ජාතික නාමල් උයනෙහි දැවැන්ත නා ගස් මැරී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි එහි නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසුහ.
වසර 1500ක් පමණ වයසැති මහා රූස්ස ගස් හා පුංචි ගස්ද මෙලෙස හිටි හැටියේ මැරීයාම පිළිබදව උද්භිද විද්‍යාඥයින්ගේ අවදානය යොමු විය යුතුව ඇතැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
අක්කර 972 ක පමණ වපසරියකින් යුත් මෙම නා උයන ආරක්ෂා කර ගැනීම ජාතියේ යුතුකමක් බවත් පරිසරවේදීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවත් රාහුල හිමියෝ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අර ඇහැලේපොල නිලමේගේ කතාවට සමාන එකක්ද? (බ)
රෝස තිරුවානා වල පාට වෙනස් වෙලා කියල කලින් කිව්වා නේද ? (ර)
වරින් වර නාමල් උයන ගන මතුවෙන කතා තුල නොකියවෙනකුමක්ද? දසක දෙකකට පෙර මනාව තිබු රොස තිරිවානා නිදියට මොකද වුනෙ? මානව ක්‍රියාකාරකම් වැඩිවිම මිට හෙතු නොවන්නෙද ? අපෙ උරුම දායාදයන් මුදලට අලෙවි වන වකවානුවක නාමල් උයන ගැන කවර කතාද ? (ර)
නාමල් උයනට මා පිවිසෙන්නේ මීට වසර 24කට පෙරය. ඒ ඉතාලි ජාතික සංචාරකයින් පිරිසක් සමඟය. මා එහි යනවිට ඉතා කුඩා නිවසක සිටිනා හිමිනමක් හමුවිය. එතුමා පැවසුවේ තමා මෙම කැලය රැකගන්නා බවය. නමුත් එම අදහස මා නොපිළිගත් අතර එතරම් කාලයක් මෙම කැලය ආරක්ෂිතව තිබුනේ එම ප්‍රදේශය බාරව කටයුතුකරන වන නිලධාරින්ට පින් සිදුවන්නට බව සිතුවෙමි. සැබෑව වන්නේ එයයි. අද පවතින විනාශයට මුල්වන්නේ මිනිසුන් නොපිවිසිය යුතු බිමකට දස දහස් ගණනින් ජනතාව රැස්කර තම මඩිය තරකරගත් මිනිසුන් විසින් සිදුකළ විනාශයේ ප්‍රතිඵලයි. (නි)
පිටරටකින් දීපු උපදේශයක් පිට මොනවා හරි දෙයක් කලාද? (ම)
ඒ මොකද එහෙම වුණේ? (නි)
මේ නා උයන කැලා පාලුවන්ට වනසන්න නොදී රාහුල හාමුදුරුවෝ ආරක්ෂා කරගත්තේ ජීවිත පරිත්‍යාගයෙන්... මෙය රැකගැනීම අපී ජාතියේම වගකීමක්. (ර)
ගස් මැරෙනවද එහෙම නැත්නම් කවුරුහරි මරවනවද කියලා පොඩ්ඩක් හොයන්න වෙයි. (ර)
නාමල් උයන රැක ගනිමු. (ර)
මේවා ජාන මාෆියාව නිසාත් අධික වන සංහාරය නිසා ලංකාවේ වායුගෝලයේ උෂ්ණත්වයේ ඉහළයාම නිසාත් වෙන දේවල් කියල අපට මේ වෙනකොට ඔප්පුවෙලා ඉවරයි. කිසිදුම ආකාරයේ ප්‍රතිපත්තියක්, ආකල්පයක් හෝ පරිසරය ගැන කැක්කුමක් නැති පාලකයෝ ඉන්නා තුරු මේ වෙන දේවල් නිසි අධීක්ෂණයක් සිදු නොවේ. එසේ සිදු උවත් ඒවා වාර්තාවලින් එහාට නොයයි. ලංකාව දැවැන්ත පාරිසරික විපරියාසයකට ලක්වන දිනය ඉතාමත් ආසන්න බව කිව යුතුය. (ර)
කට්ටඩියෙක් ගෙන්නවල වතුර ටිකක් මැතුරුවනම් හරිනේ. (බ)