
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නාමල් ජනාධිපති වෙන්න හදන්නේ "අයිස්ලන්තයේ" දැයි සභානායක ප්‍රවාහන,මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
මෙවැනි ගිවිසුම් 12ක් පමණ අප පසුගිය කාලයේ සම්මත කර තිබෙනවා.එක්සත් අරාබි රාජ්‍යය සමඟ මේ ගිවිසුමට පෙර ඩොලර් මිලියන 1000ක සෘජු විදේශ ආයෝජන රටට ඇවිත් තිබෙනවා. ආර්ථිකය නන්නත්තාර ගිහිපු රටක අලුත් කණ්ඩායමක් ලෙස අප පැමිණ මේ මුදල ගෙන ඒම ගැන සතුටු විය හැකියි. ආයෝජකයන්ට හිතකර සමාජයක් ගොඩනගා ඇති බව අප ඔප්පු කර තිබෙනවා.කුඩු සංස්කෘතිය රැකපු කුඩු කාරයෝ රැකපු අය අද කුඩු ගෙනාවේ මේ ආණ්ඩුවෙන් යැයි කියනවා.නාමල් ජනාධිපති වෙන්න හදන්නේ අයිස්ලන්තයේද කියා මා අහන්න කැමතියි යනුවෙන්ද බිමල් රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර පෙරකදෝරුවා අවීචීමහා නරකාදියේ තමා ජනාධිපති වෙන්නේ.සිෂ්ට සම්පන්න නීති ගරුක රටක නම් දූෂිත පවුල් පාලනේ හැම කෙනෙක්ම මේ වෙනකොට හිරේට යවලා.
බිමල් මහත්තයෝ ඔබතිමන්ලා දුන් පොරොන්දු ඉටුවෙනවා වෙනුවට ඉතාම කෙටි කලකදී දිනෙන් දින හොර මගඩි හෙලිවෙන කොට අයිස්ලන්තය නෙමෙයි සයිබීරියාවට වත් පැනගන්න අවස්ථාවක් හදාගන්න වෙයි.
එන්පීපී නිර්ලජ්ජිත දේශපාලනඥයන් පවසන්නේ ඊබ්‍රහිම් නානා අහිංසක බවත් පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය. ප්‍රබල බෞද්ධ නායකයෙකු බලයට ගෙන ඒම සඳහා බිලියන ගණනක් ධනවත් මුස්ලිම් තරුණයින් තම ජීවිත පූජා කිරීම හාස්‍යජනකය. එන්පීපී පොලිස් අමාත්‍යවරයා නාමල් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ බවට ඉඟි කරයි. හිටපු ජනාධිපතිවරයා හැර අනෙකුත් වියදම් සම්බන්ධයෙන් අනුරගේ පෞද්ගලික සංචාරය හරි යැයි සමහරු පවසති. සමහරු පවසන්නේ 2025 ජනවාරි මාසයේදී කන්ටේනර් නිදහස් කළ බවත් බුද්ධි තොරතුරු බෙදා ගත් බවත්ය. වීරකැටිය හි කන්ටේනරය 2025 ජනවාරි මාසයේදී නිකුත් කරන ලද එම කන්ටේනර් 323 න් එකක් නොවන බව පොලිසිය පවසයි. කන්ටේනර් විමර්ශනයේදී අනුර පාලනය ගොළුබෙල්ලෙකු ලෙස ක්‍රියා කරයි.
නාමල් කෙසේ වෙතත් ඔයාලා නම් මේක අයිස්ලන්තයක් කරලයි නවතින්නේ.
මොකද අනේ ඔච්චර දුර යන්නේ ජනාධිපති වෙන්න... අර මැදමුලන කලාවේ තියන ඉලව්වේ ජනාධිපති වෙලා ඔය .. බිස්නස් කරගන්න... සුවෙන්, සනීපෙන් ඉන්න බැරිද?
.ආසියාවෙ ආස්චර්ය පෙන්වනවා කියලා,ජනතාව රවට්ටපු බලලෝබීයා පව්ලේ උන්ව කිට්ටූ කරගෙන රටට කරපු විනාසෙක තරමවත් නොතේරෙන වහල්ලූ ගැන මොන කතාද?