IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


නමගිය අපරාධකරුවෙක් ඇතුළු 5ක් පොලිස් දැලේ

(එස් හේරත්)

වෑන් රථයකින් කිසියම් අපරාධයක් සඳහා  යමින් සිටි  දිවයිනේ නම ගිය අපරාධකරුවකු සහ  තවත් සැකකරුවන් පස් දෙනෙක් සමග විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් ඇතුළු අවි ආයුධ තොගයක් මාදම්පේ පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.‍

කිසියම් අපරාධයක් සඳහා යාමට සූදානම් වන පිරිසක් පිළිබඳව මාදම්පේ පොලීසියට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාදම්පේ මැදගම මාර්ගයේ මාර්ග බාධක යොදා ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙමින් සිදුකරන ලද පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් සමග අදාල වෑන් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ෙවෑන් රථයේ ලාච්චුවක තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත් බබෝම්බයක් මුලින්ම  පොලිසියට හමුවී ඇත. වෑන් රථය වැඩිදුර පරීක්ෂා කිරීමේදී එය තුළ තිබී තියුණු කඩු 06 ක් දිග අත් පිහියක් වක් කැති 03  ක් හෙරොයින් මිලිග්‍රෑම්  5400 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

වෑන් රථයේ සිටි පිරිස අත්අඩංගුවට ගෙන  මාදම්පේ පොලිසිය වෙත ගෙනැවිත් ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් අතර දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු මෙන්ම ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන දුමින්ද චතුරංග හෙවත් විලත්තව වැලි රංග නමැති 40 හැවිරිදි පුද්ගලයාද සිටිනා බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන  ඇත.

 

 



අදහස් (0)

නමගිය අපරාධකරුවෙක් ඇතුළු 5ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩයනාට රූපවාහිනියෙනුත් නඩු
2024 මැයි මස 11 600 0

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එ


ජේෂ්ඨ පුරවැසියන්ට සුභ ආරංචියක්
2024 මැයි මස 11 1103 1

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකිරීමට මුදල් රාජ්‍ය මාත්‍ර රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.


ලැට්වියාවට පනින්න ගිය පහක් අල්ලයි
2024 මැයි මස 11 927 1

ලැට්වියා දේශසීමාව හරහා නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු පසුගිය අටවෙනිදා අත්අඩංගුවට ගත් බව එරට දේශ


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ධම්මික?
2024 මැයි මස 11 1647 7

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් ස


මංගල සාදයට ගොස් එද්දී අනතුරක්:අයෙක් මරුට නවයක් රෝහලට
2024 මැයි මස 11 1611 1

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් දඹුල්ල දිගම්පතහ අතරමැදී කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව එක


මළමිනී පිටේ බැඳන් යන බෝඩා බෝඩා
2024 මැයි මස 11 2861 1

අප්‍රිකා රටවල කුලී රථ ලෙස බහුලව ඇත්තේ යතුරුපැදිය. කොංගෝ රාජ්‍යයේ මෙම යතුරුපැදිකරුවන් හැදින්වෙන්නේ බෝඩා බෝඩා යන නමිනි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 596 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2099 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1826 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site