ප්‍රවීන ගීත රචක අභාවප්‍රාප්ත අජන්තා රණසිංහ මහතාගේ දේහය අද පස්වරු 12.30 ට පමණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ගෙන එනු ලැබීය.
රාජ්‍ය නායකයෝ ද, කලා කරුවෝ ද, රණසිංහ මහතාට අවසන් ගෞරව දැක්වූහ.
බොරැල්ල කනත්තේ දී දහසම් ගණනකගේ සෝ සුසුම් මැද අජන්ත රණසිංහ කලා කරුවා මළ හිරු බැසයන්නට හෝරා කිහිපයකට කලින් දැයෙන් සමුගත්තේය.
මෛත්‍රීපාල සිරිසේන ජනපති ද, රනිල් වික්‍රමසිහ අගමැති ද, මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද අජන්තා රණසිංහ මහතාට අවසන් ගෞරව දැක්වීමට එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - ඉසංක සුනිමල්
ඡායාරූප - ඉෂාන් සංජීව
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
"නාමෙන් ඔබේ මා ළයේ වේදනාවෝ : කම්පාව හඬනා වූ යාමේ"
ඇන්ජලෝ Tuesday, 01 March 2016 12:55 AM
අපේ හිතට සමීප කලකරුවන් ටික ටික අපෙන් වෙන්වෙලා යනවා. 70, 80 දශක ඔබ අපව ජීවත් කළා. ඔබට තුති! තවත් කාලයක් ඔබේ නිර්මාණ අපිත් එක්ක නවතීවි (නි)
ගුණවර්ධන Monday, 29 February 2016 02:37 PM
මළ හිරු බැහැගෙන යන්නට කිට්ටු වෙනවා. ඉතින් ඔබත් අපෙන් ඈත් වෙලා යන්න යනවා. නමුත් දක්ෂ කලාකරුවාණෙනි, ඔබ අපගේ සිත් වලින් කවදාවත් ඈත්වන්නේ නැහැ. ඔබට නිවන් සුව පතමි (නි)
අනුරුද්ධිකා Tuesday, 01 March 2016 05:06 AM
සොදුරු පද වැල් වලින් අපහද අානන්දය කරා ගෙන ගිය සොදුරු මිනිසානණි ඔබට නිවන් සුව අත් වේවා.(හේ)
ජයන්ත දසනායක Monday, 29 February 2016 11:19 AM
අවසන් වරට අප ඔබ දුටුවා සිහිනයකි රෑ තුලින්. රුපවාහිනියට මහේෂ් නිශ්ශන්කට ගොඩක් පින්. කලාකරුවණනි ඔබට නිවන් සුව පතමි.! (ර)
ආනන්ද ආර් Monday, 29 February 2016 05:04 PM
ගීතය මේ යැයි අපට ලියා පෙන්වූ කලාකරුවාණන්ට නිවන්සුව පතමු.! (ර)
ලසන්ති Monday, 29 February 2016 09:04 PM
සුන්දර ලෙස ඔබේ ජීවන ගීතය ලියා නිමකර යන්නට සැරසෙන හද දිනු අපගේ සොඳුරුම මිනිසා.... ඔබ වේ මැතිදුණි මතකයේ රැව්දෙන.... ලස්සන පද වැල් එකිනෙක අමුණා, ගීයක් ලෙස අප සවනේ රඳවා, මතකය පමණක් හද තුළ අතුරා, නියත ගමන යයි කඳුලැලි පුරවා.... (නි)