ප්‍රවීන ගීත රචක අභාවප්‍රාප්ත අජන්තා රණසිංහ මහතාගේ දේහය අද පස්වරු 12.30 ට පමණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ගෙන එනු ලැබීය.
රාජ්‍ය නායකයෝ ද, කලා කරුවෝ ද, රණසිංහ මහතාට අවසන් ගෞරව දැක්වූහ.
බොරැල්ල කනත්තේ දී දහසම් ගණනකගේ සෝ සුසුම් මැද අජන්ත රණසිංහ කලා කරුවා මළ හිරු බැසයන්නට හෝරා කිහිපයකට කලින් දැයෙන් සමුගත්තේය.
මෛත්‍රීපාල සිරිසේන ජනපති ද, රනිල් වික්‍රමසිහ අගමැති ද, මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද අජන්තා රණසිංහ මහතාට අවසන් ගෞරව දැක්වීමට එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - ඉසංක සුනිමල්
ඡායාරූප - ඉෂාන් සංජීව










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හිතට සමීප කලකරුවන් ටික ටික අපෙන් වෙන්වෙලා යනවා. 70, 80 දශක ඔබ අපව ජීවත් කළා. ඔබට තුති! තවත් කාලයක් ඔබේ නිර්මාණ අපිත් එක්ක නවතීවි (නි)
මළ හිරු බැහැගෙන යන්නට කිට්ටු වෙනවා. ඉතින් ඔබත් අපෙන් ඈත් වෙලා යන්න යනවා. නමුත් දක්ෂ කලාකරුවාණෙනි, ඔබ අපගේ සිත් වලින් කවදාවත් ඈත්වන්නේ නැහැ. ඔබට නිවන් සුව පතමි (නි)
සොදුරු පද වැල් වලින් අපහද අානන්දය කරා ගෙන ගිය සොදුරු මිනිසානණි ඔබට නිවන් සුව අත් වේවා.(හේ)
අවසන් වරට අප ඔබ දුටුවා සිහිනයකි රෑ තුලින්. රුපවාහිනියට මහේෂ් නිශ්ශන්කට ගොඩක් පින්. කලාකරුවණනි ඔබට නිවන් සුව පතමි.! (ර)
ගීතය මේ යැයි අපට ලියා පෙන්වූ කලාකරුවාණන්ට නිවන්සුව පතමු.! (ර)
සුන්දර ලෙස ඔබේ ජීවන ගීතය ලියා නිමකර යන්නට සැරසෙන හද දිනු අපගේ සොඳුරුම මිනිසා.... ඔබ වේ මැතිදුණි මතකයේ රැව්දෙන.... ලස්සන පද වැල් එකිනෙක අමුණා, ගීයක් ලෙස අප සවනේ රඳවා, මතකය පමණක් හද තුළ අතුරා, නියත ගමන යයි කඳුලැලි පුරවා.... (නි)