IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නම්බුකාර කත සුපිරි වෙළඳ සැලෙන් හොදට කයි

පානදුරයේ සුපිරි වෙළඳ සැලකින්  රුපියල් එක්දාස් පන්සීයක පමණ බඩු තම අත්බෑගයේ සගවාගෙන යෑමට තැත් කලැයි කියන කතක අද අධිකරණයට ඉදිරිපත් කරණ බව පානදුර පොලීසිය කියයි.

රන් බඩුද පැළද හොදට ඇඳ පැළැද කාරයක් පදවාගෙන ආ මෙම කතට නම්බුකාර පෙනුමක් තිබු බැවින්  වෙළඳ සැල තුලට අත් බෑගය රැගෙන යාමට ඉඩදුන් බව  වෙළඳ සැල් සේවකයෝ කියති.

 



අදහස් (0)

නම්බුකාර කත සුපිරි වෙළඳ සැලෙන් හොදට කයි

අජන්ත Tuesday, 07 January 2014 03:32 PM

නම්බු කාර කමඅපි දැනගත්තා (දී)

:       0       0

සමන්ත කුමාර Wednesday, 08 January 2014 07:15 AM

නම්බුකාර කියන වචනය ඒ හැටීම ගැලපෙන්නේ නැහැ නේද (දී)

:       0       0

ආරියසේන Wednesday, 08 January 2014 08:19 AM

වාහනයකින් පැමිණියා කියලා නම්බුකාර වෙන්නේ නැහැ. අත් බෑගය ඇතුලට ගෙනයන්න ඉඩ දීම වැරදියි. නීතිය සෑම පාරිබෝගිකයකුටම පොදුයි.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 07 January 2014 09:43 AM

අද කාලේ කාර් වලින් ගියාට, හොඳට ඇඳලා උන්නට, ලොකු නිලතල දැරුවට ඒවායින් අදහස් වෙනේ නැහැ නම්බු කාර විදියට ජීවත් වෙනවා කියලා. එහෙමත් කාලයක් ඉස්සර තිබුනලු. (නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Tuesday, 07 January 2014 09:57 AM

ඇඳුම් පැළඳුම් වලින් නම්බුව මනින්න ගිහාම ඔහොම තමයි. (නදී)

:       0       0

නාලක Tuesday, 07 January 2014 09:59 AM

නම්බුකාර කම ඇඳුම් පැළඳුම් වලින් මනින සාමාන්‍ය අහිංසක මිනිස්සු තමයි ඔය පුද්ගලික ආරක්ෂක සේවා වල රැකියා කරන්නේ. දැන්වත් ඔය අහිංසක මිනිස්සුන්ට හොඳ පුහුණුවක් දෙන්න ඕන තමන් කරන රස්සාව හරියට කරන්න. ලොකු පුංචි කම් බලන්නේ නැතුව නීතිය නීතිය විදියට ඉෂ්ට කරන්න. පොඩි අහිංසක ගමේ මිනිහෙක් පන් මල්ලක් අරන් අවා නම් තමයි ඔවුනුත් පාට් දානනේ.(නදී)

:       0       0

රවීන් Tuesday, 07 January 2014 10:00 AM

ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි.(නදී)

:       0       0

සමන් Tuesday, 07 January 2014 10:19 AM

නාලකගේ කතාව හරියටම හරි. ගමේ මිනිහෙක් එහෙම ඕකට ගියා නම් හැම තැනම අතගාලා තමයි ඇතුලට යවන්නේ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 07 January 2014 09:22 PM

අපේ අය ඇදුමට රැවටුණු කාලේ ගියා. ඉන්න තරමක් හොරු මිනීමරුවෝ ඉන්නේ සුදු ඇදුමෙන් සැරසිලානේ. මෙයත් ඉමිටේෂන් පුරෝගෙන ඇතුල් වෙද්දීම සේවකයෝ දැන ගන්න ඇති.(නදී)

:       0       0

අතුල Tuesday, 07 January 2014 10:39 AM

දැන් සමහරු අදහස් දමයි මෙහෙම කරන්නේ ආර්ථික අහේනිය හින්දා කියලා.(නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 07 January 2014 10:57 AM

නම්බුකාර ඇදුම් අදින්නේ හොරුනේ. පොඩි මිනිහ පොඩි දෙයක් ගත්තම ඒක බඩගින්නට. නම්බුකාරය ගන්නේ හොර කමට. (නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 January 2014 10:06 PM

අනේ මෙයාගේ නම්බුව.(නදී)

:       0       0

ෂිහාහිර් Tuesday, 07 January 2014 11:03 AM

මේවායින් අහිංසක මිනිස්සු තමයි බැට කන්නේ.(නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 07 January 2014 10:33 PM

ලස්සනට ඇද පැළඳ ඉන්න කෙල්ලෝ තමයි විශ්වාස කරන්න බැරි (දී)

:       0       0

සුමිත් බහරේන් Tuesday, 07 January 2014 10:36 PM

එක්දාස් පන්සීයක බඩු කොහොමද අත් බෑගයක දාගන්නෙ...! පොඩි තොගයක් යැ අප්පේ...! (දී)

:       0       0

මෙන්ඩිස් Tuesday, 07 January 2014 11:47 AM

ලංකාවේ නම්බුකාර කම වැදගත් කම බලන විදිය තමයි. මගේ යාලුවෙක් ලංකාවේ ඉන්න කාලේ දවසක් ඇඳුම් ගන්න මහරගම ප්‍රසිද්ධ තැනකට ගියා. එයා ඒ වෙද්දීත් ලංකාවේ ලක්ෂ එකහමාරකට වඩා පඩි ගන්න මාස්ටර්ස් එහෙමත් කරපු ඉංජිනේරුවරයෙක්. නමුත් සාමාන්‍ය ගමනක් යනවනම් සරල ටී ෂර්ට් එකක් ඩෙනිමක් ඇඳගෙන රබර් සෙරෙප්පු දාලා යන්නේ. ටිකක් වටිනා පෙනුමක් තියන ලස්සන කලිසමක් දැකල එතන හිටපු කොලුවගෙන් ඒකෙ මැටිරියල් ගැන විස්තර ඇහුවම කොලුවා කිව්වලු "ආ මේක ටිකක් ගණන් මේ ඔපිස් මහත්තුරු අඳින ඒවා" කියල. (දී)

:       0       0

හේමන්ත ධර්මප්‍රිය Tuesday, 07 January 2014 01:20 PM

අද කාලේ ඔහොම තමා හොරුන් එන්නේ ඔය විදියට තමයි එතකොට වැඩේ ලේසි නිසා, කාටත් හොඳ පාඩම් මේවා (දී)

:       0       0

පෙරේරා Wednesday, 08 January 2014 02:49 AM

පොතක් කවරෙන් මනින්න බැහැ.(නදී)

:       0       0

බමුණු Wednesday, 08 January 2014 04:08 AM

මේක නම්බුකාරකම ඇදුමෙන් මනින අයට හොඳ පාඩමක්. උසාවියෙදීත් කියන්න හොඳට ඇඳලා ආව නිසා නම්බුකාර කමට යන්න දුන්නා කියලා. අනේ මෙහෙම මැට්ටෝ ගොඩක් ලංකාවේ තියෙන ආරක්ෂක සේවා බැළුවහම ඔය නම්බුකාර කමට යටයි.(නදී)

:       0       0

බුද්ධික Wednesday, 08 January 2014 04:21 AM

සිනාවෙන් හෝ කතාවෙන් බැ මනින්නට මිනිසා (දී)

:       0       0

වරුන Wednesday, 08 January 2014 05:54 AM

මෙහෙම කලාම කාටවත් සැක හිතෙන්නේ නැහැනේ (දී)

:       0       0

වින්ද්‍යා Wednesday, 08 January 2014 05:54 AM

නම්බුකාර කම උපරිමයි මෙයාගේ , ලැජ්ජයි (දී)

:       0       0

සුපුන් Tuesday, 07 January 2014 03:01 PM

කොහොම වුවත් දැන්නම් ලංකාවේ ඇඳුම් වලින් මිනිස්සුත් මනින ගතිය ඉස්සරට වඩා ටිකක් අඩුයි නේද? මෙන්ඩිස්, ඔබේ මිතුරාට ඔය කියන සිදුවීම වුයේ මොන වර්ෂයේදීද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site