හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයකු වූ බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය හිමි අයෙකි.
පසුගිය සන්ධාන රජයේ න්‍යායාචාර්යවරයා වශයෙන් කටයුතු කළ ඔහු ආර්ථික සංවර්ධන අමාත්‍යංශය තම යටතට ගැනීමෙන් පසු බොහෝ ඇමැතිවරුන්ගේ ප්‍රතිපාදන ඔහුගේ අවසරයෙන් තොරව වැය කිරීමට නොහැකි විය.


COMMENTS
මොවුන් සන්තෝෂ වෙන්නේ රජකම හම්බවුණා වගේනේ. (නි)
ඇප ලැබුනත් හෘද සාක්ෂිය දන්නවා ඇති තමන් කරපු දේවල් (නි)
හොරකම් කරපු මිනිස්සු අන්තිමට එළියට එන්නේ වීරයෝ වෙලා. ඉතින් කොහොමද රටක් විදිහට ඉස්සරහට තියා පස්සටවත් යන්නේ (නි)
අපේ සමහරු දැන් හිතන්නේ මෙයා නඩුවෙන්ම නිදහස් කියලා (නි)
දැන් මේ දේවල් චිත්‍රපටියක් වගේ.(හේ)
අපේ රටේ උසාවිය ඉදිරිපිට අපි හෝන් එකක් ගැහුවොත් දඩ සහ දඬුවම්. මේ විදියට කෑකෝගසමින් පෙළපාලි යන්නේ කොහොමද? අනික මේ නිදහස් වෙලා නෙමෙයි ඇප ලැබිලා පමණි. (නි)
ඊළඟට බැසිල් එළියට. ඇතුළට කවුද? (නි)
ලංකාවේ මිනිස්සු යහපාලනයට ඡන්දෙ දුන්නේ ඇමරිකාව බලයට පත්කරන්න, නොදැනුවත්ව හෝ. (නි)
උසාවියක් ඉදිරිපිට අයුතු ජනරාශියක් සහ දේශපාලන රැස්වීමක් කෑකෝ ගැසීම් සහ හූ කීම් . මේ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට අපහාස කළ නිසා දඩ ගැසිය යුතුයි . නාමල් වාහනයක් උඩ නැගල කතාවකුත් පවත්වනන්ව . මාධ්‍යවේදීන් ඔක්කොටෝමට වඩා හපන් , රටේ නීතිය දන්නැද්ද ? (බ)
දැන් මේ දේවල් දැකලම සාමන්‍ය දේවල් වෙලා.(හේ)
දේශපාලකයන්ට වෙනම හිරගෙයක් හදන්න වෙනවා මෙහෙම ගියොත්. (නි)
දේශපාලකයන්ට වෙනම හිරගෙයක් හදන්න වෙනවා. (ම)
බැසිල් බන්ධනාගාර රෝහලට? (ම)
කොහොමද අප්පේ මෙච්චර ඉක්මනට ඇප ලැබුනේ? (නි)
අර මෙට්ටයටයි කොට්ටයටයි මොකද වුණේ? එ්ක දාලා අාවද? (නි)
ශ්‍රීමාලි, මෙවැනි මිනිස්සු ඉන්න රටකට ඉර හඳ පායන එක ගැනයි මට පුදුමේ. අපේ කරුමය තමයි. (නි)
යහපාලනය සහ යහමින් පාලනය (ම)
කමක් නැහැ පුතේ, නීතියෙන් බේරුනත් ජනතා ශාපයෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ. එහෙම නොවුණොත් ආගම දහම සියල්ලම බොරු වෙනවා. (නි)
රාජපක්ෂලාගෙන් යැපුන 1% පිරිසක් ලංකාවේ හිටියා. ඔවුන්ට රාජපක්ෂලා කියන්නෙත් දෙවිවරු. (නි)