි කරන්න ඉඩ දෙන්න එපා. ඡන්දෙ ලග හින්ද එලියට දායිද දැන් නෑ.(නදී)
රන්ජිත් සිල්වා, දිල්ෂා හරි ඔයා කියන්නේ එහෙනම් මේ හිරකාරයන්ට සමාව දෙන්න කියලාද? (නදී)
ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙන මිනුස්සුම තමා ජනතාවට ඇති ප්‍රධානම ප්‍රශ්නය.(නදී)
අපේ කට්ටියල් මාළු අල්ලන ගිහින් අන්න එහා රටේ ඉන්නවා. ගිහිල්ලා උන් ටිකත් බේරාගෙන එන්නකෝ. නැත්නම් මෙහෙ ඉන්න එහා රටේ යට සමාව දීල හොඳ වැඩක් කරන්නකෝ. (නදී)
හිතවත් මැතිඳුනි, ඔබේ ඉදිරි ගමනට ලොකු කැළලක් කිරීමට මෙයට ඔබව පොළඹවා ඇති බව වැටහෙන්නේ නැත්ද? (නදී)