පළාත් අධ්‍යාපන ගැටළු තිබියදී බස්නාහිර හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යවරු ගුරුවරියන්ගේ හා නැටුම් විෂය හදාරන සිසුවියන්ගේ නාභිය පෙනෙන සේ ඇදුම් ඇඳීම හා දුරකථන ඇමතුම් පාලනය කිරිමට යාම ගෝත්‍රික දැනුමෙන් අදහස් ප්‍රකාශ කර ප්‍රසිද්ධියක් ලබා ගැනීමක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
පාසල් වලට උද්ගත වි ඇති ප්‍රශ්න නාභිය පෙන්වා ඇදුම් ඇඳීම ද පාසල තුළ දුරකථන භාවිතයද නොව ගුරු වැටුප් වැඩි කිරිමේ විෂමතා, උසස්වීම් වසර ගණනකින් ලබානොදීම, ගුරු මාරු ප්‍රතිපත්ති හා පාසල් පංති කාමර සෑදිමට පාසල් වල මුදල් එකතු කිරිම් ආදිය බවද ඔහු කියයි.
නාභිය පෙනෙන ලෙස සාරිය ඇදිම හා දුරකථන භාවිතය කිසිදු ගැටලුවක් මේ දක්වා නොතිබුනු බවත් එය එම ගුරුවරුන්ගේ සිමිත නිදහස නැති කිරිම බවත් පසුගිය කාලයේ මෙවන් අදහස් ප්‍රකාශ කළ ජෝකර්වරු සිටි බවත් ඔවුන් ජනයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් තමන්ගේ දැනුමට නොගැලපෙන අමාත්‍යකම් යහපාලන රජය මගින් ලබා දිම විහිළුවක් බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මානසික ලෙඩ්ඩු,(ම)
දියවන්නාවේ මහා එකාගේ ඉදල පොඩි එම දක්වා හරි හමන් අධ්‍යාපනයක් නැති එවුන් ඉතින් කොහොමද රටක් පාලනය කරන්නේ. අ.පො .ස (සා/පෙ) සමත් නැති ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද. (බ)
ලංකාව මුලධර්මවාදී රටක් නොවන බව මේ දේශපාලඥයෝ වගබලා ගත්තොත් හොදයි.(ම)
අපි නොමිලේ ප්ලාස්ටර් බෙදමු නටන කොට නාභිය උඩින් අලවගන්න. අනේ මෙහෙම මෝඩ උන්දලා. (ම)
ගුරු සංගමේ ලේකම්ගේ කතාවේ හැටියට පාසල් වල තියෙන ලොකුම ප්‍රශ්න එයාලගේ වැටුප් වැඩි කිරීම් සහ උසස්වීම් ලබා නොදිමයි. අනේ මෙහෙමත් මිනිස්සු. (බ)
මේක අන්තවාදී රටක් නෙමෙයි. මෙච්චර කාලෙකට නොතිබ්බ ගුරුවරියන්ගේ නාභිය දැන් ප්‍රශ්නයක් වුනේ කොහොමද. ඔහොම ඔහොම ගිහින් මුළු ඇඟම වහන්න වෙයි අපේ සහජීවන සහෝදරියන්ගේ වගේ (බ)
මොනා උනත් හොඳ තීරණයක්. හොඳ වැඩක් කරනකොට හොඳයි කියන්න පුරුදු නැති හැටි. (ර)
මේ පළාත් අධ්‍යාපන ඇමැති උෟවේ මොන්ටිසෝරියක දාල පොඩිවට ට්‍රේනින් කළොත් හොඳා. මෝඩකම අඩුවෙන්න. (බ)
සීගිරි අප්සරාවන්ටයි ඉසුරු මුණියේ ඉන්න කාන්තාවටයි දැන් මොකද කරන්නේ. පොඩි ලමයි සහ වයසක අය නරක් වෙන නිසා ඒවටත් මොනවා හරි කරන්න වෙනවා. (බ)
රටේ වෙන කරන්න වැඩ නැතුවටද මේ. (ර)
නාභිය පෙනුනයි කියලා මොකක්ද කඩවෙන විනය. අපේ ටීචර්ලා ගොඩ දෙනෙක් ඇන්දා. අනේ අපේනම් කඩවුණු විනයක් නැහැ. අපි යසට ඉගෙන ගත්තා. (ර)
ශානිකා ...පාසල්වල,දරුවන්ගේ,හා පාසල් පරිපාලනයේ මොන තරම් ගැටළු තිබුනත් ඊට වඩා එතුමන්ලාගේ ගැටළු වලට තමා මුල්තැන දෙන්නේ..ඒක නිසානේ මෙපමණ ටියුෂන් කඩ රට පුරා ඇතිවෙලා තියෙන්නේ.....අනික පාසල් දරුවන්ට කොහොමටවත් පාසල් තුළට දුරකථන අවශ්‍ය නැහැ ...ගුරුවරුන්ගේත් රාජකාරී වේලාවන්වල දුරකථන ඇමතුම් වලට යම් සීමාවක් දැම්මට වරදක් නෑ මොකද ඇසල කියන විදියට ළමයි හරියට ඉගෙන ගන්නේ නැතුව අන්තිමට පාර්ලිමේන්තු ගියත් එකටත් මුල හරියට උගන්වපු නැති ඒක නේද?අනුරලා හිතන විදියේ එදා තිබු සමාජය අදත් තියනවනම් අපි හරි වාසනාවන්තයි ...එදා පොඩි ළමයින්ට සහ වයසක අයට කරදරයක් නැතුව රටේ ඕනෑම තැනක ගිහින් මග වැරදුනොත් කාගේ හරි උදව්වෙන් එන්න පුළුවන්කම තිබුන එ්ත් අද? දින කීපයකට පසු විකෘති කාමුකයෙකුගෙන් විනාශවූ නිරුවත් මළ සිරුර විතරයි දකින්න වෙන්නේ ...මේකද ....සමාජයේ දියුණුව?නව තාක්ෂණයේ ප්‍රතිපල? (බ)