2016 ජූලි මස 11 වැනි දා සිට 18 දක්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශන කටයුත්තක් වන ක්‍රිෂ් සමාගම සම්බන්ධ මිලියන 70 සිද්ධියක් ගැන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නිසිලෙස පරීක්ෂණ නොකර දේශපාලන බලපෑම හේතුවෙන් තමන් බන්ධනාගාරගත කිරීමෙන් කීර්ති නාමයට හානි වූ බවත් තමන් මානසිකව හා ශාරීරිකව පීඩාවට පත් වූ බවත් කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථානාධිපති ආර්.ඒ.කේ ප්‍රේමරත්න මහතාට සහ උප පොලිස් පරීක්ෂක ශාන්ත ලාල් මහතාට විරුද්ධව මිලියන 100 බැගින් වන්දි ඉල්ලා අද වෙන වෙනම නඩු දෙකක් ගොනු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් 'බඩුම තමයි' නොවෙයි 'නඩුම තමයි' කියන්න වෙලා තියෙන්නේ. (බ)
ලාල්, ඔයා අංගොඩ හිටියට බෙහෙත් ගන්නේ නැද්ද. (බ)
මෙහි කොමෙන්ට්ස් දාන ශාන්ත, අංගොඩ ලාල් වගේ අය අන්ගොඩම තමයි යවන්න ඕන. කිසිම විනිශ්චයකින් තොරව සාහසික ලෙස මිනිස්සුනට බලෙන් වරද පටවා විලංගුවේ දැමීමට කවුරුත් විරුද්ධ විය යුතුය. සාක්ෂි ඇතිව සමහර චෝදනා ලැබූ අය යහතින් සිටින්නේ මන්ද? (බ)
ශාන්ත, කල්පනා කරන්න කාගේ හරි බොරු පැමිණිල්ලකට ඒ පැමිණිල්ලේ කාරණා සත්‍යද කියල පරීක්ෂා කරන්නේ නැතිව ඔයාව ඇත අඩංගුවට අරන් ඒ පැමිණිල්ල ඔප්පු කරන්න ඔයාගෙන්ම කරුණු ඉල්ලන එක හරි වැඩක්ද. එ්ක නීතියට එකගද. අන්න එ්ක තමයි නාමල් පොලිස් කාරයන්ට විරුද්ධව නඩු දාල තියෙන්නේ. දැන් තේරුනාද. (බ)
මේක ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් කඩවීමක් හැටියට ඉදිරිපත් කළ යුතු නඩුවක්. නමුත් ඉහත ලිපිය කියෙව්වාම තේරෙන්නේ මේක වන්දි ඉල්ලා මහේස්ත්‍රාත් උසාවියේ ගොනු කළ එකක් හැටියටයි . මොකද මහේස්ත්‍රාත් උසාවියට නිකන්ම නඩුව ගොනු කර විභාග කිරීමේදී විශාල ප්‍රචාරයක් ලබාගත හැකි වුනාට ශ්‍රේෂ්ඨාධිකරණය ට ඉදිරිපත් කළානම් විභාගයට නොගෙනම ඉවත දැමීම කියන තීන්දුව ලැබෙනවා (බ)
චෝදනා කළ පමණින් කෙනෙකු වැරදි කාරයෙකු වන්නේ නැත. චෝදනාව අසත්‍ය නම් යුක්තිය ඉෂ්ට විය යුත්තේ කාටද? (බ)
දේශයට ලැදි අනාගත නායකයන් විනාස කිරීමේ සැලැස්ම මේ (හේ)
හොද වැඩක්. බොරු චෝදනා දාලා දේශපාලන පලිගැනීම් වලට කළ යුතුම වැඩක්.(හේ)
මම නිතරම කියන දෙයක් තමයි "නයෙක් වුනත් අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ මම නයෙක් කියල,නැතිනම් හිටහන්නේ පන බයේ දුවන ගැරඩියෙක් කියලයි."(හේ)
වරදක් කරලා නැත්නම් ගත් හොඳ ක්‍රියාමාර්ගයක්. (ර)
මෙයාලා හිතාගෙන ඉන්නේ රටේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ කියලා. එහෙම හිතාගෙනයි රාජපක්ෂලා දඟලන්නේ. (නි)
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යනු හුදෙක් සද්භාවයෙන් පිහිටවනු ලැබූ නමුත් වර්තමානයේ උග්‍රලෙස දේශපාලනික අරමුණක් වෙනුවෙන් මෙහෙයවන ආයතනයක් බව අන්ධයෙකුට වුවත් පෙනෙන පැහැදිලි කරුණකි. (බ)
ශාන්ත, හා එහෙමද අදහස් වලින් පෙනුනේ? මම වැරදිද කොහෙද (නි)
වන්දි ඉල්ල එක එතුමාගේ වැඩක්. මේකෙන් තේරෙනවා මෙතුමා දේශපාලනයට වඩා තමන්ගේ පුද්ගලික වාසිය ගැන හිතන බව. රටකට මුදල් අවශ්‍යයයි. මුදල් අවභාවිතය පිළිබඳ සැකයක් තියෙනවා නම් එයට වගඋත්තර දෙන්නේ කවුද? (නි)
දේශපාලනය කරන කට්ටිය හිතාගෙන ඉන්නේ ලංකාව ඒගොල්ලන්ගේ අම්මා අප්පාගේ බූදලයක් කියලා. වැරැද්ද කාගේද? මේකේ ඉවරයක් නැහැ. අපේ දෙමාපියන් කළෙත් ඔය දේ, අපි කරන්නෙත් එ්කමයි. (නි)
කොහොම හරි වැඩේ නවත්ත ගන්න බලන්නේ (බ)
දැන් බලමුකෝ ආණ්ඩුව මෙච්චර කාලයක් කළේ ඇත්තක්ද බොරුවක්ද කියලා. (බ)
ඔය දෙගොල්ලෝ තමයි අපේ බදු මුදල් ලස්සනට පරිහරණය කරන්නේ.අනේ අපේ රටට අවංක නායකත්වයක් නැති හැටි.....(බ)
ඔන්න ඉල්ලන් කන්න යනවා කීර්ති නාමය (බ)
මේක ලකුණු දාගන්න කරන වැඩක්. මිලියන 70 ට කරපු දෙයක් ඔප්පු කළාද? එ්ක කියා ගන්න බැරි වුන නිසා නේද ඒකට නඩු දාලා තියෙන්නේ. ඉස්සෙල්ලා ඒ සල්ලි වලට කරපු දේ කියල හිටින්න නාමල් මන්ත්‍රීතුමෝ. අපි ඔටුවෝ නෙවෙයි. (බ)
මේක හරි පුදුම කතාවක්නේ , නාමල් උන්නැහේ හරි වෙනත් පුද්ගලයෙකු හරි බන්ධනාගාරගත කරන්න පුළුවන් අධිකරණයට විතරයි නේද ? එහෙම නම් ඔහු වන්දි ඉල්ලා නඩු දැමිය යුත්තේ අධිකරණයට විරුද්ධව නේද ? (බ)
තව මදි වෙලාද ? (බ)
කුම්බලා මාළු කෑවනම් විදවපන් කිව්වලු . (හේ)
ඔය කියන එෆ් සී ඩී අයි එකෙන් කරන්නේ දේශපාලන පළිගැනීම් විතරනේ,(හේ)